අප්‍රේල් 21 වැනිදා සිදු වූ විනාශය වළක්වා ගැනීමට හැකියාව තිබියදී වළක්වා නොගත් විනාශයක් බව දැන් සමස්ත ලෝවැස්සෝම දනිති. මේ ප්‍රහාරය ගැන බුද්ධි අංශ මගින් කල්තියා බලධාරීන්ට දැනුම් දී තිබෙන බව ද දැන් ලෝකයටම රහසක් නොවේ. ආරක්ෂක අංශවලින් දැනුම් දීමක් කර තිබියදී මේ විනාශය වීමට ඉඩ හැරියේ කෙසේද යන්න අපට අදහාගත නොහැකි කාරණයකි. ජනාධිපති, අගමැති, පොලිස්පති තිදෙනාම නිසි පියවරක් ගෙන නොමැති බව ද දැන් අනාවරණය වී තිබේ. ඒ තිදෙනා ම නිසි පියවරක් නොගැනීමට හේතුව කුමක්දැයි අපට ද පැහැදිලි නැත. ඒ තිදෙනා විසින්ම නිසි පියවර ගත්තේ නම් ආරක්ෂක අංශ වහාම ක්‍රියාත්මක වන්නේය. ආරක්ෂක අංශවලට නියෝග නොලැබීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම අවාසනාවන්ත ඛේදවාචකය උදා වූ බව ඉතා පැහැදිලි කාරණයකි. අද රටේ බොහෝ දෙනකු ඒ තිදෙනාටම දෝෂාරෝපණය කරන්නේ අහේතුකව නොවේ. ඒ දෝෂාරෝපණ සාධාරණය, යුක්තිසහගතය.

රටේ ආණ්ඩු කරන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකමය. ජනාධිපතිවරයා එක පක්ෂයක් නියෝජනය කරන අතර අග්‍රාමාත්‍යවරයා නියෝජනය කරන්නේ අනෙක් පක්ෂයයි. අනෙක් අතට ඔවුන් දෙදෙනා දරන්නේ රටේ ඉහළම තනතුරු දෙකය. රටේ අනෙක් පුරවැසියන් සිටින්නේත් අනෙක් තනතුරු තිබෙන්නේත් ඒ දෙදෙනාට සහ ඒ තනතුරු දෙකට පහළිනි. ඉහළ තනතුරු දෙකේ ඒ දෙදෙනා සිටියදී රටේ මෙවැනි තත්ත්වයක් ඇතිවීම බෙහෙවින් කනගාටුදායකය. මේ වනවිට එක්තරා සන්සුන්කමක් රටේ තිබෙන බව කාටත් පෙනෙන දෙයකි. අප්‍රේල් 21 වැනිදා සිට අඛණ්ඩව පැනවූ ඇඳිරි නීතිය පසුගිය සිකුරාදා (17 වැනිදා) අවසන් විය. එය යළි පැනවීමට සිදුවන ආකාරයේ සිදුවීම් නොවේවායි අපි ප්‍රාර්ථනා කරමු. මේ වනවිට ඇඳිරි නීතිය අවසන්ව ඇතත් පාසල් පද්ධතිය තවමත් සියයට සියයක් යථා තත්ත්වයට පත්වී නැත. ළමයින් පාසල් පැමිණීම තවමත් සාමාන්‍ය තත්ත්වයට පත්වී නැත. රැකියා කරන රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයෝ ද තවමත් නිසි ලෙස පෙර පරිදි රැකියා ස්ථානවලට නොපැමිණෙති. රැකියා කිරීමට පැමිණෙන අයත් කල් තබා පැන යාමට හෝ සේවය නිමවා නිවසට යාමට දක්වන උනන්දුව තවමත් ඉහළය. ජන දිවිය යළි යථා තත්ත්වයට පත් වන්නේ රටේ ඉහළ තනතුරු දරන පුද්ගලයන් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් දෙන සහතික කිරීම් මතය. මෙහිදී දේශපාලන අධිකාරියෙන් කියන කතාවලට වඩා ආරක්ෂක හමුදා නායකයන් කියන කතා විශ්වාස කිරීමට ජනතාව වැඩි උනන්දුවක් දක්වන්නේ ඇයි ද යන්න පිළිබඳව දේශපාලන නායකයන් බරපතළ ලෙස සිතා බැලිය යුතුය. කල්පනා කළ යුතුය. ආරක්ෂක අංශ අනතුරේ ස්වභාවය අවබෝධ කරගත් පසු තම යුතුකම වගකීම හා කාර්ය භාරය නොපිරිහෙලා ඉටුකළ බව කෘතවේදීව සඳහන් කළ යුතුය. ක්‍රියාත්මක වීමට ඔවුනට දේශපාලන අධිකාරියෙන් නියෝග ලැබිය යුතුය. මෙහිදී ඉතාම වැදගත් කාරණය වන්නේ ආරක්ෂක අංශවලින් ජනතාව බලාපොරොත්තු වන මෙහෙවර ඉටු කරගැනීමට ඔවුනට නිදහසේ හිරිහැර බාධා කිරීම්වලින් තොරව රාජකාරී කිරීමට ඉඩ දීමය. අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් නිදහස් කර ගැනීමට දේශපාලකයන් මැදිහත්වීම සම්පූර්ණයෙන්ම වැරැදිය. 

