(රංජිත් රාජපක්‍ෂ )

ආප්ප න්‍යාය අනුගමනය කරමින් අගමැතිට එරෙහිව පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට සහයෝගය දක්වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ මන්ති‍්‍රවරුන්ට පවසන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු  මන්ති‍්‍ර උදය ගම්මන්පිල මහතා පැවසීය.

මේ දිනවල එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රීවරුන්ට විවිධ තනතුරු ලබා දෙමින්  සල්ලි  බෙදා දීමක් සිදු කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය. 

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාල ශ‍්‍රවනාගාරයේ දී  අද  (23)  පැවැති උත්සවයකට සහභාගී වෙමිනි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.

‘පුංචි ඡන්දයෙන් රටේ 71% ක් වු රටේ ජනතාව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සම්මත කර තියෙනවා. මේ  දිනවල අග‍්‍රාමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය දිනා ගැනිමේ  ලිපියක් අත්සන් ගනිමින් පවතිනවා.  

ඒ සඳහා පක්ෂයේ තනතුරු සහ සල්ලි මිටි ගණන් මන්ති‍්‍රවරුන්ට ලබා දෙනවා.  ඒ දෙන දේවල් අරගෙන 4 වැනි දා  රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව පැවත්වෙන විශ්වාසභංග යෝජනා ඡන්ද විමසීමේදී ආප්ප න්‍යාය අනුගමනය කරමින් ඡන්දය පාවිචිචි කරන ලෙස මම එක්සත් ජාතික පාක්ෂිකයෙන්ගෙන් ඉල්ලනවා.‘