පේ‍්‍රමසර ඈපාසිංහ

දිවංගත අගමැති ඇස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතාගේ 58 වැනි ගුණ සමරුව අදට (26) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.දිනය 1959 සැප්තැම්බර් 25 වැනිදා ය.

එවකට මා සේවය කළේ කොල්ලූපිටිය, වාළුකාරාම පන්සලේ ධර්මශාලාවේ මහානාම විදුහලේ ඉංග‍්‍රීසි උපගුරුවරයා ලෙසය. විහාරාධිපති නිවන්තිඩියේ  ආනන්ද හිමිපාණන්, හිඟුුරක්ගොඩ සිට පැමිණි දායක පිරිසත් සමඟ සුදු පැහැති ඔස්ටින් වර්ගයේ වාහනයකින් අග‍්‍රාමාත්‍ය බණ්ඩාරනායක මැතිතුමා හමුවන්නට යන ගමන් මා අමතා මෙසේ පැවසීය.

‘‘පේ‍්‍රමේ මේ දායක මහත්වරුන් සමඟ ලොක්කා හමුවන්නට යනවා යැයි පැවුසූහ. ඒ ලොක්කා අගමැති බණ්ඩාරනායක මැතිතුමා ය. වෙලාව උදෑසන 7.30ට පමණ ඇත.

ගතවූයේ පැය කීපයකි. වේලාව පෙරවරු 10.00 ට පමණ ඇත. මහා කළබලයෙන් පෙරළා පන්සලට පැමිණි ආනන්ද හිමියෝ මා අමතමින් මෙසේ කීහ.

පේ‍්‍රමේ අර වල්පරයා තල්දූවේ සෝමාරාමයා අපගේ අගමැතිතුමාට රොස්මිඞ් පෙදෙසේ නිවසේ දී වෙඩි තිබ්බා. එතුමා රෝහලට ගෙනියන්න මා උදව් කළා යැයි පැවසීය.

බණ්ඩාරනායක ඝාතන නඩුවේ ප‍්‍රධාන සාක්ෂිකරුවෙක් වූයේද නිවන්තිඩියේ ආනන්ද හිමියෝ ය.
මෙයට වසර 58 කට පෙර අප අතරින් වියෝවුණු බණ්ඩාරනායක අගමැතිඳුන්ට ගෞරව උපහාර පිණිස මෙම සටහන තබමි.
මෙම ශෝකී පුවත ඇසීමෙන් බලවත් කම්පාවට පත්වුණු මා ආනන්ද හිමියන්ට පැවසුවේ මේ බව තමාගේ ප‍්‍රධාන දායකයෙකු වන ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මැතිඳුන්ට වහාම දන්වන ලෙසය. ගතවූයේ මිනිත්තු කීපයකි. ආචාර්ය කොල්වින් ආර් ද සිල්වාත් බර්නාඞ් සොයිසාත් පන්සලට පැමිණියහ. එම දෙපළ තමන් පැමිණි මෝටර් රථයට ආනන්ද හිමියෝ නංවාගෙන පොලිස්පති එම්.ඩබ්ලිව්.එෆ්. අබේකෝන් මැතිතුමා හමුවන්නට ගියහ.

දවල් 12 පමණ වන විට මා බම්බලපිටියට ගොස් හදිසි මුද්‍රණ ලෙස පළකෙරෙන සිංහල ඉංග‍්‍රීසි පුවත්පත් කීපයක් මිලදී ගත්තෙමි. ‘‘මෝනිං ටයිම්ස්’’ පුවත් පතේ ‘‘හෙඩිම’’ අදත් මට මතකය.

"PRIME MINISTER SHOT"
"WHITE CAR MISSING WITH RUNAWAY MONK"

‘‘අගමැතිට වෙඩි - හිමිනමක් සුදුපාට කාරයකින් පළා යයි’’ මෙම පුවත්පත රැගෙන මා වාළුකාරාමයට ගියේ පත්තරය ආනන්ද හිමිපාණන්ට පෙන්වීමටය. ඒ වන විටත් ආනන්ද හිමියෝ පන්සලට පැමිණ සිටියේ නැත.

මාගේ ජීවිතයේ ඉතාමත් කනගාටුදායක දින දෙක ලෙස මා හඳුන්වන්නේ ලොවට මා බිහිකළ මගේ ආදරණීය අම්මාගේ සහ හදාවඩාගත් මාපියන්ගේ වියෝවය ඉන් පසුව මාගේ ශෝකීය දිනය ලෙස මා සලකන්නේ අග‍්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක ශ්‍රීමතානන්ගේ අභාවයයි.