එසේම ඇතැම් ප්‍රදේශ වැටලීමෙන් වළක්වා ගැනීමට දේශපාලකයන් මැදිහත්ව තිබෙන බවට රටපුරා නොයෙක් කතා පැතිරෙයි. ඒවායේ සත්‍යතාව සොයා බලා එසේ වන්නේ නම් එසේ වීම වැළැක්වීමටත් ඒ කතා බොරු නම් ඒවා කටකතා බව ජනතාවට ඒත්තු ගත හැකි පිළිවෙළකට ජනතාවට කියා දීමත් දේශපාලන අධිකාරියේ වගකීමකි. එහෙත් ප්‍රශ්නයකට තිබෙන්නේ ජනතාව දේශපාලන අධිකාරිය විශ්වාස නොකිරීමය. ජනතාව අතර එවැනි ආකල්ප ගොඩනැගී තිබෙන්නේ ජනතාවගේ වරදකින් නොව දේශපාලකයන්ගේ කියුම් කෙරුම් මතය. ලොකු කුඩා සේම පක්ෂ ආගම් හා ජාති වශයෙන් අද කොයි දේශපාලකයන් සම්බන්ධයෙනුත් ඇත්තේ එවැනි පිළිගැනීමකි. එවැනි ආකල්පයකි. අද රටේ සමස්ත ජනතාවම සිටින්නේ පීඩනයකය. එවැනි පීඩනයක සිටින ජනතාවට ඉහත සඳහන් කළ ආකාරයේ තොරතුරු සන්නිවේදනය වීම භයානකය. හානිකරය. එහි අවසාන ප්‍රතිඵලය ලෙස ජනතාව නීතිය අතට ගැනීමට පෙළඹෙයි. එසේ වූ පසුව ජනතාවට චෝදනා කිරීම වැරැදිය. දේශපාලකයන් කළ යුත්තේ ජනතාවට නීතිය අතට ගැනීමට සිදුවන ආකාරයේ කටයුතුවලින් වැළකී සිටීමය. දැන් මෙය ජාතික ප්‍රශ්නයකි. එහෙයින් පක්ෂ පාට ජාති ආගම් බේද නොසලකා සියලු දෙනා එකතුවී කටයුතු කළ යුතුය. එහෙත් අදටත් සියලු දෙනා එකතුවී නැත. ආණ්ඩු පක්ෂයේ අය සේම විපක්ෂයේ සියලු ප්‍රධානීන් එකට එකතුවී සාකච්ඡා කර පොදු තීන්දු තීරණවලට එළඹෙන බවක් අදටත් නොපෙනෙයි. එය බෙහෙවින් කනගාටුදායකය. විපක්ෂය හා ආණ්ඩුව එකතු වෙන්නේ කෙසේදැයි බරපතළ ප්‍රශ්නයක් පැන නඟින්නේ ආණ්ඩුව අභ්‍යන්තරයේම සමගියක් නැති හෙයිනි. 

ආණ්ඩුවේ ප්‍රධාන නායකයන් දෙදෙනා අතර ද අද ඇත්තේ බරපතළ විරසකයකි. එවැනි අර්බුදයක් නැතැයි කීවද එය බොරුවක් බව අද මැනවින් ප්‍රදර්ශනය වෙයි. ආණ්ඩුවේ නායකයන් දෙදෙනාට පොදු එකඟතාවකට එළඹිය නොහැකි නම් ආණ්ඩු පක්ෂය විපක්ෂය සමඟ එකඟතාවකට එළඹෙන්නේ කෙසේද? අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරයෙන් මේ තරම් විනාශයක් වීමට බලපෑ ප්‍රධාන හේතුව ලෙස ඇතැමුන් දකින්නේ ජනපති හා අගමැති අතර තිබෙන අර්බුදයයි. රට බරපතළ අර්බුදයක වැටී තිබියදීත් ඒ දෙදෙනාගේ අර්බුදය හා ආරවුල තව තවත් ඇදී යයි. පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වුණේ ඇයි? ඊට බලපෑ හේතු මොනවාද? එය වළක්වා ගැනීමට නොහැකි වුූයේ ඇයි? මින් මතුවට හෝ මෙවැනි ප්‍රහාර එල්ලවීම වළක්වා ගැනීමට කළ යුත්තේ මොනවා ද? අදාළ කටයුතු සම්බන්ධ වගකීම් පැවරිය යුත්තේ කාට ද? යනාදී කරුණු ගැන අද වනතුරුත් දේශපාලකයන්ගේ පොදු සාකච්ඡාවක් නොපැවැත්වෙයි. පොදු එකඟතාවක් නොපෙනෙයි. එකිනෙකා කියන්නේ එකිනෙක කතාය. පොදු එකඟතාවක් හෝ පොදු විසඳුමක් නොපෙනෙයි.

