(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

නව රජයේ ඉඩම්  කැබිනට් අමාත්‍යවරයා ලෙස පත්වූ එස්. එම්. චන්ද්‍රසේන මහතා  බත්තරමුල්ල, රජමල්වත්ත පාරේ පිහිටි  ඉඩම්  අමාත්‍යාංශයේදී අද (13)   සිය ධුරයේ වැඩකටයුතු නිල වශයෙන් ආරම්භ කළේය.

මහාසංඝරත්නයේ ආශිර්වාද  ලබාගැනීමෙන් අනතුරුව අමාත්‍යවරයා සුභ මොහතින් නිල ලිපියකට සිය අත්සන යොදමින් රාජකාරි කටයුතු ආරම්භ කළ අයුරු ඡායාරූපයන්හි දැක්වේ.

අමාත්‍යවරයාගේ සොහොයුරු එස්. එම්. රංජිත් ඇතුළු පවුලේ ඥාතීහු ද, අමාත්‍යාංශ අතිරේක ලේකම් දීප්ති ප්‍රනාන්දු  මහත්මිය සහ ඉඩම් අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.