IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කොරෝනා මැද පහතරට තේ කිලෝවක් 2600ට අලෙවි වෙයි

(අජිත්ලාල් ශාන්තඋදය)

කොළඹ තේ වෙන්දේසියේදී පහතරට නිමි තේ සදහා ඉහළ මිලක් ලැබුණ අතර බී ඕපී 1  ^BOP 1) වර්ගයේ තේ කිලෝවකට රුපියල් 2600ක වාර්තා සහගත මිලක් ලැබුණු බව නිවිතිගල විතානකන්ද තේ කර්මාන්ත ශාලා පුද්ගලික සමාගමේ සභාපතිනී නිර්මලී පිලපිටිය මහත්මිය අද(17) දා පැවසුවාය.

ඒ නිසා අප්‍රේල්  මාසය තුල තම කර්මාන්තශාලාවට අමු තේ දලූ සැපයූ සැපයුම්කරුවන්ට අමු තේ දලූ කිලෝවකට රුපියල් 130.12ක (එකසිය තිහයි ශත දොළහක  ඉහළ මිලක් ගෙවීමට හැකිවූ බවද පැවසුවාය.

කොරෝනා වසංගතය හේතුවෙන් දැඩි සෞඛ්‍ය කොන්දේසි හමුවේ රජය, තේ කර්මාන්තය පවත්වාගෙන යාමට අවසර දීම නිසා මේ අවස්ථාව හිමිවූ බව ද නිර්මලී පිලපිටිය මහත්මිය පෙන්වා දුන්නාය. ඒ නිසා තේ කර්මාන්තයක්, කුඩා තේවතු හිමියාත් ආරක්‍ෂාවු බවද ඇය සදහන් කළාය.

සෞඛ්‍ය කොන්දේසි අනුව තේ කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමේදී වැඩි පිරිවැයක් වැය කිරීමට සිදුවු නමුත් රජය දුරදක්නා නුවණින් කටයුතු කිරිම නිසා රටට සුලූ වශයෙන් හෝ විදේශ විනිමය ප‍්‍රමාණයක් ගෙන්වා ගැනීමට හැකි වූ බවද කීවාය.

මේ අතර මෙම කම්හල් සාමගමට අමු තේ දලූ සපයන කුඩා තේවතු හිමියන් පැවසුවේ පෙබරවාරි, මාර්තු මාසවල අමු තේදලූ කිලෝවක් සදහා තමන්ට ලැබුනේ  රුපියල් සියයක් බවයි.

තම කර්මාන්ත ශාලා සමාගමට අමු තේදලූ සපයන්නන් හයදාහක් පමණ සිටින බවත් ඔවුන් සියලූ දෙනාම ප‍්‍රමිතියෙන් ඉහළ අමු තේදලූ සැපයීම නිසා වෙන්දේසියේදී නිමි තේ සදහා ඉහළ මිලක් ලැබුණ බව ද නිර්මලී පිලපිටිය මහත්මිය සදහන් කළාය.

 



අදහස් (2)

කොරෝනා මැද පහතරට තේ කිලෝවක් 2600ට අලෙවි වෙයි

Amal Sunday, 17 May 2020 11:11 AM

අන්තිමට කර්මාන්ත හිමියා පෝසත් වෙලා... තේ දළු සපයපු අය දුප්පත් වෙලා... කම්කරුවන්ට රුපියල් 1000ක් දෙන්නා බැහැ කිව්වා නේද දැන් හරිනම් 2000ක් දෙන්න ඔනෑ...

:       0       0

anuraTuesday, 19 May 2020 04:28 PM

නියම යෝජනාව. ඊට පස්සේ කර්මාන්ත ශාලා අයිතිකාරයා තමයි කූඩයක් එල්ලා ගෙන තේ දළු නෙලන්නේ.

:       0       66

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 618 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site