රටක් හැටියට මෙය කොතරම් අවාසනාවන්ත තත්ත්වයක් ද? එසේ වන්නේ ජනතාවගේ කරුමයක් නිසා නොවේ. ජනතාව දේශපාලන නායකයන්ට වඩා බුද්ධිමත්ය. ප්‍රහාරයෙන් තෙවැනි සතිය වනතුරුත් ජනතාව වාර්ගික හෝ ආගමික ගැටුමකට නොගියේ එහෙයිනි. හතරවැනි සතියේදී ප්‍රදේශ කීපයක යම් යම් සිද්ධි ඇති වී තිබෙන්නේ ද සංවිධානාත්මක පිරිස්වල උසි ගැන්වීම් මත බව දැන් අනාවරණය වී තිබේ. එහෙත් රට පුරා ගිනි ඇවිළවීමට උසිගන්වන්නන්ට නොහැකි විය. ඒ අතින් ජනතාවගේ හැසිරීම අතිවිශිෂ්ටය. ජනතාවගේ මේ හැසිරීම ගැන අප ප්‍රශංසා කළ යුතුය. ආශිර්වාද කළ යුතුය. ස්තූති කළ යුතුය. ඒ ස්තූතිය, ප්‍රශංසාව හා ආශිර්වාදය ලබාගත හැකි පිළිවෙළට ආණ්ඩුවේ නායකයන් දෙදෙනා කටයුතු නොකිරීම ඛේදවාචකයකි.

දේශපාලන නායකයන් රට සහ ජනතාව දෙස නොබලා මැතිවරණ දෙස බලමින් තීන්දු තීරණ ගන්නා බව දැන් කොයි කව්රුත් කියන කතාවකි. ඒ නායකයන්ට රට සහ එහි බහුතර ජනතාවට වඩා සුළු කණ්ඩායම් මැදිහත් වී තිබෙන බව වසර කිහිපයක සිටම පෙනෙන තත්ත්වයකි. එය ගත වූ වසර කිහිපයේදී රටේ සිදු වූ ඇතැම් සිදුවීම් අනුසාරයෙන් බොහෝ දෙනා එළඹ සිටින නිගමනයකි. පසුගිය කාලයේ නැගෙනහිර පළාතේ ඓතිහාසික බෞද්ධ නටබුන් ඩෝසර් කර ඒ මත හින්දු කෝවිල් ඉදිකළත් එසේ කළ සුළු කණ්ඩායම්වලට එරෙහිව නීතිය නිසි ලෙස නිසි වෙලාවට ක්‍රියාත්මක නොවූ බව රටම දන්නා කාරණයකි. එසේම අන්තවාදී මුස්ලිම් ත්‍රස්තවාදීන් අවි ආයුධ සහිතව වනාතවිල්ලුවේදී අත්අඩංගුවට ගත් විට ද නීතිය ක්‍රියාත්මක නොකර ඒ ත්‍රස්තවාදීන් මුදාහළ බව ද දැන් ලෝකයටම ප්‍රසිද්ධ කාරණයකි. ඒ සිද්ධිවලදී නීතිය ක්‍රියාත්මක කිරීම සිතා මතාම වළක්වනු ලැබ තිබෙන්නේ දේශපාලන නායකයන් බව දැන් කවුරුත් දනිති. එසේම මේ දිනවල අන්තවාදී ත්‍රස්තවාදීන් පෝෂණය කළ බවට ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරුන්ටත් ජනාධිපතිගේ නියෝජිතියන් වන ඇතැම් ආණ්ඩුකාරවරුන්ටත් චෝදනා එල්ල වෙයි. එවැනි බරපතළ චෝදනා එල්ල වනවිට ඒ පිළිබඳ පරික්ෂා කර බලා රටට සත්‍යය අනාවරණය කරන තුරු අදාළ පුද්ගලයන් ඒ තනතුරුවලින් තාවකාලිකව ඉවත් කර තැබීම ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක විනිවිදභාවය සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියකි. එහෙත් ඒ කිසිවක් සිදුනොවන්නේ සුළු කණ්ඩායම්වල ඡන්දවලට ගිජුකමෙන් බව දැන් කවුරුත් කියන කතාවකි. ජන වහරට අනුව නම් ගින්නක් නැතිව දුමක් නඟින්නේ නැත. දේශපාලන නායකයන්ගේ මේ හැසිරීමෙන් ඔවුන් ප්‍රදර්ශනය කරවන්නේ ඒ ජන වහර සත්‍ය බවට මිස අන් කුමක්ද? දේශපාලන නායකයින්ගේ මේ හැසිරීම නිසාම අද රටේ බොහෝ ජනතාව බලා සිටින්නේ ඉක්මනින් මැතිවරණයක් එනතුරුය. ඒ බහුතරයේ කැමැත්ත ප්‍රදර්ශනය කිරීමටය.

