ජමිලා හුසේන් (ඬේලි මිරර්)
ඉදිරි සති කිහිපය තුළදී මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් කිරීම නැවැත්වීමට ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගනු ඇතැයි දැනගන්නට ලැබේ.
චීන සමාගමක් විසින් මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගය ඉදි කරනු ලැබූ අතර එම මාර්ග නියමිත ප්‍රමිතීන්වලට අනුකූල නැතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
එම චීන සමාගම දුම්රිය මාර්ග ඉදි කිරීම සම්බන්ධයෙන් කිසිදු පූර්ව අත්දැකීමක් නැති සමාගමක් බවත් මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගය ඉදි කිරීම සම්බන්ධ ව්‍යාපෘතිය පිළිබඳ විමර්ශනයක් කිරීමට කමිටුවක් පත් කිරීමට නියමිත බවත් වාර්තා වේ.
මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගය දිගින් කිලෝමීටර් 26.75 ක් වන අතර එය පසුගිය අප්‍රේල් මාසයේදී මහජනතාවට විවෘත කළ අතර එතැන් සිට මේ දක්වා ගෙවී ගිය කෙටි කාලයේදී දුම්රිය පාලම්වලින් එකක ඉරි තැලීමක් ද දුම්රිය ගොඩනැගිල්ලක සීලිමක් කඩා වැටී ඇති බවත් දැනගන්නට ලැබේ.
පූර්ණ විමර්ශනයක් කර දුම්රිය මාර්ග නියමිත ප්‍රමිතීන්වලට අනුකූලද නැද්ද සොයා බලන තෙක් නව දුම්රිය මාර්ග භාවිත කිරීමෙන් වැළැකී සිටින්නැයි ද ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය සතියේදී දුම්රිය බලධාරීන්ට උපදෙස් දී තිබේ. දුම්රිය මාර්ගය ඉදි කිරීමේ අක්‍රමිකතා සම්බන්ධයෙන් මගීන්ගෙන් පැමිණිලි ලැබී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
දුම්රිය ඉදි කිරීමට මූල්‍ය ප්‍රතිපාදන ලබා දී ඇත්තේ චීනයේ එක්සිම් (එක්ස්පෝට්-ඉම්පෝට්) බැංකුව වන අතර කොන්ත්‍රාත්තුව බාර දී ඇත්තේ චීනයේ ‘චයිනා නැෂනල් මැෂිනරි ඉම්පෝට් ඇන්ඞ් එක්ස්පෝට් කෝපරේෂන්’ සමාගමටය.
ඉදි කිරීමේ කටයුතුවල වැඩි හරියක් කරන ලද්දේ චයිනා රේල්වේ ගෘප් 5 (සී.ආර්. 5) සමාගම සහ ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයයි.
මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගය 1948 න් පසු ශ්‍රී ලංකාවේ ඉදි කරන පළමු දුම්රිය මාර්ගය වන අතර මෙම දුම්රිය මාර්ගය ශ්‍රී ලංකාවේ දීර්ඝතම උමඟෙන් සහ දෙවැනි දීර්ඝතම දුම්රිය පාලමෙන් සමන්විතය. දීර්ඝතම උමඟ කිලෝමීටර 1.5ක් වන අතර දෙවැනි දීර්ඝතම දුම්රිය පාලම කිලෝමීටර 1.04ක් වේ.
ශ්‍රී ලංකාවේ උසම දුම්රිය පාලම්වලින් එකක් ද මෙම දුම්රිය මාර්ගයේ පිහිටා ඇත. මෙරට දුම්රිය උමං මාර්ගය මෙන්ම මෙරට නවීනතම දුම්රියපොළ ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ ද මාතර සිට බෙලිඅත්ත දක්වා දිවෙන දුම්රිය මාර්ගයේය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනෙන් කලා නම් අහන්ඩ දෙයක් නැහැ චිනෙම පාරවල් ගිලාබහින කොට.
මේ දුම්රිය මාර්ගය විවෘත කරන්න ගිහින් මතබේදයක් ඇතිවෙලා දේශපාලන පක්ෂ දෙකක පතාක යෝදයෝ දෙන්නෙක් දෙපාරකට විවෘත කළා මට මතකයි. මේවා පොර කකා විවෘත කරන්නේ දේශපාලන වාසි ගන්න මිසක් වෙන දෙයකට නොවේ. දැන් මේ ප්‍රමිතියෙන් තොර දුම්රිය මග ඉදිකිරීමට පළපුරුද්දක් නැති චීන සමාගමට කොන්තරාත්තුව භාර දුන්නේ කාගේ නියෝගයක් මතද කියල ජනතාවට දැනගන්න ලැබේවිද? ලංකාවේ ජනතාව තරම් දේශපාලඥයින්ට රැවටෙන තවත් ජනතාවක් ලෝකෙටම ඉන්නවද කියලා හිතන්න අමාරුයි.
