(රංජන් කස්තුරි)
කොරෝනා වෛරසය මෙරට පැතිරීම වැළැක්වීමට ජාතික ක්‍රියාකාරී කමිටුවක් පත්කර තිබේ.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය විසින් එම කමිටුව පත්කර තිබේ.
ඒ අනුව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිරීම වැළැක්වීමට ගතයුතු සෞඛ්‍ය ක්‍රියාමාර්ගයන් සහ ඉදිරි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට එම කමිටුවට වගකීම් පවරා තිබේ.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹෙපොල,ජනාධිපති අතිරේක ලේකම් රියර් අද්මිරාල් ජයනාත් කොළඹගේ , සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ , අතිරේක ලේකම්වරුන් වන වෛද්‍ය සුනිල් ද අල්විස්, ලක්ෂ්මී සෝමතුංග , වෛද්‍ය නිහාල් ජයතිලක, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය , ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන , විශේෂඥ වෛද්‍ය ආන්නද විජේවික්‍රම , ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් බ්‍රිගේඩියර් වෛද්‍ය ක්‍රිෂාන්ත ප්‍රනාන්දු , වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ සුදත් සමරවීර , වෛද්‍ය පබා පළිහවඩන , වෛද්‍ය පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ජයරුවන් බණ්ඩාර , ගුවන් තොටුපල සමාගමේ සභාපති ජෙනරාල් ජී.ඒ චත්‍රසිරි සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයා එම කමිටුවට නම් කරනු ලැබ සිටිති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කමිටුවෙන් කොහොමද? මේ වසංගතය නතර කරන්නේ... කට්ටියට මුහුද ළඟට ගිහින්... සුළං වෙන අතකට හරවන්න වෙයි.. මාධ්‍ය දැනුවත් කරන්න විනාඩි දහයෙන් දහයට මේ රෝගය ප්‍රචාරය කරන්න. පාසල් ළමුන්, රැකියා ආයතන, වෙළඳසැල්, ආරෝග්‍යශාලා, ඇතුළු සැම, දොස්තර වරුන් මේ ලෙඩේ ගැන දැනුවත් වෙන්න ඕනෑ... නැතිනම් සාමාන්‍ය ලෙඩක් හැදුණත් ලෙඩාව බය කරනවා. මුළු ගමක් හෝ නගරයක්.. කැළඹෙන්න ගන්නවා. මතකයිනේ පාස්කු ප්‍රහාරය වෙලාවේ බලයට එන්න පතුරපු කට කතා. දැන් නම් ඒ වගේ මෝඩයින් නැහැ. නමුත් ඒවායින් පරිස්සම් වෙන්න ඕනෑ...
මේ වෛරසය නිසා වෙන්නේ පොඩි උණක්, හෙම්බිරිසාවක් හැදුණත් හැමෝම බය වෙන එක. රටට ඇතුළුවන එක උපරිමයෙන් වළක්වාගන්න පුළුවන් නම් හොඳයි.