තමන්ගේ මිනිහා කළත් අනුන්ගේ මිනිහා කළත් වරද වරදක් ලෙස දැකීමේ පුළුල් චින්තනයක් දැක්මක් දේශපාලන නායකයන්ට තිබිය යුතුය. තමන්ගේ මිනිහාට සේම අනුන්ගේ මිනිහාටද නීතිය සමානව ක්‍රියාත්මක කරවිය යුතුය. තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කරතැයි බලාපොරොත්තු වන පුද්ගලයන් කරන නීති විරෝධී වැඩ හා බලය අයුතු ලෙස පාවිච්චි කිරීම හමුවේ දේශපාලන නායකයන් අන්ධ නොවිය යුතුය. අප්‍රේල් 21 වැනිදා වූයේ මහා මිනිස් සංහාරයකි. එයට වගකිවයුතු හෝ එයට සම්බන්ධ පුද්ගලයන්ගේ තරාතිරම කුමක් වූවත් ඔවුනට එරෙහිව රටේ නීතිය ක්‍රියාත්මක කළ යුතුය. හිතවත්කම හෝ ලාබ ප්‍රයෝජන හමුවේ නීතිය නොනැමිය යුතුය. වැරැදිකරුවන්ට දඬුවම් කළ යුතුමය. යමෙකුට චෝදනා එල්ල වන්නේ නම් ඔහු රැකගත යුත්තේ පරීක්‍ෂණ යටපත් කිරීමෙන් නොව විධිමත් පරීක්‍ෂණයකට ඉඩ සලසා දීමෙනි. එසේ නොකර චෝදනා එල්ලවන පුද්ගලයන් කොන්දේසි විරහිතව ආරක්‍ෂා කරන පුද්ගලයන් රටක හෝ දේශපාලනයේ නායකත්වයට සුදුසු නොවේ. දේශපාලනය කළ යුත්තේ වැදගත් පිළිවෙළකට මිස තුච්ඡ ක්‍රමයකට නොවේ. අද අප රටේ තිබෙන ඛේදවාචකය වන්නේ දේශපාලනය කරන අතිවිශාල බහුතරයක් දේශපාලනය කුමක්දැයි නොදැන සිටීමය. ප්‍රජාතන්ත්‍රවාදය ගැන දෙසාබාන බොහෝ දෙනා ගෝත්‍රවාදීන් වීමය. ගතානුගතික පාක්‍ෂිකයන් හා ඡන්ද දායකයන් දැන් රටේ විරලය. එළැඹෙන මැතිවරණයෙදී එය ප්‍රදර්ශනය කිරීමට දැන උගත්, දැනුවත් පරපුර දත කට මැදගෙන සිටින බව දේශපාලන නායකයන් තේරුම් ගත යුතුය.

සුළු කණ්ඩායම්වලට අනවශ්‍ය බලයක් නැතහොත් ඔවුන්ගේ තරමට වැඩි බලයක් ලැබී තිබෙන්නේ සමානුපාතික මැතිවරණ ක්‍රමයේ මහිමයෙනි. මේ මැතිවරණ රටේ අවුල් රාශියක් ඇති කළ වියවුල් රැසක් ජනිත කළ ඡන්ද ක්‍රමයකි.

එහෙයින් මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන දින වකවානුව වර්තමාන රජයේ දින සියයේ වැඩසටහනේ ඇතුළත් විය. එහි සඳහන් අන්දමට මනාප ඡන්ද ක්‍රමය සහමුලින්ම අහෝසි කර සෑම මැතිවරණ කොට්ඨාසයකටම මන්ත්‍රීවරයකු ලැබෙන පරිදි මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් සැකසීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට සර්ව පාක්‍ෂික කමිටුව පත් කිරීමට නියමිතව තිබුණේ 2015 ජනවාරි 28 වැනිදාය. ඒ කමිටුවේ යෝජනා ලබාගෙන නව මැතිවරණ ක්‍රමයට අදාළ නීතිරීති සකස් කිරීමට නියමිතව තිබුණේ 2015 මාර්තු 02 වැනිදාය. ඒ නව මැතිවරණ ක්‍රමය ඇතුළත් සංශෝධන පාර්ලිමේන්තුව ඉදිරිපත් කර සම්මත කරගන්නා දිනය ලෙස දක්වා තිබුණේ 2015 මාර්තු 17 වැනිදාය. ඒ කී හැටියට වැඬේ කෙරුණේ නැත. ඒ පොරොන්දුව කඩා අදට හරියටම අවුරුදු හතරකුත් දවස් 66කි. දවස්වලින් නම් හරියටම දින 1526කි. දේශපාලන නායකයන් අද කතා කරන්නේ ජනවරම ලබාගැනීමට දුන් ඒ පොරොන්දු ඉටු කිරීමට නොව තමන්ගේ පෞද්ගලික අරමුණු සපුරා ගැනීමේ ආශාවෙන් නොව සුළු කණ්ඩායම්වල මන දොළ සපිරීමටය.

