IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


ටෙලි නලු ගයාන්ට යළිත් සිතාසි

(කවිතා සුබසිංහ)
 
නඩත්තු නඩුවකට අදාළව තම බාල වයස්කාර දරුවන් දෙදෙනා හට අධිකරණය විසින් ගෙවීමට නියම කළ නඩත්තු මුදල් වසර පහක පමණ කාලයක සිට පැහැර හැර ඇති බව කියන ගයාන් ප්‍රසාද් වික්‍රමතිලක නැවත වරක් සිතාසි නිකුත් කිරීමට මහර මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (22) නියම කළේය.
 

වයස අවුරුදු 10 සහ 11 යන වයස් කාණ්ඩවල පසු වන දරුවන් දෙදෙනාගෙන් එක් අයකුට රුපියල් 15000 බැගින් වු රුපියල් 30000 ක් ගෙවීමට 2013 දී අධිකරණය විසන් නියම කර තිබුණ ද මෙම තැනැත්තා පසුගිය 2016 වර්ෂයේ සිට මේ දක්වා මෙම වන්දි මුදල් ගෙවීම පැහැර හැර ඇතැයි අධිකරණයේ සදහන් වී තිබිණි.
 
ඉකුත් 5 වැනි දා නඩුව කැදවු අවස්ථාවේ දී මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම වගඋත්තරකාර තැනැත්තා හට සිතාසි නිකුත් කර තිබුණ ද නඩුව නැවත කැදවු අවස්ථාවේදී මොහු අධිකරණය හමුවේ පෙනී නොසිටියේය.
 
ඉල්ලුම්කාරිය වෙනුවෙන් සුදර්ශන වික්‍රමරත්න මහතා පෙනී සිටියේය.
 
නඩුව මාර්තු මස 22 වැනි දා නැවතත් කැදවීමට නියමිතය.
 



අදහස් (15)

ටෙලි නලු ගයාන්ට යළිත් සිතාසි

Avinash Monday, 22 February 2021 12:26 PM

රට හදන්න, සමාජය හදන්න කතාව... නමුත් ඇතුළාන්තය දැක්කාම අප්‍රසන්නයි..

:       4       183

දිමුත්Thursday, 25 February 2021 06:26 AM

මේ මිනිස්සු හුඟක් දෙබිඩි චරිත....

:       0       0

Raveendra Monday, 22 February 2021 12:34 PM

එයාට ඕවා ගෙවන්න වෙලාවක් නෑ. සර් එක්ක රට බේරගන්න ඉන්න වීරෝදාර දේශප්‍රේමී නළුවෙක් ඉන්නේ....

:       8       95

fairoos Monday, 22 February 2021 12:41 PM

මෙයා දැන් ලංකාවෙද ඉන්නේ? නැතිනම් ඉතින් අර්ජුන් මහේන්ද්‍රන් වගේ තමයි.

:       2       50

Ruhunu Monday, 22 February 2021 12:59 PM

මෙයාලගේ ජීවිතත් හරියට රඟපෑමක් වගේ... කිසිම අර්ථයක් නෑ ඉතින්.

:       0       92

Don perera Monday, 22 February 2021 02:37 PM

පොහොට්ටුවේ රජවරු...

:       9       39

samira Monday, 22 February 2021 02:56 PM

මෙයා පොහොට්ටුවේ ලොකු පොරක්... මෙයාට මුකුත් වෙන්නේ නැහැ.

:       27       41

Don perera Monday, 22 February 2021 05:14 PM

ගෙවන්න එපා... සර්ට කියන්න...

:       0       2

Nuwan Monday, 22 February 2021 02:58 PM

මේ මිනිස්සු ගැන කතා කිරීමත් කාලය කා දැමීමකි.

:       1       55

Prasad Monday, 22 February 2021 03:49 PM

එතකොට සැබෑ කලාකරුවන්ටත් අපහාසයක් නේ...

:       0       2

බද්රානි Monday, 22 February 2021 04:08 PM

මේ වගේ මිනිස්සුන්ට තලන්න ඕනා මඩු වලිගෙන්. කතාව නම් ලෝකේ පෙරලන්න, ඒ වුණාට තමන්ගේ දරුවන්ටවත් සලකන්නේ නැහැ. අනේ මන්දා...!!!

:       2       2

pradeepa Tuesday, 23 February 2021 03:13 AM

ඕක ගෙවලා දාන්න... ඔයාගේම දරුවෝනේ.. ඔයා කොහොමද සතුටින් ඉන්නේ? රට හදන්න කළින් තමන් හැදිලා ඉන්න.

:       0       20

Kamal Tuesday, 23 February 2021 04:31 AM

රට ගැන කතා කරන්න කළින් තමන්ගේ දරු දෙන්නා ගැන බැලුවොත් හොඳයි නේද? ඔය දේශප්‍රේමී කියාගන්න ඔක්කොම ඔහොම තමයි. මේ අය නිසා අපි මිනිස්සු එක්ක මරාගන්නවා.

:       0       17

Senarath Tuesday, 23 February 2021 06:33 AM

පිය සෙනෙහසක් නැති ඒ දරුවාට ජීවත් වෙන්න නියම කරපු වන්දි මුදලවත් දෙන්න.

:       0       35

මෝ Tuesday, 23 February 2021 08:05 AM

පොර ටෝක් දිදී රැඟුවට වැඩක් නැහැ. අඩුගානේ ඔය මුදලවත් ගෙවන්න. පිටරටක නම් මෙලහටත් හිරේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1218 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1196 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 438 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site