
(අජිත්ලාල් ශාන්තඋදය)
මරණීය දණ්ඩනය නියමවී බන්‍ධනාගාරගතව සිටින ප්‍රේමලාල් ජයසේකර මහතා අභියාචනාධිකරණයේ අතුරු නියෝගයක් අනුව පාර්ලිමේන්තුවට පැමිණ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් අවස්ථාවේ රත්නපුර, කුරුවිට, නිවිතිගල ආදි ප්‍රදේශවල ඔහුගේ ආධාරකරුවෝ රතිඤ්ඥා දල්වා ඒ සතුට සැමරූහ.
ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දිව්රුම් දුන් බව සැලවීමත් සමගම ඔවුහු මෙසේ රතිඤ්ඤා දැල්වූහ.
පසුගියදා පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් රත්නපුර දිස්ත්‍රික්කයට තරග කළ ප්‍රේමලාල් ජයසේකර මහතා මනාප ඡන්ද 142,037ක් ලබාගෙන ලැයිස්තුවේ දෙවැන්නා බවට පත්විය. නාමයෝජනා දෙන විට ජයසේකර මහතාට මිනීමැරුම් නඩුවේ තීන්දුව දීමට නියමිතව තිබුණි. ඡන්දයට පෙර එහි තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණ අතර ඉන් ඔහු වරදකරු විය. ඔහුට මරණීය දණ්ඩනය නියම විය.
එහෙත් මැතිවරණයේ දී ඔහුට මනාප ලබාදී තිබීම හේතුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් ප්‍රේමලාල් ජයසේකර මහතා මනාප ඡන්ද ලබා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට සුදුසුකම් ලබා ඇති බව නිවේදනය කර තිබුණි.
(ඡායාරූප -සම්පත් ප්‍රියනන්දන - නිවිතිගල ආසනයේ ජනතාව)


COMMENTS
මෙතුමාට ජනාධිපති සමාව දුන්නානම් ඉවරයිනේ.
රත්නපුරේ දැන් මැණික් නැහැ, නිකන් බොරලුයි කළුගලුයි විතරයි.
මිලේච්ඡ යුගයක්
ශ්රී ලංකාවේ සිටින" බයියෝ " නම් ගෝත්‍රිකයින්ගේ උත්සවයක්...!!!
අනේ මෙහෙමත් ගොන් රැළක්. දැන් දේශපාලනයක් නැහැ. උගත්කමක් නැහැ. කතිර ගහන්නයි, මිනීමරුවන් පාර්ලිමේන්තු ගියාම කිරිබත් කන්නයි විතරයි දන්නේ...
මේ වගේ බත්බැලයින් ඉන්නකම් අපි ගොඩ හාමුදුරුවනේ...
මේ රටේ පිළිවෙලින් ලක්ෂ 69ක් සහ 68ක් ඡන්දෙ දුන්නේ මේ රට කාලකන්නි රටක් කරන්නද? පුදුම කලකිරීමක් ඇතිවෙන්නේ මේ රට ගැන, ඇයි මිනිස්සු නීතියට මේ තරම් නිගරු කරන්නේ...
මරණ දඬුවම නියම වී ඇති සියළුම අපරාධකාරයින් හට මැතිවරණ වලට ඉදිරිපත් වීමට අවස්ථාවක් ලබා දී, ඔවුන් මනාප සැලකිය යුතු ප්‍රමාණයක් (උදා. 100,000 ට වඩා) ලබා ගන්නේ නම් එම දඬුවමින් නිදහස් කර රජයේ ඉහළ තනතුරුවලට පත් කිරීමට හැකි වන පරිදි 20 වන සංශෝධනයට වගන්තියක් එක් කරන්නේ නම් ආණ්ඩුවේ අපේක්‍ෂා ඉටුකර ගැනීම පහසු වනු ඇත. එවිට දුරකථන පක්‍ෂයේ සහයෝගයද ලබා ගෙන 5/6 කින් එය සම්මත කර ගැනීමට හැකිවනු ඇත.
මෙම පින්තූරවල ඉන්නේ ලක්ෂ 69 බුද්ධිමත් ජනතාවගෙන් ඉතා සුලු කොටසක් බව කරුණාවෙන් සලකන්න.
මේ අර ගුරුතුමාගේ ගම් පළාත නේද?
මේක තමයි 68 ලක්ෂයකගේ මානසිකත්වය. රටක්, ජාතියක් හැටියට නිවැරැදිව ගොඩනැගෙන්න නෙමෙයි. අනවශ්‍ය සතුටක් භුක්ති විඳලා තමනුත් දුක් විඳලා දරු මුණුපුරන්ටත් ඒ දුකම උරුම කරලා මැරිලා යන්න ආපු මිනිස්සු. ලංකාව කවදාවත් හැදෙන්නේ නැහැ. දවස ගානේ වලපල්ලටම යනවා විතරයි..
මෙහෙම පුද්ගලයෙක්ට ඡන්දය දුන්නු මිනිස්සු එහෙම දෙයක් කළාම හිතන්න දෙයක් නැහැ. ඒ රත්නපුරේ ඡන්දෙ දුන් මිනිස්සුන්ගේ උගත්කම... ප්‍රතිඵල ඉදිරියේදී ජනතාවට ලැබෙයි.
අපේ රටේ මේ වගේ අය ඉන්නකම් මේ රට ජනපතිට තියා සක්කරයාටවත් හදන්න බැහැ. හරිම දුකක් දැනෙන්නේ...
මොනවා වුණත් මාධ්‍ය නම් මෙහෙවර හරියටම කරලා තියෙනවා. පොහොට්ටුවන්ගේ සුපුරුදු මාකටින් පාර හොඳටම කරගෙන තියෙනවා. හරිම ආදර්ශමත්...
තේරුමක් නැති, නිෂ්ඵල උපසර්ග තමයි මේවා...!!!
මේ අය පුත්තලමෙන් ඇවිත් රත්නපුර පදිංචි වුණු අයද?
මෝඩ මිනිස්සු තමයි.
‘‘දෙයියෝ සාක්කි‘‘ හෙට අනිද්දා වෙනකොට අර ඇතුලේ ඉන්න සුදු බබත් එළියට ඇවිත් පොරොන්දු දෙයි.
අහෝ ඛේදයකි. 20 සම්මත වුණාම තව තව අරුම පුදුම දේවල් දකින්න ලැබෙයි. තිරුවානා ගල් උඩ ඇවිත් පුළුන් කෑලි වතුරේ ගිලෙයි. හරිම සැපයි.
අනේ මෙහෙමත් බූරුවෝ ඉන්න රටක්. කවදා දියුණු වෙන්නද?
අපිට තවමත් මතක දේශපාලන අතීතයක් තිබුණා. මේ රටේ කිසියම් අධිකරණයක් විසින් දඬුවම් පැමිණවූ කිසිම කෙනෙකුට පාර්ලිමේන්තු අසුනකට ඡන්දයවත් ඉල්ලන්න බැහැ කියපු තරමට අධිකරණයක් ඒකාලේ මේ රටේ තිබුණා.. නීතියක් තිබුණා මේ රටේ.. ඒත් අද?
හැබැයි අභියාචනා පරාද වුනාම අපිත් ඔය විධියටම රතිඤ්ඤා පත්තු කරනවා.