දේශපාලන නායකයන්ට තම පටු අරමුණු ඉටු කරගැනීමට රටේ පුරවැසියන්ට ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවීම බරපතළ ඛේදවාචකයකි. එසේම එය මිනිස්කමට නිගාදෙන භාවිතයකි.

ඒ කූට දේශපාලකයන්ගේ බල ව්‍යාපෘති සඳහා ජීවිතවලින් වන්දි ගෙවනවාට අමතරව ඔවුන්ගේ සුඛවිහරණය සඳහා තව තවත් බදු, දඩ සහ ණය බර ඉසිලීමට සිදුවී තිබේ. ඒ පිළිබඳව කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙන්නේ ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ගයන්ත කරුණාතිලක ය. මෙය නිහීන උත්සාහයකි. බරපතළ පීඩනයකින් පෙළෙන්නන් රටේ ජනතාව මිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නොවෙති. ආණ්ඩුව මේ වෙලාවේ බැලිය යුත්තේ තමන් ගැන නොව අන්ත අසරණව කඩා වැටී සිටින ජනතාව දෙසටය. ඒ ජනතාව නැගිටුවන ක්‍රමයක් පිළිබඳවය. ඒ ගැන නොසිතා තම වරප්‍රසාද වැඩිකර ගැනීම නිහීන ක්‍රියාවකි. රට මෙතරම් වැටුණු අවස්ථාවක තම වැටුප් වැඩි කර ගැනීමට කටයුතු කරන්නේ ඇයි? එය මිනිස්කමට නිගාදෙන ක්‍රියාවකි. සිහි බුද්ධියක් තිබෙන කිසිවකුත් නොකරන ක්‍රියාවකි. මෙය අමුතු පාලනයක් තිබෙන යුගයකි. ජනපති එක පැත්තකය. අගමැති වෙනත් පැත්තකය. ජාතික ව්‍යසනයකදී ඒ දෙදෙනා එකතුවීම අත්‍යවශ්‍ය කාරණයකි. එහෙයින් එවැනි අවස්ථාවකදීවත් එකතුවිය නොහැකි නම් ඔවුන් දේශපාලනයට නුසුදුසුය. ඔවුහු දේශපාලනයෙන් සමුගත යුත්තෝය. මෙවැනි ව්‍යසනයකදීවත් තනතුරුවලට සුදුස්සන් පත්කළ යුතුය. සුදුස්සන්ට සුදුසු තැන් නොදෙන්නේ මහ පුටුවලට ද නුසුදුසු පුද්ගලයන් සිටින හෙයිනි.අප්‍රේල් 21 වැනිදා සිදු වූ විනාශය වළක්වා ගැනීමට හැකියාව තිබියදී වළක්වා නොගත් විනාශයක් බව දැන් සමස්ත ලෝවැස්සෝම දනිති. මේ ප්‍රහාරය ගැන බුද්ධි අංශ මගින් කල්තියා බලධාරීන්ට දැනුම් දී තිබෙන බව ද දැන් ලෝකයටම රහසක් නොවේ. ආරක්ෂක අංශවලින් දැනුම් දීමක් කර තිබියදී මේ විනාශය වීමට ඉඩ හැරියේ කෙසේද යන්න අපට අදහාගත නොහැකි කාරණයකි. ජනාධිපති, අගමැති, පොලිස්පති තිදෙනාම නිසි පියවරක් ගෙන නොමැති බව ද දැන් අනාවරණය වී තිබේ. ඒ තිදෙනා ම නිසි පියවරක් නොගැනීමට හේතුව කුමක්දැයි අපට ද පැහැදිලි නැත. ඒ තිදෙනා විසින්ම නිසි පියවර ගත්තේ නම් ආරක්ෂක අංශ වහාම ක්‍රියාත්මක වන්නේය. ආරක්ෂක අංශවලට නියෝග නොලැබීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම අවාසනාවන්ත ඛේදවාචකය උදා වූ බව ඉතා පැහැදිලි කාරණයකි. අද රටේ බොහෝ දෙනකු ඒ තිදෙනාටම දෝෂාරෝපණය කරන්නේ අහේතුකව නොවේ. ඒ දෝෂාරෝපණ සාධාරණය, යුක්තිසහගතය.