අද්විතීය මහා යුග පුරුෂයෙකි බණ්ඩාරනායක මැතිතුමා. සිරිලකට පොදු ජන යුගයCommon Mans Era උදාකළ උගත් නැණවත්, බුද්ධිමත් ජනනායකයා පමණක් නොව බිහිවුණු විශිෂ්ටතම කඨිකයෙක් ලෙසද අපගේ සදා ගෞරවයට එතුමා පාත‍්‍රවුණි. හේ අවංකත්වයේ ප‍්‍රතිමුර්තිය විය. ධනවත්, ඔදවත්, තෙදවත් පරපුරකට නෑකම් දක්වන මෙතුමා තමාගේ පෞද්ගලික සුඛ විහරණය පසෙකලා ජනතා සේවය සඳහා කැපවිය.
බණ්ඩාරනායක කතාව සුරංගනා කතාවක් වැනිය. සියලූ සැප සම්පත් මැද හැදී වැඩුණු බණ්ඩාරනායකයන් දිවයිනේ ප‍්‍රධානතම ඇන්ගිලිකන් කතෝලික පාසල වන ගල්කිස්සේ සාන්ත තෝමස් විදුහලෙන් සිප් සතර හදාරා එංගලන්තයේ විශ්වවිද්‍යාල අතර සිළුමිණක් වශයෙන් සැළකෙන ඔක්ස්පර්ඞ් විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපන හදැරු නීතිවේදියෙක් බවට පත්ව සියරටට පැමිණියේ ජනතාවට සේවය කිරීමටය.

1930 ගණන්වල දී සිංහල මහා සභාව ව්‍යවස්ථාදායක සභාවත් 1947 දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවත් ආලෝකමත් කළ ප‍්‍රභාවත් කළ මොහු 1951 දී ජූලි මාසයේදී එක්සත් ජාතික පක්ෂයෙන් අස්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීය.

වයස අවුරුදු 15ක පමණ වූ කොළඹ නාලන්ද විදුහලේ ශිෂ්‍යයෙක් ලෙස මවුපියන් වූ ඞී.ආර්. ඈපා සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවන ලද දිනයේ කොළඹ නගර සභා ශාලාවේ දී බණ්ඩාරනායක ශ්‍රීමතානන්ගේ දේශනයට සවන්දීමේ භාග්‍යය ද මම හිමිකරගත්තෙමි.
1956 අත්තනගල්ල මැතිවරණ අසුන වාර්තා පිහිටුවා ජය ලබා අගමැති පදවිය එතුමාට ලබාගත් අන්දම අදත් මට මතකය.

මැතිවරණ සමයේ අත්තනගල්ලේ පැවැති රැස්වීමක් නැරඹීමට යනවිට දී අත්තනගලූ ඔය හරහා දමා තිබුණු බැනරයක ලියවී තිබුණු පදවැල් දෙකක් අදත් මට මතකය.
‘ලැබුණොත් එහෙම අපේ මැතිඳුට පරාජය ‘
‘උඩුගං බලයි අත්තනගලූ ඔයේ දිය ‘

බණ්ඩාරනායක සිය දිවියේ එකම පරාජය ලැබුවේ පාපතර මාරයාගෙනි. 1921 දී උපත ලබා 1944 දී කැලණිය රජ මහා විහාරයේ ධම්මරක්ඛිත හිමිගේ ශිෂ්‍යයෙක් ලෙස පැවිදි බිමට පිවිසි පාපිෂ්ට පාපතරයා මාපිටිගම බුද්ධරක්ඛිත හිමියන් දියත් කළ කුමන්ත‍්‍රණයක් මගින් තල්¥වේ සෝමාරාම නම්  ග‍්‍රහල චීවරධාරියා විසින් තබන ලද වෙඩිපහරවලින් මෙම ශ්‍රේෂ්ඨ ජනනායකයා මරණයට පත්වන ලදී.

ශ්‍රී ලංකාවේ සමාජය අදත් කුල - භේදය ගැන තැකීමක් දක්වන බව නොරහසකි. ඇතැම් පෙදෙස්වල ජීවත්වන අය විවිධ කුලයන්ට අයත්ය. දිවයිනේ එක්තරා ප‍්‍රදේශයක ජීවත්වන පිරිසකගේ කුලයක් පිළිබඳ එක්තරා ජනප‍්‍රවාද කතාවක් ගොඩනැගී ඇත. මෙකී අදාළ කුලයට අයත් පිරිසට හිරු බැසගියවිට කිසියම් ආකාරයක පිස්සු ගතියක් වර්ධනය වනවායයි වරක් මෙවන් පෙදෙසකින් පාර්ලිමේන්තුවට පිවිසි එම කුලයට අයත් මන්ත‍්‍රීවරයෙක් පැය ගණනක් තිස්සේ සවස 6.30න් පසුව ඉතාමත් නීරස කතාවක් කරන විට දී නැගි සිටි බණ්ඩාරනායක මැතිතුමා මෙසේ පැවසීය

ගරු කථානායක තුමනි දැන් ඉර හැරිලා

කලබලයට පත් අදාළ කුලයට අයත් මන්ත‍්‍රීවරු-ගරු කථානායකතුමනි, බණ්ඩාරනායක මැතිතුමා මගේ කුලයටයි. ඒ හින්දා අපහාස කළේ යැයි කීය.

