IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


දක්ෂිණ අධිවේගයේ වාහන 6ක් එකිනෙක ගැටේ

(අමල් වික්‍රමරත්න )

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව ආසන්න ප්‍රදේශයේ දී  අද සවස  වාහන 6  ක්  එකිනෙක ගැටීමෙන්  අනතුරක් සිදු වී  ඇතැයි පොලීසිය කියයි.

 අනතුර  හේතුවෙන් අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට ගමන් ගන්නා වාහන එක් මං තීරුවකට සීමා කිරීමට සිදුවීමෙන් අධික වාහන තද බදයක් ඇති වී තිබේ.

 පවතින අධික වර්ෂාවත් සමඟ   සිදු වී ඇති මෙම අනතුරින්   බස් රථ දෙකක්, ඇතුළු තවත් වාහන 4ක් අනතුරට ලක්වී ඇතැයි පොලීසිය කියයි.

 මේ අතර අධික වැසි  නිසා වාහන ගමනා ගමනය සදහා වේග සීමාව පැයට කිලෝමීටර් 60 දක්වා අඩුකර ,  සැලකිළිමත් ලෙස රිය පදවන ලෙසද රියදුරන්ට උපදෙස් දී ඇතැයි පොලීසිය සඳහන් කරයි.  

(ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 



අදහස් (23)

දක්ෂිණ අධිවේගයේ වාහන 6ක් එකිනෙක ගැටේ

මුණසිංහ Sunday, 15 September 2019 12:48 PM

දැන් අධි වේගේ නිති රීති උල්ලංඝනය කරන පිරිස වැඩි යි. ඉස්සර කරන විට සිග්නල් දාන්නෙ නැහැ. ඉස්සර කරලා ආපසු වම් තීරුවට ගන්නා විට පරතරය අඩුයි. එක වරට ම වමට දානව. ඉතින් අනතුරු නොවී තිබේ ද?පොලි සිය මේ ගැන දැඩිව අවධානය යොමු කල යුතු වෙනවා.

:       1       460

NishanSunday, 15 September 2019 10:40 PM

අපේ ගොඩක් අයට අධිවේගේ යන්න පුහුණුවක්, විනයක්, අවබෝධයක් නෑ. වාහනවල තත්වය හොඳ නෑ. දුම විතරක් බලලා මදි වාහනේ ටයර්, බ්රේක්, සීට් බෙල්ට්, ලයිට්, වයිපර් බලන්න ඕනෑ. ඒවා හොඳ තත්වේ නැතුව අධි වේගෙක යන්න බෑ. ලංකාවේ ජනතාවට විතරක් පාලකයන්ටත් අවබෝධයක් නෑ.

:       0       4

චතුෂ කුමාර Sunday, 15 September 2019 01:05 PM

අධික වේගය මරු කැඳවයි. එමනිසා අධිවේගී මාර්ගවල ගමන් කළ හැකි උපරිම වේගය පැයට කිලෝමීටර් 60ක් දක්වා පහත හෙලා ගැසට්ටුවක් පල කරනා මෙන් අප අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

:       461       38

PrabhaSunday, 15 September 2019 04:32 PM

60ට යන්න ඕනෑනම් අධිවේගී මාර්ග ඕනෑද? මෙතැන තියෙන්නේ වේගය පිළිබඳ ප්‍රශ්නයක් නොව විනය පිළිබඳ ප්‍රශ්නයකි.

:       1       319

NishanSunday, 15 September 2019 10:35 PM

අධික වර්ෂාවේදී 60 ත් අනතුරුදායකයි. වාහන එකිනෙක පේන්නේ නෑ.

:       0       3

නිමල්Monday, 16 September 2019 01:37 AM

මෙවැනි මාර්ගවලට කියන්නේ එක්ස්ප්‍රස් වේ කියලා. අධිවේගී යන්න නිවැරදි නැත. මෙවැනි මාර්ග භාවිතය ඉක්මන් ගමනකට ඉවහල් වන්නේ අධික වේගය නිසාම නොව සාමාන්‍ය මාර්ගයක ධාවනයේ දී වේගය අඩාල කරවන සාධක නොමැති නිසාය.