රටේ ආණ්ඩු කරන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකමය. ජනාධිපතිවරයා එක පක්ෂයක් නියෝජනය කරන අතර අග්‍රාමාත්‍යවරයා නියෝජනය කරන්නේ අනෙක් පක්ෂයයි. අනෙක් අතට ඔවුන් දෙදෙනා දරන්නේ රටේ ඉහළම තනතුරු දෙකය. රටේ අනෙක් පුරවැසියන් සිටින්නේත් අනෙක් තනතුරු තිබෙන්නේත් ඒ දෙදෙනාට සහ ඒ තනතුරු දෙකට පහළිනි. ඉහළ තනතුරු දෙකේ ඒ දෙදෙනා සිටියදී රටේ මෙවැනි තත්ත්වයක් ඇතිවීම බෙහෙවින් කනගාටුදායකය. මේ වනවිට එක්තරා සන්සුන්කමක් රටේ තිබෙන බව කාටත් පෙනෙන දෙයකි. අප්‍රේල් 21 වැනිදා සිට අඛණ්ඩව පැනවූ ඇඳිරි නීතිය පසුගිය සිකුරාදා (17 වැනිදා) අවසන් විය. එය යළි පැනවීමට සිදුවන ආකාරයේ සිදුවීම් නොවේවායි අපි ප්‍රාර්ථනා කරමු. මේ වනවිට ඇඳිරි නීතිය අවසන්ව ඇතත් පාසල් පද්ධතිය තවමත් සියයට සියයක් යථා තත්ත්වයට පත්වී නැත. ළමයින් පාසල් පැමිණීම තවමත් සාමාන්‍ය තත්ත්වයට පත්වී නැත. රැකියා කරන රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයෝ ද තවමත් නිසි ලෙස පෙර පරිදි රැකියා ස්ථානවලට නොපැමිණෙති. රැකියා කිරීමට පැමිණෙන අයත් කල් තබා පැන යාමට හෝ සේවය නිමවා නිවසට යාමට දක්වන උනන්දුව තවමත් ඉහළය. ජන දිවිය යළි යථා තත්ත්වයට පත් වන්නේ රටේ ඉහළ තනතුරු දරන පුද්ගලයන් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් දෙන සහතික කිරීම් මතය. මෙහිදී දේශපාලන අධිකාරියෙන් කියන කතාවලට වඩා ආරක්ෂක හමුදා නායකයන් කියන කතා විශ්වාස කිරීමට ජනතාව වැඩි උනන්දුවක් දක්වන්නේ ඇයි ද යන්න පිළිබඳව දේශපාලන නායකයන් බරපතළ ලෙස සිතා බැලිය යුතුය. කල්පනා කළ යුතුය. ආරක්ෂක අංශ අනතුරේ ස්වභාවය අවබෝධ කරගත් පසු තම යුතුකම වගකීම හා කාර්ය භාරය නොපිරිහෙලා ඉටුකළ බව කෘතවේදීව සඳහන් කළ යුතුය. ක්‍රියාත්මක වීමට ඔවුනට දේශපාලන අධිකාරියෙන් නියෝග ලැබිය යුතුය. මෙහිදී ඉතාම වැදගත් කාරණය වන්නේ ආරක්ෂක අංශවලින් ජනතාව බලාපොරොත්තු වන මෙහෙවර ඉටු කරගැනීමට ඔවුනට නිදහසේ හිරිහැර බාධා කිරීම්වලින් තොරව රාජකාරී කිරීමට ඉඩ දීමය. අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් නිදහස් කර ගැනීමට දේශපාලකයන් මැදිහත්වීම සම්පූර්ණයෙන්ම වැරැදිය. 

එසේම ඇතැම් ප්‍රදේශ වැටලීමෙන් වළක්වා ගැනීමට දේශපාලකයන් මැදිහත්ව තිබෙන බවට රටපුරා නොයෙක් කතා පැතිරෙයි. ඒවායේ සත්‍යතාව සොයා බලා එසේ වන්නේ නම් එසේ වීම වැළැක්වීමටත් ඒ කතා බොරු නම් ඒවා කටකතා බව ජනතාවට ඒත්තු ගත හැකි පිළිවෙළකට ජනතාවට කියා දීමත් දේශපාලන අධිකාරියේ වගකීමකි. එහෙත් ප්‍රශ්නයකට තිබෙන්නේ ජනතාව දේශපාලන අධිකාරිය විශ්වාස නොකිරීමය. ජනතාව අතර එවැනි ආකල්ප ගොඩනැගී තිබෙන්නේ ජනතාවගේ වරදකින් නොව දේශපාලකයන්ගේ කියුම් කෙරුම් මතය. ලොකු කුඩා සේම පක්ෂ ආගම් හා ජාති වශයෙන් අද කොයි දේශපාලකයන් සම්බන්ධයෙනුත් ඇත්තේ එවැනි පිළිගැනීමකි. එවැනි ආකල්පයකි. අද රටේ සමස්ත ජනතාවම සිටින්නේ පීඩනයකය. එවැනි පීඩනයක සිටින ජනතාවට ඉහත සඳහන් කළ ආකාරයේ තොරතුරු සන්නිවේදනය වීම භයානකය. හානිකරය. එහි අවසාන ප්‍රතිඵලය ලෙස ජනතාව නීතිය අතට ගැනීමට පෙළඹෙයි. එසේ වූ පසුව ජනතාවට චෝදනා කිරීම වැරැදිය. දේශපාලකයන් කළ යුත්තේ ජනතාවට නීතිය අතට ගැනීමට සිදුවන ආකාරයේ කටයුතුවලින් වැළකී සිටීමය. දැන් මෙය ජාතික ප්‍රශ්නයකි. එහෙයින් පක්ෂ පාට ජාති ආගම් බේද නොසලකා සියලු දෙනා එකතුවී කටයුතු කළ යුතුය. එහෙත් අදටත් සියලු දෙනා එකතුවී නැත. ආණ්ඩු පක්ෂයේ අය සේම විපක්ෂයේ සියලු ප්‍රධානීන් එකට එකතුවී සාකච්ඡා කර පොදු තීන්දු තීරණවලට එළඹෙන බවක් අදටත් නොපෙනෙයි. එය බෙහෙවින් කනගාටුදායකය. විපක්ෂය හා ආණ්ඩුව එකතු වෙන්නේ කෙසේදැයි බරපතළ ප්‍රශ්නයක් පැන නඟින්නේ ආණ්ඩුව අභ්‍යන්තරයේම සමගියක් නැති හෙයිනි. 