මේ ව්‍යාපෘතිය සෑහෙන කාලයක් ප්‍රමාද වෙන්න හේතුව චීන කොන්ත්‍රාත්කරුගේ නොහැකියාව, අත්දැකීම් නැතිකම තමයි. මේ තත්වය චීන ව්‍යාපෘතිවල පොදු තත්වයක්. මේ දුම්රිය ව්‍යාපෘතියේ පස් වැනි ලෙවෙල් එකට වෙනකන් උප කොන්ත්‍රාත් දීපු අවස්ථා තියෙනවා. ඒ කියන්නේ මුල් සමාගම ව්‍යාපෘතිය ගත්තේ අධික ලාභයක් තියා ගෙන. මාතරින් එහාට යන හයිවේ එකෙත් මේ තත්වෙ තියෙනවා. compact කරන්නෙ නැතිව පාර හදපු තැන් ඒකේ තියෙනවා.
චීන්නු හදන පාරවල් ගැන මොන කතාද? මහන ඇදුමේ බොත්තම ෂර්ට් එක ගත්ත දාට පසුද ගැලවිලා අතට එනවා. අනෙකුත් ව්‍යපෘති මේ අයට දෙනවානම් දෙපාරක්ම සිතන්න වෙනවා. දුප්පත් රටවල් නිසා සල්ලි නැති එක්ක ඇත්ත. නමුත් පේනවා නේද පල විපාකය මේ රේල් පාරෙන්ම. ඕකයි ඇත්ත
රනිල්-මෛත්‍රි යුගලය කෙරුවොත් වැඩක් ඔහොමමයි.
බලමු මේකෙ වගකිම කාටද කියලා
පෙනවනේද මේ රටේ බදුගෙවන අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලට මොනතරම් අපරාදයක්ද සිද්ධ වෙන්නේ කියලා. හොදට හොයලා බැලුවොත් අපේ කාටහරි ලොක්කෙකුට මේකෙන් ලොකු කුට්ටියක් යන්න ඇති. අපේ රටේ ඉන්න තිරිසන් ගති තියන මිනිස්සු තමන්ගේ සාක්කුවට කීයක් හරි වැටෙනවානම් ඕන දෙයක් විකුනාවී.
ඇයි මේ එක පාර්ශිකව චෝදනා එල්ල කරන්නේ. වගකීම් පැහැර හැරීමක් සිදුවී නොමැතිද ? ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය කියන්නේ චීනයේ ආයතනයක්ද? නැතිනම් ලංකාවේ ආයතනයක්ද? නිසි ප්‍රමිතියට (quantity surveyor ) අනුව කාර්ය කෙරෙනවාද කියලා සොයා බැලීමේ වගකීම පැවරෙන්නේ කාටද? අනික සියලු ඉංජිනේරුමය කර්යන්වලදී පොඩි පොඩි පසුබෑම් සිදුවීම සාමාන්‍ය දෙයක්. අලුතින් ගෙයක් සාදන ඕනෙම කෙනෙකුට මේ කාරණය ගැන හොඳ වැටහීමක් ඇති.
1948 ට පසුව අරුවක්කාලු වලට දුම්රිය පාරක් දාලා තියෙනවා.
මෙහෙ මෙහෙමනම් චිනේ කොහොම ඇත්ද?
රටේ අනිත් පැති වල යන්නේ ජපානයේ කෝච්චි වෙන්න ඇති. ආයේ ඔපන් කරන්න ඕන ඇති.
අනේ අපි ඔය චීන කම්පැනි හා ලංකාවෙ දේශපාලනය ගැන දන්නෙ නෑ. දේශපාලන වාසියක් ගන්න අදහසක් නැතිනම් ලංකාවෙ චීන්නු හදන හැම ව්‍යාපෘතියකම තත්වය හොයන විදියක් තිබුනොත් හොඳයි නේද? ලංකාවේ ව්‍යාපෘති බහුතරයක් දැන් චීන්නුනෙ කරන්නෙ.
මේවා දේශපාලන වාසි තකා කරන මෝඩ වැඩ. එහෙනම් චීනා හදපු පාරවල් ගැන මොන කතාද. දැනටමත් හුගක් තැන් වල වතුර පිරෙනවා වැහිදාට මේවයේ යාම අසීරුයි. මේක මුල් ගල තිබ්බේ මහින්ද කියලා, විවෘත කල යුත්තේ මහින්ද කියලා දෙපාරක් මේක දෙන්නෙක් විවෘත කරා. බොරු වැඩ කරන්නේ නැතුව තියෙන ප්‍රශ්න විසඳලා මහජනයාට සහනයක් සලසන්න බෙලිඅත්තේ සිට මාතරට එන්න යන්න . මහජනයා මුලා කරන්න එපා, දැන් හොඳටම ඇති .
