
(අජන්ත කුමාර අගලකඩ)
මහනුවර මඟුල් මඩුවේදී හෙට (12) පෙරවරුවේ දිවුරුම් දෙන කැබිනට් මණ්ඩලයේ විදේශ කටයුතු අමාත්‍යධූරය දිනේෂ් ගුණවර්ධන මහතාටද , අධ්‍යාපන ඇමැතිධූරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහචාර්ය ජී.එල් පීරිස් මහතාටද හිමිවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මුදල් ඇමැතිධූරය සහ නාගරින සංවර්ධන හා නිවාස ඇමැතිධූරය අගමැති මහින්ද රාජපක්ෂ මහතාට හිමිවීමට බොහෝ දුරට ඉඩ ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
සෞඛ්‍ය ඇමැතිධූරය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියටද අධිකරණ ඇමැතිධූරය මෙවර පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පත්වූ ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතාටද , කෘෂිකර්ම ඇමැතිධූරය මහින්දානන්ද අලුත්ගමගේ මහතාටද හිමිවීමට ඉඩ ඇති බව පැවසේ.
චමල් රාජපක්ෂ මහතාට වාරිමාර්ග ඇමැතිධූරයද , බන්දුල ගුණවර්ධන මහතාට වෙළඳ ඇමැතිධූරයද , නාමල් රාජපක්ෂ මහතාට තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමැතිධූරයද ලබාදීමට යෝජනා වී ඇති බව දැනගන්නට තිබේ.
රාජ්‍ය සේවා , පළාත් සභා හා පළාත් පාලන ඇමැතිධූරය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාටද , වැවිලි ඇමැති ධූරය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාටද , ජනමාධ්‍ය අමාත්‍යධූරය කෙහෙලිය රඹුක්වැල්ල මහතාටද හිමිවීමට ඉඩ ඇති බව රජයේ ආරංචි මාර්ග කියයි.
විමල් වීරවංශ මහතාට කර්මාන්ත ඇමැතිධූරයද , උදය ගම්මන්පිල මහතාට විදුලිබල ඇමැතිධූරය හෝ බලශක්ති ඇමැතිධූරය ද , ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට මහාමාර්ග ඇමැතිධූරය ද , ප්‍රසන්න රණතුංග මහතාට සංචාරක ඇමැතිධූරයද , ලැබීමට ඉඩ ඇති බව පැවසේ.
කැබිනට් ඇමැතිධූර තුනක් සහ රාජ්‍ය ඇමැතිධූර දෙකක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබෙනු ඇති බව වාර්තා වේ.
එම කැබිනට් ඇමැතිධූර තුන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන මහත්වරුන්ද රාජ්‍ය ඇමැතිධූර දෙකට දයාසිරි ජයසේකර සහ රංජිත් සියඹලාපිටිය යන මහත්වරුන් පත්වීමට ඉඩ ඇති බවද දැනගන්නට ඇත.
ඩලස් අලහප්පෙරුම,එස් එම් චන්ද්‍රසේන , ඩඩ්ලස් දේවානන්ද යන මහත්වරුන්ටද කැබිනට් ඇමැතිධූර හිමිවනු ඇති බව වාර්තා වේ.
සරත් වීරසේකර , ආචාර්ය නාලක ගොඩහේවා සහ මහචාර්ය චන්න ජයසුමන යන මහත්වරුන්ටද විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මියට ද රාජ්‍ය ඇමැතිධූර හිමිවනු ඇති බව වාර්තා වේ.
කැබිනට් ඇමැතිවරුන් 28 දෙනා සහ රාජ්‍ය ඇමැතිවරුන් 40 දෙනා මහනුවර මඟුල් මඩුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ හෙට (12) දිවුරුම්දීමට නියමිතය.