බණ්ඩාරනායක ක්ෂණික පිළිතුර වූයේ

‘‘ගරු කථානායක තුමනි, මා ඉතා හොඳ බෞද්ධයෙක්. මා කුල භේදය ගැන කතා කළේ නැහැ. අප සැවොම එකම අම්මගේ දරුවෝ වගෙයි. මා කීවේ දැන් ඉර හැරිලා බවයි. මා දැනුත් කියනවා ඉර බැහැලා කියලා.

සභාවෙත් කොක් හැඩලීම ගුවනට මුසුවිණ.

ශ්‍රී ලංකා අති දක්ෂ ශල්‍ය වෛද්‍යවරු, දොස්තර ඇන්තනිස්, පෝල් වැනි ජීවකයන් බණ්ඩාරනායක මැතිතුමාගේ ජීවිතය බේරා ගන්නට පැය හයකට ආසන්න ශල්‍යකර්මයක් 1959 සැප්තැම්බර් 25 වැනිදා සිදු කළහ. එතුමා 1959 සැප්තැම්බර් 26 වැනිදා සදහටම දෙනෙත් පියා ගත්තේ ලක්ෂ සංඛ්‍යාත ජනකායක් හඬවමින්ය. එතුමාට අවසන් ගෞරව දැක්වීමට ලක්ෂ ගණන් දින ගණන් සැතපුම් ගණන් දිග පෝලිම්වල සිට අවසන් ගෞරව දැක් වූහ. එපමණක් නොව අදටත් වලංගු දේශපාලන දර්ශනයන් සිරිලකට හඳුන්වාදීමේ ගෞරවය ද අනිවාර්යයෙන්ම එතුමාට හිමිවේ. බණ්ඩාරනායක අගමැතිතුමාගේ ඇවෑමෙන් එතුමාගේ දයාබර බිරිඳ සිරිලක පහළ වූ මහා කාන්තා රත්නයක් වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියත් එම දෙපළගේ දියණිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියත් මේ රටේ අගමැති ජනපති පදවිවලට පත් වූහ. මින් සක්සුදක් සේ පැහැදිලි වන්නේ බණ්ඩාරනායක මහතා එදා ඞී.ඒ. රාජපක්ෂලා, ඞී.එස්. ගුණසේකර, ඒ.පී. ජයසූරිය, ජයවීර කුරුප්පු, එච්. ශ්‍රී නිශ්ශංක වැනි වීරෝදාර නායකයන් සමඟ ඇරඹු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රභලත්වයයි.

බණ්ඩාරනායක ඝාතනය නඩුව දින කීපයක්ම මම නැරඹුවෙමි.

ශ්‍රී ලංකාවේ බිහිවුණු අති විශිෂ්ට විනිශ්චයකරුවෙක් වූ ටී.එස්. ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන් 1961 පෙබරවාරි 21 වනදා කොළඹ දී නඩුව වුණු අතර චූදිතයන් වූයේ
1. මාපිහිටිගම බුද්ධරක්ඛිත හිමි
2. හේමචන්ද්‍ර පියසේන ජයවර්ධන
3. පලිහක්කාරගේ අනුර ද සිල්වා
4. තල්¥වේ සෝමාරාම
5. වීරසූරිය ආරච්චිගේ නිව්ටන් පෙරේරා යි.

ජූරි සභිකයන් වූයේ
1. ඞී.ඩබ්ලිව්.එල්. ලීවර්ස්
2. ජේ.ඒ. බොක්ස්
3. ඞී.ජේ.සී. ප‍්‍රනාන්දු
4. ජී.බී.අයි. ජයරත්න
5. ටී.ඊ. ඡෑන්ස්
6. එල්.ඞී.ජී. ද සිල්වා යන මහත්වරුන්ය.

1961 මැයි 05 වැනිදා සිට මැයි 14 වනදා දක්වා පැවති නඩුවේ දී අගමැති බණ්ඩාරනායක ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණය කිරීම පිළිබඳ බුද්ධරක්ඛිත ජයවර්ධන දෙදෙනාත් වෙඩි තබා ඝාතනය කිරීමට සෝමාරාම වැරදිකරුවන් වූ අතර අනුර ද සිල්වා සහ නිව්ටන් පෙරේරා නිදහස ලැබීය.