
(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අවන්ති දේවි ළමා නිවාසයේ සිදුව ඇතැයි කියන අපචාර හා අක්‍රමිකතා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කිරීම සඳහා පරිවාස කොමසාරිස් උපාලි රාජපක්ෂ මහතා ඇතුළු එම කාර්යාලයේ පරිවාස නිලධාරින්, පරිපාලන නිලධාරින් වහාම ස්ථාන මාරකර යවන ලෙසට අද (09) උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා විසින් නියම කළේය.
මෙම ළමා නිවාසයේ සිදුවී ඇතැයි කියන අපචාර හා අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එම ළමා නිවාසයට ගිය පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා සහ ළමා හා කාන්තා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් අද (09) සිදුකළ නිරික්ෂණයකින් පසුව පළාත් ආණ්ඩුකාරවරයා විසින් මෙම තීරණය ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පළාත් ආණ්ඩුකාරවරයා විසින් උතුරු මැද පළාත් සභා ලේකම් පි.එස්.විමලවීර, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පුහුණු) පි.කේ.එස්. චන්ද්‍රලතා, සහකාර ලේකම් සාලිය ජයසිංහ යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබේ.
මෙහිදි අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා කියාසිටියේ දිවයිනේ සියලුම ළමා හා කාන්තා නිවාසවල පරිපාලනය සම්බන්ධයෙන් ඉදිරියේදී රාජ්‍ය බුද්ධි අංශය යොදවා තොරතුරු ලබා ගැනීමට පියවර ගන්නා බවයි.
මෙම නිරීක්ෂණ චාරිකාවට පරිවාස දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින් මෙන්ම පොලිස් නිලධාරිහුද එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපචාර කරලා නම් ස්ථාන මාරු දීලා තියෙනවද? ඒ කියන්නේ මෙතන කෑවා ඇති. දැන් වෙන තැනක කන්න කියලද? මෝඩ පාලකයින් ඉන්නකොට මේවා තමයි වෙන්නේ. ළමා නිවසකත් අපචාර කරලා නම් ගෙදරම යවන්න ඕනෑ. කාලකණ්ණි ... නැතිනම් හිරේ දාන්න ඕනෑ.
ඇතැම් ළමා නිවාසවල ඇතැම් පාලක පාලිකාවන් ළමා නිවාසේ දරුවන්ගේ ආහාර වේලෙනුත් ගසා කනවා. ළමා නිවාසේ දරුවන්ට ලැබෙන දේවල් තමන්ගේ ගෙදර දරුවන්ට ගිහින් දෙනවා. ඒ වගේ නරුමයින් ඉන්න රටක් මේක.
අප සියලුම මාධ්‍යවේදීන්ගෙන් සහ සියලුම මාධ්‍ය ආයතනවලින් අවංක පුරවැසියන් වශයෙන් කාරුණිකව මෙසේ ඉල්ලා සිටින්නෙමු. කරුණාකර මෙවන් කාලකන්නින්ගේ වතගොත, පැටිගිරිය පැහැදිලි ඡායාරූප සමගම සියලුම තොරතුරු ප්‍රසිද්ධ කරන මෙන් ඉල්ලා සිටින්නෙමු. ඔබලා එසේ තම යුතුකම් නිසි ලෙස ඉටුකරන්නේ නම් එය ඔබලා මෙලොවදීම රැස්කර ගන්නා මහඟු පිං කන්දරාවකි.
ළමා අපචාරයට ළමානිවාස විතරක් නෙමෙයි. පිරිවෙන්, වෙහෙර, විහාරස්ථාන පවා සියලු වාර්තා බිඳ හෙළමින් ඉදිරියේ සිටින බව පනී යනවා.
අම්මව වුණත් විකුණලා සල්ලි හම්බ කරන කොටසක් ලංකාවේ ඉන්නවා. අහිංසක, අම්ම තාත්තගේ රැකවරණයක් හෝ දෙමාපියන් නැති දරුවෙක් වෙන කෙනෙකුට විකුණන එක මේ වගේ පාහරයින්ට සුළු දෙයක්. ළමයිනුත් අසරණයි.
වැඩ තහනම් කරලා පරීක්ෂණ කරනවා වෙනුවට මාරු කරලා වෙනත් තැනකට දානවා. හිරමනේ හඳට යැව්වත් කරන්නේ පොල්ගාණ එක තමයි.
අපචාර වෙලා තියෙනවා නම් මාරු කරන්නේ වෙන තැනකට ගිහින් ඒ අපචාර කරන්නද? පිස්සෝ රැලක්.
මෙම නිවාසය ඇත්තටම පරිවාස දෙපාර්තමේන්තුවේ නිවාසයක්ද? නැත්නම් ස්වේච්ඡා නිවාසයක්ද බලන්න. ස්වේච්ඡා නිවාසවල වුවත් විවිධ අපචාර හා අකටයුතුකම් සිදුවෙනවා... කොහොම වුණත් ළමා නිවාස පාලනය වෙන්නේ පළාත් ආණ්ඩුවලින් නිසා මෙතෙක්කල් මධ්‍යම රජයේ ඇමතිවරයෙකු පැමිණෙන තුරු බලා සිටි පළාත් බලධාරියාද මෙයට වගකිවයුතු අතර මෙයින්ම පළාත් සභා අනවශ්‍ය බව පැහැදිලි වේ. මම අහලා තියෙනවා එක් පළාතක නිවාස අතර තරගයකදී අකටයුතුකම් රාශියක් සිදුවූ නිවාසයකට තේරීම් කමිටුව ළකුණු නොදුන් අවස්ථාවක පරිවාස නිළධාරියා ළමා හිමිකම් වර්ධන නිලධාරිනිය කොමසාරිස් නොමග යවා එම නිවාසයට පළමු තැන් දුන්නා කියලා.