(නිමන්ති රණසිංහ)
පාතාල කි‍්‍රයාකාරිකයකු වූ බුද්ධික ප‍්‍රසාද් ගමගේ නොහොත් ‘‘ආමි සුරංග’’ නමැත්තා පොලිස් අත්අඩංගුවේ සිටියදී ඇඹිලිපිටිය සෙවනගල ප‍්‍රදේශයේ වෙඩි තබා ඝාතනය කළැයි කියන සිද්ධියට අදාළව සහකාර පොලිස් අධිකාරිවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නිතිපති දප්පුල ද ලිවේරා මහතා පොලිස්පතිවරයාට අද (06) උපදෙස් දුන්නේය.
ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වන බී 626 නඩුවට අදාළව මෙම පොලිස් නිලධාරීන් තිදෙනා සැකකරුවන් ලෙස නම් කර ඔවුන් අත්අඩංග-ුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට දන්වා නිතිපතිවරයා සිය උපදෙස් ලබා දී ඇතැයි නිතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීන් නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කළාය.
ඒ අනුව, මෙලෙස සැකකරුවන් ලෙස නම් කර ඇත්තේ එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කළ මේ වන විට ත‍්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි ලසන්ත රත්නායක, එවකට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල සහ මිනීමැරුම් අංශයේ ස්ථානාධිපතිව සිටි කන්දප්පා නිශාන්ත සිල්වා (ඔහු මේ වන විට ස්විස්ටර්ලන්තයේ ජීවත් වන බව සදහන් වෙයි) සහ එවකට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් සැරයන් 32684 (මේ වන විට රක්වාන පොලිසියේ සේවය නියුතු) පේ‍්‍රමකුමාර යන නිලධාරීන් තිදෙනා සඳහන් වෙයි.
COMMENTS
එහෙනම් මාකදුරෙ මධුෂ් ඝාතනය වුණු වෙලාවේ හිටිය පොලිස් නිලධාරීන්වත් අත්අඩංගුවට ගනියි. මේවා මහා විහිළු කතා. එතකොට අපරාධකරුවන් අත්අඩංගුවට ගන්න යන්නෙ නීතිපතිතුමා වෙන ඔබතුමාද?. ඔහොම දෙවල් වෙනවා නම් ලංකාවට පොලිසියක් අවශ්‍යය නැහැනේ...
"මෙන්න මෙන්න රණවිරුවන් දංගෙඩියට ගෙනියන්න හදනවෝ..."
කොමිසමක් දාලා... කල් මරලා... ඕක කරන්න බැරිද? ඔය පාර්ලිමේන්තුවේ හරක් ගාලේ අයට කරනවා වගේ...
රට වනසන පස්ථාලයන්ට මොකක්ද මේ තරම් අනුකම්පාව.රටට හෙන ගැහුවත්,පොතේ නීතිය අකුරට තිබුණොත් ඇති.ඇමරිකාව බින් ලාඩන් ගෙනිච්චා.අද වෙනකං මිනියවත් නැහැ.කොහොමද ඒ රටේ ජනාධිපති වීරයෙක් වගේ ඒක මෙහෙයවපු හැටි.අපේ රටේ අය නම්, බින්ලාඩන්ගේ දුක හොයලා සීල් භටයන් දංගෙඩියට යාවාවි . පව් අපේ පොලීසියේ අය. රට රකින්න ගිහිල්ලා නිකං අමාරුවේ.දැන් ඔය පොලීසියට දීලා තියෙන තුවක්කු ආදිය අයිංකරලා පොල්පිති ටිකක් දීලා පාතාලයන්ට රට බාරදෙමූ. අපත්,පොලීසියේ අයව නිතර විවේචනය කරලා තියෙනවා.ඒත්,ඒ මිනිස්සුන්ට තියෙන බය නිසා තමයි මෙහෙමවත් හොර හතුරන්ගෙන් ගැලවිලා ඉන්නේ.නැතුව අපරාධ කාරයන් උසාවියට හෝ බන්ධනාගාරයට බය නැහැ. මොකද ඒවායින් ගැලවෙන ක්‍රම සහ විධි ඔවුන් දන්නවා.අපි පොලීසිය සුද්ද කරනවා නොවෙයි.ඒත්,මේ කරන වැඩ නිසා රටට හොඳක් වෙන්නේ නැහැ.පොතේ නීතිය හැමවිටම ප්‍රායෝගිකව කරන්න බැහැ.බොහෝ දෙනාට ඒ ගැන නිසි අවබෝධයක් නැහැ.