ආසියාවේ නැගී එන ස්වාධීන රාජ්‍යයක් ලෙස ප‍්‍රචලිත වෙමින් තිබූ ශ්‍රී ලංකාව පිළිබඳ වැරදි තොරතුරු ජාත්‍යන්තරයට ලබාදීමේ උපක‍්‍රම කලින් කලට කි‍්‍රයාත්මක වේ. මේවායේ අරමුණු විවිධාකාරය. මෙරටට ලැබෙන්නට ඉඩ ඇති විදෙස් ආධාර නවත්වා සංචාරක ව්‍යාපාරය අඩපණකර කඩා වැටුණු ආර්ථිකය ගොඩනැගීම සඳහා උදව් දෙන බව පෙන්වමින් තවත් බලවතුන් පිරිසක් ගෙන යන ප‍්‍රචාරය ඉන් එකකි.


මෙරටට ආධාර දෙන සද්ගුණවත් රටවල් ලෙස ඉන්දියාව, චීනය, ඇමරිකාව ඇතුළු බටහිර රටවල් දුන් පොරොන්දු, ආධාර හා ණය නිසා පරම්පරා ගණනාවක් ගෙවන්නට ණය කන්දක් ගොඩ ගැසී ඇත. එහෙත් මෙම කුමන්ත‍්‍රණකරුවන්ට බිඳ දැමිය නොහැකි වූ පෞරුෂයක් ශ්‍රී ලංකාව තුළ වෙයි. එනම් පුරාවිද්‍යාත්මක සංස්කෘතියය. සංචාරක පිරිස් වැඩි වැඩියෙන් රට තුළට ගලා එන්නේ එම අසිරිය විඳීමටය.


බි‍්‍රතාන්‍ය මහ රැුජින හා ඇගේ සැමියා වන එඩින්බරෝ ආදිපාද තුමාද 1954 වසරේ අපේ‍්‍රල් 10 වැනිදා අලූත නිදහස ලැබූ ලංකා රාජ්‍යය නැරඹීමට මෙහි පැමිණියහ. මෙරට සුන්දරත්වයත්, පුරාවිද්‍යාත්මක අගයත්, බෞද්ධ සංස්කෘතියත් ගැන අසා තිබීම මෙම දිවයින දෑසින් දැක බලා ගැනීමට පැමිණීමට හේතුව විය.


එහෙත් ඉහත කී කුහක බලවේග ඇගේ  ගමන වැළැක්වීමට මෙරට ගැන බොරු ප‍්‍රචාර ගෙනගියහ.


”කැරලිකරුවන් මැඩලන්න හමුදාව සූදානම්”
”තුවක්කු ගත් භටයෝ වීදි පුරා සැරිසරති”
”කොළඹ මිනීමරු නගරයක්.”
”අපරාධකරුවෝ කැරලි ගසා කඩ සාප්පු කොල්ලකා ගිනි තබති.”


මෙම පුවත් පළවූයේ 1957 මාර්තු 22 වැනිදා ලන්ඩනයේ එම්පයර් නිවුස් පුවත්පතේය.


මෙම පුවත් අසා රාජකීයන් පවා කැලඹී ගිය අතර ලන්ඩන් හි ශ්‍රී ලංකා මහකොමසාරිස්ව සිටි සර් ක්ලෝඞ් කොරයා එම පුවත්වලට විරෝධය පෑවේය.


”රැුජිනගේ ගමන ආරක්ෂිතද? ඇගේ උඩරට ගමන ඇතුළු සංචාර නැවැත්විය යුතුද?


දෙස් විදෙස් මාධ්‍ය ලංකාණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලකගෙන් විමසූහ.


”මහරැුජින එංගලන්තයේ ඉන්නවාට වඩා ලංකා ගමන ආරක්ෂිතයි” ඒ සර් ඔලිවර්ගේ පිළිතුරයි.


මැන්චෙස්ටර් නුවර දිනකට විසිදහසක් අලෙවි වන ත‍්‍රාසජනක පුවත් සඳහා ප‍්‍රසිද්ධ පත‍්‍රවල ”ලංකා භීෂණ” පුවත් පළ කෙරිණි.