දිවුරුම්දීමේ අවස්ථාවට ආණ්ඩුපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට සහභාගි වන ලෙස දැනුම් දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳට තියෙයි අධිකරණ ඇමති ධුරය අලි සබ්‍රිට දුන්නොත්. මන්ත්‍රී කෙනෙක්වත් නොවී, දැනට තියෙන උප්පැන්න සහතිකේ කොටු 18ක් අයින් කරලා සිංහල ජාතිය අජාතික කරන්න හැදුවා. අධිකරණ ඇමති වුනොත් මොනවා නොකරයිද? මීට කලින් දෙමල ජාතික දේවනායගම් අධිකරණ ඇමති වෙලා හිටපු 1977 - 1980 කාලේ අනාගත දෙමළ ඊලමක් හදන්න ඇවැසි විදහට උතුරු නැගෙනහිර ගම්වල මායිම් වෙනස් කළා කියලා මම අහලා තියෙනවා. දැන් සිංහලයාට විල්පත්තුව පිළිබඳ ප්‍රශ්න තියෙනවා. මුහුදු මහා විහාරය පිළිබඳ ප්‍රශ්න තියෙනවා. උතුරු, නැගෙනහිර සිද්ධස්ථාන බුල්ඩෝසර් කිරීමේ ප්‍රශ්න තියෙනවා. රාජපක්ෂ මහත්වරුන්ගේ කලින් ආණ්ඩුව කාලෙත් මුල් තැන දුන්නේ මුස්ලිම් සහ දෙමල මිනිස්සුන්ට මිසක් සිංහල බෞද්ධයන්ට නෙමෙයි කියලා ඒ කාලේ දේශපාලන ගැන දන්නා මිනිස්සු කියනවා. මම දේශපාලනය ගැන උනන්දු වුනේ 2015 ඉඳන් හින්ද කලින් කරපුව මම දන්නේ නැහැ. නමුත් දැන් නම් හොඳටම පේනවා ඒ කතාව ඇත්ත කියලා...
පොදු පෙරමුණෙන් පත්වී සිටින සියලුම මන්ත්‍රීවරුන් හට කුමක් හෝ ඇමති තනතුරක් ලැබෙනවාට මගේ නම් අකමැත්තක් නැත. මේ රට ගොඩ නැගීම වෙනුවෙන් ඔවුන් කරන මේ කැප කිරීමට රටට ආදරය කරන ජනතාවක් ලෙස අප ඔවුන්ව දිරි ගැන්විය යුතුයි. සියලුම විජාතික බලවේග පරාජය කරමින් මේ රටට ගැලපෙන අපගේ සංස්කෘතියට ගැලපෙන රාජාණ්ඩුවක් කරා නැවත පැමිණීමේ කාලය දැන් උදාවී තිබෙනවා. රට වෙනුවෙන් වැඩකරන රටේ ජනතාවට වැටුපට වඩා රජය මගින් ලබාදෙන සහනාධාර ක්‍රමයකට යා හැකි නම් වඩාත් හොඳයි. ලෝකය ඉදිරියේ දන නොනමන, උතුරු කොරියාව වැනි රටවල් අප ආදර්ශයට රැගෙන කටයුතු කිරීම වඩාත් වැදගත් බව තමයි මට නම් හැඟෙන්නේ..
ආචාර්ය නාලක ගොඩහේවාට ETF EPF එක්ක මහ බැංකුවයි, රක්ෂණ සංස්ථාවයි පවරා දෙමුකෝ...!!!
පරණ අයම ඇවිත්... වියත්මග සෙත්තපෝච්චි තමයි.
අහා ... ආයෙමත් හොරු සමග සෙළුවෙන් ඉමු ඉතින්.
කුරුණෑගල රාජසබා මණ්ඩපය ඩෝසර් කරලා දැන් මේ මඟුල් මඩුවක් තුළ දිවුරුම් දෙනවා.
ලංකා විදුලිබල මණ්ඩලයට අයිති ආයතනයක් තිබෙනවා ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් නමින්. මෙම ආයතනයේ පාලකයන් විදුලිබල මණ්ඩලය මංකොල්ල කනවා. මොවුන්ට විරුද්ධව අධිකරණවල දැන් නඩු කටයුතු තිබෙනවා. ලාංකික ට්‍රාන්ස්ෆෝමර්ස් ආයතනයේ වෙනම කාර්යාලයක් මෙම අලි සාබ්‍රියාට ඇත. හොරුන්ට නීති උපදෙස් ලබා දෙන අය වෙනුවෙන් පෙනී සිටින අයට මොන මන්ත්‍රී ධුරද? අපි ඡන්දය දුන්නේ මේවාට නොවෙයි.