IMG-LOGO

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා


රෝස වසන්තයෙන් කිරුළ අහිමිව දිවි ගමන නිමකළ ඊජිප්තුවේ හොස්නි මුබාරක්

එක්තරා වකවානුවක දී ඊජිප්තුවේ ආධිපත්‍යය පතුරුවා ගෙන සිටි හිටපු ජනාධිපති හොස්නි මුබාරක් ජන අරගලයකින් බලයෙන් පහකළ ලෝක නායකයෙකු විය. මුලින් ජනතා හිතවාදී ලෙසින් පැමිණ, සමස්ත රාජ්‍යයක දශක තුනක් පුරා සිය අණසක පතුරුවාලූ රාජ්‍ය නායකයෙකු වූ හෙතෙම ඉකුත්දා අභාවප්‍රාප්ත වූයේය. මෙවර දියත රාජ්‍ය නායක පිටුව වෙන්වන්නේ ඔහු වෙනුවෙනි.


දශක 03ක් එරට නායකත්වය හෙබවූ ඔහුගේ පාලනය බිඳවැටුණේ 2011 පෙබරවාරියේ අරාබි වසන්තයට සමගාමීව කයිරෝ නුවර පිහිටි තරීර් චතුරස්‍රයට එක්වූ දැවැන්ත ජන ගංගාව හමුවේය. 1981 සිට 2011 දක්වා ඊජිප්තුවේ ජනාධිපති ධුරය දැරූ මුබාරක් 1981 ඔක්තෝබර් මස 14 වන දින එවකට ඊජිප්තු ජනාධිපතිව සිටි අන්වර් සදාත් ඝාතනයට ලක්වීමෙන් පසු ඔහු ජනාධිපති වශයෙන් පත්විය. එතැන් පටන් මුස්ලිම් අන්තවාදීනට එරෙහි දැඩි පිළිවෙත, ඊශ්‍රායලය සමග සාමයෙන් කටයුතු කිරීම වැනි සදාත් විසින් අනුගමනය කරන ලද අභ්‍යන්තර හා ජාත්‍යන්තර දේශපාලන ප්‍රතිපත්ති එලෙසම ඉදිරියට පවත්වාගෙන ගියේය. දේශපාලනයට පිවිසීමට පෙර ඔහු ඊජිප්තු ගුවන් හමුදාවේ නිලධාරියකු වූ අතර 1972 සිට 1975 දක්වා ඊජිප්තු ගුවන් හමුදාවේ අණදෙන නිලධාරියා විය. 


මොහොමඩ් හොස්නි සයිඩ් මුබාරක් ඊජිප්තුවේ ජනපති ධුරයට පත්ව වසර 30කට ආසන්න කාලයක් බලයේ සිටියදී දූෂණ, වංචා, මිනීමැරුම් ආදී චෝදනා මත 2011  සිරභාරයට ගත්තේය. ඇප මත මුදාහැරුණු හොස්නි මුබාරක් ජීවිතයේ අවසන් කාලය ගෙවාදැමුවේ පිළිකා රෝගියෙකු ලෙසිනි. වසර කිහිපයක් පුරා කයිරෝ අගනුවර හමුදා රෝහලක රඳවා සිටියදී ඔහු මියයන විට 91වැනි වියේ පසුවිය. පසුගිය ජනවාරි මාසයේදී සැත්කමකට බඳුන්වූ මුබාරක් මියයන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි බව ඔහුගේ පුතු අලාහ් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණි. හොස්නි මුබාරක් මියයන අවස්ථාවේදී ඔහුගේ පවුලේ සාමාජිකයන් ඒ අසල වූ බවත් රෝහලේදී ඔහු මියගිය බවත්, මුබාරක්ගේ මස්සිනා කෙනකු වන ජෙනරාල් මුනිර් තාබෙට් ප්‍රකාශ කළේය.


එරට සිවුවැනි ජනාධිපතිවරයා ලෙසින් බලයේ රැඳී සිට ඔහු බලයෙන් පහකෙරුණු දැවැන්ත ජන අරගල හා විප්ලවයේදී විරෝධතාකරුවන් ඝාතනයකිරීම් සම්බන්ධයෙන් මුබාරක්ට එරෙහිව චෝදනා ගොනුකෙරුණු අතර එහිදී වරදකරුවීමෙන් වසර කිහිපයක් සිරදඬුවම් විඳීමටත් ඔහුට සිදුවුණි. කෙසේ නමුත් 2017 වසරේදී හිටපු ජනාධිපතිවරයා මුදාහැරුණේ පැමිණිලි පාර්ශ්ව අදාළ චෝදනා හකුලා ගැනීමත් සමගින් වීම විශේෂත්වයක් විය. ඒකාධිපති පාලකයකු ලෙස ප්‍රකට හිටපු ජනාධිපති හොස්නි මුබාරක්ට විරෝධතාකරුවන් ඝාතනය කළ බවට 2010 වසරේදී චෝදනා එල්ලවූ අතර ඔහු එම චෝදනාවලට වරදකරු කරමින් සිරගතවූ බව සඳහන් කළ යුතුය.


මුබාරක්ගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසුරුවා හැරීමට නිල නියෝග ලබාදුන්නේ 2011දී ය. කෙසේ වෙතත් හිටපු සාමාජිකයන්ට මැතිවරණවලට ඉදිරිපත්වීමේ තහනම 2011 ජූලි මාසයේදී ඉවත් කරන ලදී. මුබාරක්ට එරෙහි කැරැල්ලේ දී විරෝධතාකරුවෝ 800කට අධික පිරිසක් මරාදැමීමට එරෙහිව මුබාරක්ට පනවා තිබූ චෝදනා එරට අධිකරණයක් විසින් නිෂ්ප්‍රභ කරන ලදී. කෙසේ වෙතත් සිය පුතුන් වන අලා සහ ගමාල් ද ඇතුළුව මුබාරක්ට එරෙහිව දූෂණ චෝදනා මත ඔවුන්ට තුන් අවුරුදු සිරදඬුවමක්ද එම කාලයේදී පැනවිණි.

 

 


හොස්නි මුබාරක්ගේ අභාවය සම්බන්ධයෙන් ශෝකය පළ කරමින් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු නිවේදනයක් නිකුත්කරමින් කියාසිටියේ තමාගේ හොඳ මිතුරෙක්වූ හොස්නි මුබාරක්ගේ පාලන සමය තුළදී ඊජිප්තුව ආරක්ෂිත රාජ්‍යයක්ව පැවැති බවත් රටට සාමය උදාකිරීමට ජනාධිපතිවරයා සමත්වූ බවත්ය.


මුස්ලිම් අන්තවාදීන්ට එරෙහි දැඩි පිළිවෙත, මුස්ලිම් ලෝකයා නොසලකා හැරිය ඊශ්‍රායලය සමග සාමයෙන් කටයුතු කිරීම වැනි සදාත් විසින් අනුගමනය කරන ලද, අභ්‍යන්තර හා ජාත්‍යන්තර දේශපාලන ප්‍රතිපත්ති එලෙසම ඉදිරියට පවත්වාගෙන ගියේය. 


හිටපු ජනාධිපති හොස්නි මුබාරක් ජීවතුන් අතර සිටියදී ඔහුගේ පක්ෂ මූලස්ථානය කඩාදැමීමට ඊජිප්තු බලධාරින් පියවර ගනු ලැබුවේ මුබාරක් බලයෙන් පහ කළ 2011 කැරැල්ල අතරවාරයේදීය. 


කයිරෝ නගරයේ නයිල් ගඟ අසබඩ පිහිටි මේ මහල් හතරේ ජාතික ප්‍රජාන්ත්‍රවාදී පක්ෂයේ ගොඩනැගිල්ල බුල්ඩෝසර සහ දොඹකර යොදාගෙන බිමට සමතලා කිරීමට මුබාරක් විරුද්ධවාදීහු කටයුතු කළහ. මේ අතර රජයේ කාර්යාල පිහිටා තිබූ මහල් 14ක කුලුනක් ද විනාශ කිරීමට පටන්ගෙන ඇත. මේ දෙකම පිහිටා තිබුණේ මුබාරක්ට එරෙහි කැරැල්ලේ තිඹිරිගෙය වූ තහීර් චතුරස්‍රයේය. මාස දෙකක් ඇතුළත ගොඩනැගිල්ල බිමට සමතලා කිරීමෙන් පසුව එම ස්ථානයේ උද්‍යානයක් ඉදිකිරීමට පවා ඔවුහු කටයුතු කළහ.


මුබාරක්ගේ පාලනය මුල් කාලීනව ජනතාවාදී එකක් වුවද එය පසුකාලීනව දූෂණය, කෲරත්වය, දේශපාලන මර්දනය මෙන්ම උග්‍ර ආර්ථික ගැටලුවලින් පිරුණු එකක් විය. 


අත්තනෝමතික මෙන්ම ධනවාදයට නැඹුරු පාලනයක් ගෙනගිය මුබාරක්ගේ පාලන කාලයේදී එක්සත් ජනපදයට වඩාත් හිතවාදී මිතුරෙකු ලෙසින් කටයුතු කළේය. කෙසේ වුවත් මුබාරක්ගේ පාලන සමය ඇමෙරිකාවෙ ඕනෑ එපාකම් අනුව සකස් වූ එකක් ලෙසද චෝදනා එල්ල වූයේය.

 

 

තිළිණි ද සිල්වා
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

රෝස වසන්තයෙන් කිරුළ අහිමිව දිවි ගමන නිමකළ ඊජිප්තුවේ හොස්නි මුබාරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32958 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15592 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10042 15

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 116 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 194 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 498 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site