මහරැුජින තම සැමියා වන පිලිප් කුමරු නොහොත් එඩින්බරෝ ආදිපදවරයා ඇතුළු අමුත්තෝ කොළඹ හා නුවර පමණක් නොව රටේ සුන්දර ස්ථාන නැරඹුමට සාර්ථක සංචාරයක නියළුණහ. කිසිදු උවදුරක් නොමැතිව ගිය ගමන ගැන ලංකාවේ පුවත්පත් දිනෙන් දින කළ වාර්තා ගැන ලන්ඩන් ඬේලිමේල් පුවත්පත ප‍්‍රකාශ කළේය. එළිසබෙත් මහ රැුජිනගේ සංචාරවලට විශේෂයෙන් සීගිරිය නැරඹීමේ චාරිකාවට එක්වූ පිරිසට ශ්‍රීමත් ජෝන් කොතලාවල අගමැතිඳුන් ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක සමග ”සීගිරි රාවණා” යන විරුදාවලිය ලබා සිටි මහාචාර්ය සෙනරත් පරණවිතාන සුරිහූද වූහ. සීගිරිය ගැන පරණවිතානයන්ගේ පරිණත බව ගැන රැුජින හා එඩින්බරෝ ආදිපාදිතුමා මහත් විමතියට පත්වූ බව පුවත්පත්වල පළ විය.


රාජ්‍ය නායකයන්ට ලංකාව ගැන වැරදි තොරතුරු දී නොමග යැවූ තවත් සිද්ධියක් 1976 නොබැඳි සමුළු සමයේදී වාර්තා විය.


එනම් ලිබියානු සමුහාණ්ඩුවේ නායක කර්නල් මුවම්මර් ගඩාපි ගැනය. විප්ලවවාදී මහා පෞරුෂමය චරිතයක් ඔහු සතුව පැවතිණ.


සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැති මෙම සමුළුවට ලිබියානු නායකයාට ද ඇරයුම් කළ අතර පෙර කටයුතු සඳහා තම නියෝජිතයකු එවන ලදී. 


මොහුගේ ඇතුළුවීමේ ලියවිලිවල අඩු පාඩු තිබියදීත් ලංකාවට වැද්දගැනීම ගැන කෝප වූ ගඩාපි ඔත්තුකරුවන්ටද එලෙස ඇතුල් විය හැකි බව පෙන්වා විරෝධය පළකළේය. එබැවින් නොබැඳි සමුළුවට තමා සහභාගි නොවන බව අවසන් මොහොතේදී ගඩාපි නිවේදනය කළේය.


මුළු ලංකාණ්ඩුවම එම පුවතින් දෙදරුම් කෑ අතර ජාත්‍යන්තරයට පුවත යන්නට පෙර බොහෝ ඇවිටිලි කර ලිබියානු නායකයාගේ ගල්හිත උණුකිරීමට මැතිනිය සමත් වූවාය. සංවිධායකයන්ගේ ඇඟට ලේ ඉනුවේ සුපුරුදු ප‍්‍රතාපවත් බවින් ලිබියා නායකයා මෙරටට සේන්දු වූ විටය.


87x88 වකවානුව ලක්දිව ලේ විලක් විය. මහ පරිමාණයේ හා සාමාන්‍ය ජන ජීවිතයේ දේපළ වනසා ගිනි තබන ලදී. සිය දහස් ගණනින් සිරගෙවල්වල වධ බන්ධනවලට ලක්වූහ. ගංගාවල මළ සිරුරු පාවෙන්න විය. ජාත්‍යන්තරයද මෙරට ඉරණම ගැන කලබලවූ වකවානුවක මදක් හෝ සැනසුමක් ගෙන දෙන පරිදි ඉන්දු x ලංකා ගිවිසුම ඉන්දියාව සමග අත්සන් කිරීමට ජනපති ජේ. ආර්. ජයවර්ධන සැලසුම් කළේය.


”ලංකාවට යන්න එපා. ගියොත් බලාගෙනයි.”


”අපි සටන් වදින්නේ ස්ව රාජ්‍ය දිනාගැනීමට ගිවිසුම් ගහලා රට පාවාදෙන්න එපා.”