:       0       3

sethungaMonday, 16 September 2019 12:10 AM

දන්නා එකටයි, නොදන්නා එකටයි ඔක්කෝටම පණ්ඩිතයෝ වගේ කමෙන්ට් කරන්න ගියාම ඔහොම තමයි ඇනගන්නේ...

:       0       1

saman Sunday, 15 September 2019 01:17 PM

මේ අනතුරුවලට ප්‍රධාන හේතුව ඉදිරිපසින් ගමන් ගන්න වාහනය අතර ප්‍රමාණවත් ඉඩක් නොතබා රිය පැදවීමයි.

:       0       212

AmilaMonday, 16 September 2019 02:11 AM

ඇත්තටම හේතුව දැන් වාහන වැඩියි. කාර්යබහුල වෙලාවට. එතකොට වාහන අතර පරතරය අඩුයි. වම් තීරුවෙත්. ඉතින් දකුණෙන් ඉස්සර කරද්දී, එක වාහනයක් පහුකරලා ආයෙත් වමට අරන් දාන්න ඉඩක් නෑ. ගොඩක් වෙලාවට. එතකොට වෙන්නේ වාහන කීපයක්ම පහුකරන් ගිහින් දාන්න වෙන එක වමට. මෙන්න මේ වගේ වෙලාවට තමා දකුණෙන් ඉස්සර කරන්න එන වාහන අතර පරතරය අඩුවෙලා අනතුරු වෙන තත්වයට පත්වෙන්නේ... කහතුඩුවේ නම් වෙලා තියෙන්නේ ලිස්සලා ආපු කාර් එකක් බේරන්න වේගයෙන් ආපු බස් එකක් බ්‍රේක් කරපු එක..

:       0       0

almeida Sunday, 15 September 2019 02:08 PM

බස් එළවන අයගෙන් බේරෙන්න බැහැ. පස්සෙන් ඇවිත් හෙඩ් ලයිට් ගහනවා. සමහරු ඩබල් සිග්නල් දාගෙන යනවා. මොන නීතිද කියලා හිතාගන්න බෑ. අධිවේගේ තමන්ට ඕනෑ විදිහට තමයි එලවන්නේ..

:       0       258

sunilSunday, 15 September 2019 03:33 PM

එවැනි අවස්ථාවක කළ යුත්තේ වාහනයේ "ෆ්ලෑෂර්" ලයිට් දමා තවත් හෙමින් ධාවනය කිරීමයි. ලංකාවේ තරම් අවිනීත රියදුරන් ඉන්දියාවේ වත් නැහැ.

:       0       116

Amila Monday, 16 September 2019 01:56 AM

පොලීසියට ජරාව දීලා ශේප් කරන් ඉන්නේ.. හොඳට බැලුවහම පේනවා අඩුම ගානේ 120වත් තියන් යන්නේ..

:       0       0

මුණසිංහMonday, 16 September 2019 11:22 AM

මාර්ග නීතිවල ඩබල් සිග්නල් කියලා ජාතියක් නැහැ. ඕක තමා කියන්නේ ලයිසන් ගත්තට නීති දන්නේ නැහැ කියලා. හැසාඩ් සිග්නල් පාවිච්චි කරන්නේ වාහනය හදිසි තත්ත්වයකට පත්වුනොත් විතරයි. හතරමං සන්ධිවලත් හැසාඩ් සිග්නල් දානවා. සම්පූර්ණයෙන්ම වැරදියි. අනතුරු වෙන්න පුලුවන්. හැසාඩ් සිග්නල් දැම්මම තමන්ගේ වම් පැත්තෙන් එන කෙනා හිතන්නේ එම වාහනය වමට හරවනවා කියලා. මොකද එයාට වම් පැත්තේ ලයිට් එක පේන්නේ නැහැ...