ආණ්ඩුවේ ප්‍රධාන නායකයන් දෙදෙනා අතර ද අද ඇත්තේ බරපතළ විරසකයකි. එවැනි අර්බුදයක් නැතැයි කීවද එය බොරුවක් බව අද මැනවින් ප්‍රදර්ශනය වෙයි. ආණ්ඩුවේ නායකයන් දෙදෙනාට පොදු එකඟතාවකට එළඹිය නොහැකි නම් ආණ්ඩු පක්ෂය විපක්ෂය සමඟ එකඟතාවකට එළඹෙන්නේ කෙසේද? අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරයෙන් මේ තරම් විනාශයක් වීමට බලපෑ ප්‍රධාන හේතුව ලෙස ඇතැමුන් දකින්නේ ජනපති හා අගමැති අතර තිබෙන අර්බුදයයි. රට බරපතළ අර්බුදයක වැටී තිබියදීත් ඒ දෙදෙනාගේ අර්බුදය හා ආරවුල තව තවත් ඇදී යයි. පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වුණේ ඇයි? ඊට බලපෑ හේතු මොනවාද? එය වළක්වා ගැනීමට නොහැකි වුූයේ ඇයි? මින් මතුවට හෝ මෙවැනි ප්‍රහාර එල්ලවීම වළක්වා ගැනීමට කළ යුත්තේ මොනවා ද? අදාළ කටයුතු සම්බන්ධ වගකීම් පැවරිය යුත්තේ කාට ද? යනාදී කරුණු ගැන අද වනතුරුත් දේශපාලකයන්ගේ පොදු සාකච්ඡාවක් නොපැවැත්වෙයි. පොදු එකඟතාවක් නොපෙනෙයි. එකිනෙකා කියන්නේ එකිනෙක කතාය. පොදු එකඟතාවක් හෝ පොදු විසඳුමක් නොපෙනෙයි.

රටක් හැටියට මෙය කොතරම් අවාසනාවන්ත තත්ත්වයක් ද? එසේ වන්නේ ජනතාවගේ කරුමයක් නිසා නොවේ. ජනතාව දේශපාලන නායකයන්ට වඩා බුද්ධිමත්ය. ප්‍රහාරයෙන් තෙවැනි සතිය වනතුරුත් ජනතාව වාර්ගික හෝ ආගමික ගැටුමකට නොගියේ එහෙයිනි. හතරවැනි සතියේදී ප්‍රදේශ කීපයක යම් යම් සිද්ධි ඇති වී තිබෙන්නේ ද සංවිධානාත්මක පිරිස්වල උසි ගැන්වීම් මත බව දැන් අනාවරණය වී තිබේ. එහෙත් රට පුරා ගිනි ඇවිළවීමට උසිගන්වන්නන්ට නොහැකි විය. ඒ අතින් ජනතාවගේ හැසිරීම අතිවිශිෂ්ටය. ජනතාවගේ මේ හැසිරීම ගැන අප ප්‍රශංසා කළ යුතුය. ආශිර්වාද කළ යුතුය. ස්තූති කළ යුතුය. ඒ ස්තූතිය, ප්‍රශංසාව හා ආශිර්වාදය ලබාගත හැකි පිළිවෙළට ආණ්ඩුවේ නායකයන් දෙදෙනා කටයුතු නොකිරීම ඛේදවාචකයකි.