අගමැති රජීව්ට ඉන්දීය කොටි නායකයෝ අනතුරු ඇඟවූහ. ”ඉන්දීය රාජ්‍ය සභාව හා පාර්ලිමේන්තුවද උණුසුම් විය. පෙළපාළි හා උද්ඝෝෂණ භීෂණ කි‍්‍රයා වැඩි විය.


ඒ කිසිවකින් නොසැලූණ අගමැති ජවහල්ලාල් නේරුගේ මුණුපුරු රජීව් ගාන්ධි මෙරටට පැමිණ ජේ. ආර්. සමග ඉන්දු x ලංකා ගිවිසුම අත්සන් කළේය. ති‍්‍රවිධ හමුදා ආරක්ෂාව යටතේ මේ හපන්කම කළ රජිව් ගාන්ධිට සාමාන්‍ය නාවික සෙබළ විජිත රෝහණගේ බයිනෙත්තු බඳෙන් ප‍්‍රහාරයකට ලක්වීමට සිදුවිය.


මවුරටට ගිය රජිව් ගාන්ධි තමා පිළිගැනීමේ මුවාවෙන් ළංවූ කොටි මල්මාලාකාරියගේ මරාගෙන මැරෙන බෝම්බයට  ගොදුරු වූයේය.


”මිනී කන්නන්ගේ දේශය” යන නාමය එකල ලංකාව පිළිබඳව ජාත්‍යන්තරයේ රැුව් පිළිරැුව් දුන්නේය. ඒ කැරලි කෝලාහල පිපිරුම්, කොල්ලකෑම් සමූහ මිනීවළවල් පිළිබඳ දිනපතා ලැබෙන තොරතුරු නිසාම නොවේ.


ශ්‍රී ලාංකිකයෝ මිනී මස්කන ගෝත‍්‍රික පිරිසක් බව හැෙඟන ජාත්‍යන්තර සිනමා පටයක් ප‍්‍රදර්ශනය වීම නිසාය. මේ චිත‍්‍රපටය කවදා කොතැනක රූප ගතවූවා දැයි ආණ්ඩුවවත් දැන නොසිටි බැවින් විපක්ෂයට හොඳ ආයුධයක් ද විය.
1978 දී ඛ් ඵදබඒට්බ් ාසද ක්‍්බබැඉ්කැ නම් ඉතාලි නිෂ්පාදනයේ මීට සමාන රූප රාමු වූ අතර ඊට සිංහල නමක් නොගැළපිණ. ලංකාවේ ඩඞ්ලි වානගුරු ආදී පිරිසක්ද රැුඟු එය ”මිහිකත දෙවියන්ගේ කන්ද” ලෙස හැඳින්විණ.


සුදු ජාතික උරුසිලා ඇන්ඩ‍්‍රස් සහ ස්ටයි ප‍්‍රධාන චරිත රඟපෑහ. නිව්ගිනියා වනාන්තරයේදී රූගත කළ බව කියැවේ. වනගත වූ හෙන්රි නම් ගවේෂකයා සොයා ගිය ඔහුගේ සොහොයුරා සහ සුසන් ස්ටීවන්සන් ලැබූ අත්දැකීම් මීට පාදක විය.


1988 දී ඔයැ ත්‍මරඑයැර ්ාඩැබඑමරි දෙ ් ඔැබබැිිැ හෙවත් ඛ්බා ක්‍්රබසඉ්කි චිත‍්‍රපටය ”බෝර්නියෝ” නම් රටේ  රූපගත වූ බව දක්වා ඇතත් එහි පසුබිම ලංකාවේ බව පෙනී යයි.


78 දී ප‍්‍රවීණ අධ්‍යක්ෂ ස්ටීවන් ස්පිල්බර්ග් හා ජෝර්ජ් ලූකස් නිපදවූ බාල වර්ගයේ චිත‍්‍රපටයේ තේකිගේ රඟපෑම් ආකර්ෂණීය විය. සරොම් හැඳ සිංහල කතා කරන කට රතු මිනීමස් බුදින වනචාරි පිරිසකට කොටු වූ සුදු යුවළක් ගැන වූ මෙම චිත‍්‍රපටය තුළින් සිංහල දේශය ම්ලේච්ඡු භූමියක් බවට ඉඟි පහළවීම ආන්දෝලනයට තුඩු දුන්නේය.

 

 

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි