(නිමල කොඩිතුවක්කු)
ශ්‍රී ලංකාවේ දැනට ක‍්‍රියාත්මක විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරිම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණ තිබේ.
විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරිමට අදාළ ක‍්‍රියාමාර්ග එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව ප‍්‍රකාශයට පත්කරන බවත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවැසීය.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවැසුවේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරිම සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ අතර පාර්ලිමේන්තුවේ පිහිටි අග‍්‍රාමාතය කාර්යාලයේ අද (22) පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.
විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරමින් 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම සම්බන්ධයෙන් මෙම හමුව පැවැත්විණි.
මෙම හමුව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන විජිත හේරත්, නලින්ද ජයතිස්ස සහ සංවර්ධන උපායමාර්ග, ජාත්‍යන්තර වෙළඳ සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය මලික් සමරවික‍්‍රම යන මහත්වරුන් එක්ව සිටියහ.
COMMENTS
ජනතා විමුක්ති පෙරමුණේ සැබෑව එජාපය සමග සිටගැනීමෙන් ඔප්පුකර තිබේ. මේ ව්‍යවස්ථා කලබලය ලාංකික ජනතාවගේ ප්‍රශංසාවලට විසඳුමක් නොව, රට උලා කන්නටත් සැදිපැහැදී ඉන්න දේශපාලන සුනඛයන්ගේ වුවමනාවක් පමණි..
එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව කියනවා නං... එ්ක අගමැතිගේ සුපුරුදු පරිදි කල් මැරීමක්. නමුත් උත්සාහය අත්හරින්න එපා. රනිල්ටත් දිනන්න බැරි නිසා, එකඟ වෙන්නත් පුළුවන්.
ජවිපෙ සහ එජාපය එකඟතාවයට පැමිණ ගොඩක් කල්, වර්තමන ජවිපෙ- එජාපය එක පෙරමුණක් අනුර-විජිත-රනිල්-මලික් ඩීල් ගහලා ගොඩක් කල්...
එතකොට මහින්ද මහත්තයලත් එක්ක ඇතිවුණේ මොන එකඟතාවක්ද?
රතු මල්ලිලා හැංගිමුත්තන් කරමින් උන්නානේ... සොයා බැලුකල වෙස් නැටුමට පුහුණු වෙලානේ.. නොදන්නේද නටන්න වෙන්නේ හැංගි නොවේනේ... දෙනවා දෙනවමයි ගල්මුල් අමතක වෙන්නමනේ..
මොවුන්ට ලැජ්ජා නහරය උප්පත්තියෙන්ම පිහිටලා නැහැ වගෙයි...
"රතු අලි කියන්නේ කට කහනවටයැ " කියලා කවුදෝ කියනවා ඇහුණා. විහිලුවට වෙන්න ඇති.
මහින්ද එක්ක ගියොත් කොටියත් දේශප්‍රේමික් කරන මල්පොහොට්ටු කාරයෝ ඇත්ත පැත්තක...
ජවිපෙ දේශපාලනය තේරුම් ගැනීමට හොඳ අවස්තාවක්. ජවිපෙ ඇත්ත සමාජවාදී පක්ෂයක් නම් පළමුව රටේ සියලුම වාමාංශික පක්ෂ, සංවිදාන සමග සාකච්චා කර යම් එකඟතාවයන්ට පැමිණ එහිදී රටට අවශ්‍ය හොඳම තීරණය ඒ මොහොතේ ගතයුතුය. නමුත් වර්තමාන ජවිපෙ පළමුව මේ රට විනාශ ප්‍රධාන ධනපති පක්ෂ සමග එකඟතාවන්ට පැමිණීමෙන් පෙනී යන්නේ ජවිපෙ යනු තවත් එවැනිම සුළු ධනපති පක්ෂයක් බව නේද
අද මේ රටෙහි දේශපාලන ක්ෂේත්‍රයේ බලාපොරොත්තු තැබිය හැක්කේ ජ.වී.පෙ.ගැන පමණයි!