කාර්යාල දුම්රිය නවැත්තුවම අපි වෑඩට යන්නෙ කොහොමද? ආයෙත් පාරක් ඔපන් කරන්න ඔනෙ වෙලා වගේ.
දුම්රිය මාර්ගයේ ඇතිවෙලා තියෙන අවුල මොකද්ද? ලංකාවේ තියෙන අනෙක් සෑම දුම්රිය මාර්ගයකටත් වඩා මේ මාර්ගයේ දුම්රිය බෙහොම ස්මූත්වට රන් වෙනවා. මටනම් පේන්නේ අමරවීර සහ පිරිසට වැඩේ ඉවර වුනාට පස්සෙත් නැවත කාටහරි කොන්ත්‍රාක් දෙන්න උවමනාවක් තියෙනවා වගේ. මාර්ග ඉදිකිරීමක් වගේ ලොකු ව්‍යාපෘතියකදි ඉදිවෙන කොන්ක්‍රිට් ප්‍රමාණය විශාලයි. එයින් එකක ඉරිතැලීමක් ගියා කියලා සම්පූර්ණ පාරම වහල අල කරන එක මෝඩ වැඩක්.
ලැජ්ජාව වහ ගන්න මෙචර දවස් දුවපු දුම්රිය නවත්වලා ලෝකෙටම බෙර ගහල විවෘත කරාවි.
පොර කකා පීත්ත පටි කපන්න දගලපු කට්ටිය මේ වගකීම් බෙදා ගන්නත් පොර කෑව නම් තමයි හොද..
"අප්‍රේල් මාසයේදී මහජනතාවට විවෘත කළ අතර එතැන් සිට මේ දක්වා ගෙවී ගිය කෙටි කාලයේදී දුම්රිය පාලම්වලින් එකක ඉරි තැලීමක් ද දුම්රිය ගොඩනැගිල්ලක සීලිමක් කඩා වැටී ඇති බවත් දැනගන්නට ලැබේ." ඔලුව හොඳ නැතිද? සිවිලිමක් කඩා වැටුනට දුම්රිය නවත්වන්න. අනික මගී පර්යන්ත ගොඩනැගිලි වල සිවිලින් නෑ. කරන පරීක්ෂණයක් කරගන්න දුම්රිය නවත්වන්නේ නැතුව.
ලංකාවේ රේල් පාරවල් වලින් "ඩකස් ඩොකොස්" සද්දේ නැතිව ගැස්සෙන්නේ විසිවෙන්නේ නැතිව යන්න පුළුවන් එකම පාර. ලෑන්ඩ් ක්රූශර් නැති, විශාල මහජන පිරිසකගේ දිනපතා ගමන් මාර්ගයක් වහන්න කලින් විකල්ප ක්‍රම ගැන හොයල බලන්න.
මීරිගම හා ගම්පහ දුම්රිය වේදිකා කොන්ක්‍රීට් කරදී දුම්රිය මාර්ගය වසා දමා මුක්කු ගැසූ කාලය මතකද? අද දින මම දුටුවා දෙමටගොඩ දුම්රිය ස්ථානයේ අනතුරු අඟවන බෝඩ් එකක් " මිනිසුන් උඩ වැඩ වේදිකාවේ ගමන්කිරීම තහනම් " යනුවෙන් එසේනම් මගීන් දුම්රියට නගින්නේ හා බහින්නේ දුම්රිය මාර්ගයේ සිටද ?
බස් ගැමුණු, පාට වෙනස්කරන කොට අපි හිතුවා...
මම නම් දන්නේ නැහැ... මේකේ ප්‍රමිතිය දැන් අවුරුද්දක් විතර දුම්රිය නම් දිව්වා. එ්ත් පුද්ගලික බස් හිමියන් නම් මේකට පුදුම අකමැත්තක් තියෙන්නේ අනෙක චීන්නු මොකක් කළත් මධ්‍යම උපදේශක කාර්යාංශයේ අධීක්ෂණයක් තිබුණා. මේ දුම්රිය කිසි ලෙසවත් නවත්තන්න එපා.
චීනේ ණය, චීනේ සමාගම්, චීනේ සේවකයෝ, චීන උපකරණ, චීන කොච්චි... අන්තිමේදී පාරත් වහලා. ඒත් ගෙවන්න ඕනේ අපි. කොහොමද රාජපක්ෂ යුගයේ සංවර්ධනය...