(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් එවකට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙසින් කටයුතු කළ අරවින්ද ද සිල්වා මහතා ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට අද (30) සාක්‍ෂි ලබාදුන්නේය. එම ඒකකය අරවින්ද ද සිල්වා මහතාගෙන් පැය තුනහමාරකට වැඩි කාලයක් සාක්‍ෂි සටහන් කරගත්තේය.
එම ඒකකයේ කැඳවීමකට අනුව අරවින්ද ද සිල්වා මහතා කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට අද (30 ) පස්වරු 2.10 පමණ පැමිණියේය. ඒ මහතා පස්වරු 6.00 වන තෙක්ම එහි රැදී සිටියේය. මෙම සාක්‍ෂි සටහන් කරගැනීමේ අවස්ථාවට නීතිඥවරු කීපදෙනකු ද සහභාගි වී සිටියහ.
ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත් ෆොන්සේකා මහතාගේ අධීක්‍ෂණයෙන් මෙම සාක්‍ෂි සටහන් කරගන්නා ලදි.
ඡායාරූප - ළහිරු හර්ෂණ



COMMENTS
ලංකාවට මොන තරම් ගෞරවයක් ගෙනත් දීපු ක්‍රීඩකයෙක්ද මේ.
බලාගෙන මෙයාගේ තාත්තා වැඩ කලේ බුකිපාල ගාව...
මහනුවර පොහොට්ටුවට ඡන්දය... ඒ අය අලුත්ගමගේට දුන්නොත් අනාථයි..
අරවින්ද කියන්නේ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙක්.. අරවින්දයි, සංගයි කියන්නේ මගේ වීරයින්. අනේ මහත්වරුනේ... අනවශ්‍ය විදිහට රස්තියාදු නොකර ඔවුන්ට නිසි ගෞරවය ලබාදෙන්න ස්තුතියි..
මිනිසුන්ගේ අවධානය වෙනස් කරන්න පටන් ගත්ත බොරු කතාවක් මේක... බෙහෙත් මිල සහ අත්‍යාවශ්‍ය ආහාරවල මිල පහුගිය රජය යනකොට තිබුණාට වඩා දැන් හොඳටම වැඩියි. ඒවා ඔක්කොම අමතක කරන්න වුණාම මොකක් හරි බොරු කතාවක් ඇදලා ගන්නවා...
මහින්දානන්දත් පික්පොකට් කාරයින් වගේ, දුවන ගමන් "ඔන්න හොරෙක්, ඔන්න හොරෙක්..‘‘, කියලා තමයි දුවන්නේ.
මේ දේශපාලකයින් නිසා මේ වගේ වටිනා මනුස්සයෙක්ටත් රස්තියාදු වෙන්න වුණා
ඔබ අප රටෙන් බිහිවුණු ඉතාමත්ම දක්ෂ ලෝපතල ක්‍රීඩකයින්ගෙන් එක්කෙනෙකි. අප ඔබ වෙත ඇත්තේ අසීමිත ආදරයකි, ගෞරවයකි. එසේම ක්‍රීඩාලෝලීන් ලෙස අප ඔබගෙන් මෙම චෝදනා පිළිබඳව සත්‍ය දැනගැනුමට කැමැත්තෙමු.. අප ඔබගෙන් අවංකත්වය සැමවිටම බලාපොරොත්තු වන්නෙමු. ලංකාමාතාව ලෝකය ඉදිරියේ බැබලවූ ඔබලාගේ අවංකත්වය දෙස අප ඇස් යොමා බලා සිටින්නෙමු.
‘‘තමාට පෙර රට‘‘ යන තේමාව යටතේ ශිල්පය හැදෑරූ දරුවෝ...
ඇයි පෙට්‍රෝල් සංස්ථාවෙදිි සිංගප්පූරුවත් එක්ක ගිවිසුම් ගහලා රටට කෝටි කීයක පාඩුවක් කරලද සාක්කු පුරවගත්තේ. ඒවත් හොයන්න කාලේ.