:       0       4

Ranjan Sunday, 15 September 2019 02:13 PM

ලංකාවේ රියැදුරන්ට මනා දැනීමක් නැහැ මේ මාර්ගයේ වාහන ධාවනය කරන ආකාරය ගැන මොවුන් සැමටම අමතර පුහුණුවක් ලබාදෙන්න ඕනේ කොහොමද අධිවේගී මග රිය පැදවීම ගැන... ලෝකයේ අනික් රටවල බලපත් ගන්න රියැදුරන්ට වෙනම අධිවේගී මගේ පරීක්ෂණයක් පැවැත්වෙනවා. මා දුටු එකම දේ දෙකට බෙදා තිබෙන මග ඉර අල්ලාගෙන ධාවනය කිරීම....

:       3       223

seneMonday, 16 September 2019 07:25 AM

ඇත්ත.., එක්ස්ප්‍රස් ඩ්‍රයිවින් ගැන කිසිම පුහුණුවක් ලංකාවේ දෙන්නේ නැහැ. ඩුබායි වල රියදුරු බලපත්‍රය ගන්න ලෙහෙසි නැහැ. සමහර විට 7-8 පාර අසමත් වෙනවා. නිසි පුහුණුවක් නැති නිසා ලංකාවේ රිය අනතුරු වැඩියි. මම සිග්නල් නොදා ලේන් එක මාරු කළාට දඩය ලංකාවේ මුදලින් 15,000ක් විතර ගෙවන්න ඕනේ. දැන් මම පරිස්සම් වෙනවා. රන්ජන්, කියන ඉර මැදි කරන් යන්නේ කලින් පයිලට්ලා විදියට වැඩ කළාලු...

:       0       1

Prasanna Sunday, 15 September 2019 02:28 PM

ලෝකයේ ඉන්න පණ්ඩිත මිනිස්සු ඉන්නේ ලංකාවේ කියලා කිව්වොත් නිවැරදියි. හයිවේ ඊට සමාන්‍ය පාරකවත් යන්න දෙන්නේ නැහැ. හයිවේ වල වමෙන් ඉස්සර කරන අය ඕනෑ තරම්.. සිග්නල් දාන්නේ නැහැ. වාහන ළඟින් ළඟට යන්නේ. අපි ජාතියක් වශයෙන් වලපල්ලට යන්නේ..

:       0       176

බද්රානි Sunday, 15 September 2019 08:24 PM

කරත්ත දක්කපු අයට වාහන පමණක් නොවේ. හයිවේ මාර්ගත් ලැබුණා. තමන්ට නුසුදුසු දේ අතට ලැබුණාම, ඔහොම තමයි. වාහනේ අතට ගත්තම ඔලුවේ අං එනවා. සමහරක්, මීහරක්ටත් අන්ත ලෙස මාර්ගයම බදු අරගෙන වගේ යනවා. මහා මාර්ගයක් කියලා කිසිම හැඟීමක් නැහැ. සමහරු අධිවේගී මාර්ගය රේස් ධාවන පථයක් කරගෙන. මේ හැමදේටම මුල තමයි නූගත්, අමනෝඤ්ඤ ජනතාව තුළ තිබෙන "හීන මානය" මේක මහාමාර්ගයේදී ප්‍රදර්ශනය වන සුලභ දසුනක්..?

:       0       2

amarabandu Monday, 16 September 2019 12:23 AM

කසාදයක් බැඳලා දෑවැද්දට ඉඩමක් ලැබුණොත්, එ්ක විකුණලා වාහනයක් ගන්න. වාහනයක් නැත්නම් කවුරුවත් ගණන් ගන්නේ නැහැ කියලා හිතලා සකල සබ්බ මනාවම ෆිනෑන්ස් එකට හරි, බැංකුවට හරි හිරකරලා වාහන ගන්න අය ඉන්න, කෙල්ලෙක් යාළුකර ගන්න හින්දා වාහනයක් නැතුව බැහැ කියලා හිතන අය ඉන්න රටක, පදිංචිය කුලියට වුණත් ෂෝ එකට වාහනයක් ගන්න අය ඉන්න රටක, මහපාරේ මේ වගේ දේවල් වෙන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි.

