IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


කරුණා සියලුම දෙමළ දේශපාලන සිරකරුවන්ට නිදහස ඉල්ලයි

(ලක්ෂ්මී ජයකොඩි)

එල්ටීටීඊ සංවිධානය නියෝජනය කළ තමන් වැනි නායකයින් හා තවත් සාමාජිකයින් රැසක් පොදු සමාව යටතේ නිදහස්ව සිටියදි ඉතිරි සියලූ දෙමළ දේශපාලන සිරකරුවන්ද පොදු සමාවක් යටතේ නිදහස් කළ යුතු යැයි දෙමළ එක්සත් නිදහස් පක්ෂයේ නායක විනයගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පැවසීය.
 
ඔහු පෙන්වා දුන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මැතිවරණ කාලයේදි දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවට පොරොන්දු ලබාදුන් බවයි. ඒ මහතා මේ බව පැවසුවේ අද(03) කිළිනොච්චියේදි පැවැත්වු මාධ්‍ය හමුවේදීය.වැඩිදුරටත් අදහස් දැක්වු විනයගමුර්ති මුරලිදරන් මහතා මෙසේද කීවේය.
 
"දෙමළ දේශපාලන සිරකරුවන් සියලූ දෙනා අනිවාර්යෙන්ම නිදහස් කළ යුතුය යන ස්ථාවරයේ මම සිටිනවා. යුද්ධය අවසන් වු කාලයේ එවක ජනාධිපති වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වටිනා තීරණයක් ගනු ලැබුවා. ඒ එල්ටීටීඊ සංවිධානයේ නායකයින් ඇතුළු සියලූ දෙනා පොදු සමාවක් යටතේ නිදහස් කිරීමයි. ඒ අනුව අප ඇතුළු විශාල එල්ටීටීඊ සාමාජිකයින් පිරිසක් නිදහස් කරනු ලැබුවා.දැනට නිදහස් කිරීමට සිටින්නේ ඉතා සුළු පිරිසක් පමණයි. ඔවුන්ද නිදහස් විය යුතුයි. ඇත්තෙන්ම ඔවුන්ගේ ජීවිත ඉතා වේදනාකාරියි.
 
එම දේශපාලන සිරකරුවන් ඇත්තෙන්ම අයත් වන්නේ සාමාන්‍ය ජනතාව ගණයටයි. ඔවුන් සෘජුවම යුද්ධයට හෝ සම්බන්ධ වුවන් නොවෙයි. අප ඔවුන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් අවධානයෙන් පසු වෙනවා. අතුරුදන්වුවන්ගේ ගැටලූවටත් ආණ්ඩුව පිළිතුරු ලබාදිය යුතුයි. අතුරුදන්වුවන්ගේ ගැටලූවට ඔව් හෝ නැහැ යන පිළිතුර ලබාදිය යුත්තේ රජයයි. එවිට එම අතුරුදන්වුවන්ගේ ඥාතීන් හට ඉතිරි යුතුකම් ඉටු කිරීමට අවස්ථාව ලැබෙනු ඇති.
 
ලෝකය දැන් වෙනස් වෙලා තිබෙනවා. ඉස්සර අපගේ නායකයින් තනි රටක් ඉල්ලා සිටියාට වර්තමානයේ එවැනි ඉල්ලීම් වලංගු වන්නේ නැහැ. නමුත් දෙමළ ජනතාව වශයෙන් අප අපගේ ඉල්ලීම් අභිලාෂයන් ඉටු කර ගනිමින් නිදහස් ජනතාවක් වශයෙන් ජීවත් විය යුතුයි.
 
අප පක්ෂය එළැඹෙන පළාත් සභා මැතිවරණය සඳහාත් ඉදිරිපත් වෙනවා. නමුත් තවම අප පක්ෂය තනිව ඉදිරිපත් වෙනවාද අනෙකුත් පක්ෂ හා එක්ව තරඟ කරනවාද කියා තීරණය කර නැහැ. දෙමළ ජාතික සන්ධානය සමග වුවත් අපි කතා කරන්න සුදානම්. දෙමළ ජාතික සන්ධානය අප විවේචනය කළා. ඒ ඔවුන්ගේ වැරදි පෙන්වාදීම සදහා පමණයි. දෙමළ ජාතික සන්ධානය පසුගිය ආණ්ඩුවට සහයෝගය ලබාදුන්නත් ජනතාව වෙනුවෙන් කිසිවක් අත් කරදීමට සමත් වුණෙ නැහැ. නමුත් දෙමළ ජනතාවගේ අභිලාෂයන් දිනා ගන්න සියලූ දෙමළ පක්ෂ එක්ව කටයුතු කළ යුතුයි කියා මම විශ්වාස කරනවා" යැයිද කීය.



අදහස් (8)

කරුණා සියලුම දෙමළ දේශපාලන සිරකරුවන්ට නිදහස ඉල්ලයි

hesa Sunday, 03 January 2021 12:58 PM

ආ.. දැන් ඉතින් හරිනේ..!!! 

:       0       0

Ana Sunday, 03 January 2021 03:20 PM

මේ ආණ්ඩුව සියලු සිරකරුවන්ට සමාව දෙයි ... මේ යන විදිහට..

:       0       0

විජේ Sunday, 03 January 2021 05:42 PM

කාලය හරි කරුණෝ, ඉහපන් දැන් වල...

:       0       0

Bandara Sunday, 03 January 2021 06:30 PM

කරුණා වෙනස් ගමනකට මුලපුරන පාටක් පෙනෙන්නට ඇත. එය රටට නම් යහපතක් නොවනු ඇත.

:       0       0

beau Sunday, 03 January 2021 09:16 PM

ඔව් නිදහස දීපල්ලා මුන්ට.. එතකොට මුනුයි, මුස්ලිම් ත්‍රස්තයෝයි එකතුවෙලා සිංහලයින්ට වෙනස් වෙන්නම දෙයි බේත. සිංහලයා මෝඩයා කියන්නේ ඕකනේ. රෑ වැටුණු වලේ දවලුත් වැටෙන එකම ජාතිය තමයි මේ කැවුම් කන රැළ..

:       0       0

Raveendra Monday, 04 January 2021 01:20 AM

සර් එක්ක සෙල්ලම් බෑ. සරත් වීරසේකර එක්ක නම් කොහොමත් බැරිවෙයි.

:       0       0

fairoos Monday, 04 January 2021 07:08 AM

අනිවාර්යයෙන්ම...!!!

:       0       0

mal Monday, 04 January 2021 09:53 AM

නැතුව නැතුව."එල්ලුම්ගස් ගිය අයට සමාව දීල දුරකථන ඇමතුම් පටිගත කරපු අය හිරේ යවන්න" කියලනේ කොමිසන් සභාවෙන් නිර්දේශ කරලා තියෙන්නේ. ඉතින් ඔය පොඩි පොඩි ත්‍රස්තවාදී වැඩ තුන හතරකට සම්බන්ධ වූ මිනිස්සු නිදහස් කරහම මොකක් වෙනවද නේද අබිලිං?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 95 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 185 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1046 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site