:       0       1

Amila Monday, 16 September 2019 02:04 AM

හේතු කීපයක්ම තියෙනවා.. එකක් දැන් ඉස්සරහට වඩා වාහන යනවා අධිවේගී පාරේ. තව අවුරුදු 5-10 වෙනකොට මේකත් නිකන් ගාලුපාර වගේ වෙනවා. මොකද ලේන් දෙකයි තියෙන්නේ ඔක්කොටෝම.. දැන් වුණත් ඔෆිස් වෙලාවට බැලුවොත් පේනවා වාහන වැඩිබව හොඳටම... දෙවෙනි ප්‍රශ්නය අනිත් අයට 100 කිව්වට බස් යන්නේ 120ත් පැනලා. කහතුඩුව හරියේ වාහන කැඩෙන එකයි, අනතුරු වෙන එකයි ඉතාම වැඩියි. ඉතින් හොයලා බලන්න ඕනේ මොකක්ද හේතුව කියලා. එක්කෝ ඒ හරියේ පාර ලිස්සනවා එහෙම නැත්තම් වෙන මොකක් හරි අවුලක් ඒ හරියේ තියෙනවා..

:       0       0

රංජිත් බදුගොඩහේවා Monday, 16 September 2019 03:58 AM

ප්‍රධාන හේතුව තමා රියදුරන්ගේ ඉවසීම නැතිකම. ඉස්සර කිරීමේදී සහ නැවත වම් පසට ගැනීමේදී ඉදිරියේ ඇති වාහන පිළිබද කිසිම සැළකිලිමත් බවක් දක්වන්නේ නැතිවීම රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් වී ඇත.

:       0       0

ලුම්බිණි Monday, 16 September 2019 05:01 AM

ගිලන් රථ, පොලිස් වාහන වලට යන්න මං තීරුවක් නැති එකේ ප්‍රතිඵල දෙවැනි පින්තුරයෙන් පෙනෙනවා.

:       6       16

RanjanMonday, 16 September 2019 07:40 AM

මේ වාහනවලට යන්න ලෝකයේ කිසිම රටක වෙනම මන්තීරුවක් නැහැ. නමුත් ඒ රටවල් මිනිසුන් පුරුදුවෙලා තිබෙනවා. එවැනි වාහනයක් එනවිට ඕනෙම පාරක ඉඩ දෙන්න ලංකාවේ වෙලා තියෙන්නේ රියදුරන් වාහනය නතර කරන්නේ අනික් වාහනයට අඟලක්වත් ඉදිරියට හෝ පිටුපසට ගැනීමට නොහැකි විදිහට... මේ නිසා ගිලන්රථ වැනි වාහනවලට යන්න මග සලසන්න ඔවුන්ට බැහැ. අඩුම වශයෙන් මීටර් 1වත් එකිනෙකා‍ට දුර තිබේනම් මෙය අපහසු දෙයක් නොවේ.

:       1       0

Kahsduwa Monday, 16 September 2019 05:02 AM

මුළු පාරම සී.සී.ටී.වී. කැමරා වලින් ආවරණය කරන්න .එවිට මාර්ග නීති උල්ලංඝනය කරන සියලුම රියදුරන් අල්ලා ගන්න පුළුවන්. ඔවුන්ගෙන් අය කරගන්නා දඩ මුදල් වලින් කැමරා පද්ධතියට යන වියදම මාස තුනක් ඇතුළත නියත වශයෙන්ම ලබා ගත හැකි වනු ඇත .

:       0       24

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 263 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 752 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site