දේශපාලන නායකයන් රට සහ ජනතාව දෙස නොබලා මැතිවරණ දෙස බලමින් තීන්දු තීරණ ගන්නා බව දැන් කොයි කව්රුත් කියන කතාවකි. ඒ නායකයන්ට රට සහ එහි බහුතර ජනතාවට වඩා සුළු කණ්ඩායම් මැදිහත් වී තිබෙන බව වසර කිහිපයක සිටම පෙනෙන තත්ත්වයකි. එය ගත වූ වසර කිහිපයේදී රටේ සිදු වූ ඇතැම් සිදුවීම් අනුසාරයෙන් බොහෝ දෙනා එළඹ සිටින නිගමනයකි. පසුගිය කාලයේ නැගෙනහිර පළාතේ ඓතිහාසික බෞද්ධ නටබුන් ඩෝසර් කර ඒ මත හින්දු කෝවිල් ඉදිකළත් එසේ කළ සුළු කණ්ඩායම්වලට එරෙහිව නීතිය නිසි ලෙස නිසි වෙලාවට ක්‍රියාත්මක නොවූ බව රටම දන්නා කාරණයකි. එසේම අන්තවාදී මුස්ලිම් ත්‍රස්තවාදීන් අවි ආයුධ සහිතව වනාතවිල්ලුවේදී අත්අඩංගුවට ගත් විට ද නීතිය ක්‍රියාත්මක නොකර ඒ ත්‍රස්තවාදීන් මුදාහළ බව ද දැන් ලෝකයටම ප්‍රසිද්ධ කාරණයකි. ඒ සිද්ධිවලදී නීතිය ක්‍රියාත්මක කිරීම සිතා මතාම වළක්වනු ලැබ තිබෙන්නේ දේශපාලන නායකයන් බව දැන් කවුරුත් දනිති. එසේම මේ දිනවල අන්තවාදී ත්‍රස්තවාදීන් පෝෂණය කළ බවට ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරුන්ටත් ජනාධිපතිගේ නියෝජිතියන් වන ඇතැම් ආණ්ඩුකාරවරුන්ටත් චෝදනා එල්ල වෙයි. එවැනි බරපතළ චෝදනා එල්ල වනවිට ඒ පිළිබඳ පරික්ෂා කර බලා රටට සත්‍යය අනාවරණය කරන තුරු අදාළ පුද්ගලයන් ඒ තනතුරුවලින් තාවකාලිකව ඉවත් කර තැබීම ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක විනිවිදභාවය සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියකි. එහෙත් ඒ කිසිවක් සිදුනොවන්නේ සුළු කණ්ඩායම්වල ඡන්දවලට ගිජුකමෙන් බව දැන් කවුරුත් කියන කතාවකි. ජන වහරට අනුව නම් ගින්නක් නැතිව දුමක් නඟින්නේ නැත. දේශපාලන නායකයන්ගේ මේ හැසිරීමෙන් ඔවුන් ප්‍රදර්ශනය කරවන්නේ ඒ ජන වහර සත්‍ය බවට මිස අන් කුමක්ද? දේශපාලන නායකයින්ගේ මේ හැසිරීම නිසාම අද රටේ බොහෝ ජනතාව බලා සිටින්නේ ඉක්මනින් මැතිවරණයක් එනතුරුය. ඒ බහුතරයේ කැමැත්ත ප්‍රදර්ශනය කිරීමටය.

තමන්ගේ මිනිහා කළත් අනුන්ගේ මිනිහා කළත් වරද වරදක් ලෙස දැකීමේ පුළුල් චින්තනයක් දැක්මක් දේශපාලන නායකයන්ට තිබිය යුතුය. තමන්ගේ මිනිහාට සේම අනුන්ගේ මිනිහාටද නීතිය සමානව ක්‍රියාත්මක කරවිය යුතුය. තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කරතැයි බලාපොරොත්තු වන පුද්ගලයන් කරන නීති විරෝධී වැඩ හා බලය අයුතු ලෙස පාවිච්චි කිරීම හමුවේ දේශපාලන නායකයන් අන්ධ නොවිය යුතුය. අප්‍රේල් 21 වැනිදා වූයේ මහා මිනිස් සංහාරයකි. එයට වගකිවයුතු හෝ එයට සම්බන්ධ පුද්ගලයන්ගේ තරාතිරම කුමක් වූවත් ඔවුනට එරෙහිව රටේ නීතිය ක්‍රියාත්මක කළ යුතුය. හිතවත්කම හෝ ලාබ ප්‍රයෝජන හමුවේ නීතිය නොනැමිය යුතුය. වැරැදිකරුවන්ට දඬුවම් කළ යුතුමය. යමෙකුට චෝදනා එල්ල වන්නේ නම් ඔහු රැකගත යුත්තේ පරීක්‍ෂණ යටපත් කිරීමෙන් නොව විධිමත් පරීක්‍ෂණයකට ඉඩ සලසා දීමෙනි. එසේ නොකර චෝදනා එල්ලවන පුද්ගලයන් කොන්දේසි විරහිතව ආරක්‍ෂා කරන පුද්ගලයන් රටක හෝ දේශපාලනයේ නායකත්වයට සුදුසු නොවේ. දේශපාලනය කළ යුත්තේ වැදගත් පිළිවෙළකට මිස තුච්ඡ ක්‍රමයකට නොවේ. අද අප රටේ තිබෙන ඛේදවාචකය වන්නේ දේශපාලනය කරන අතිවිශාල බහුතරයක් දේශපාලනය කුමක්දැයි නොදැන සිටීමය. ප්‍රජාතන්ත්‍රවාදය ගැන දෙසාබාන බොහෝ දෙනා ගෝත්‍රවාදීන් වීමය. ගතානුගතික පාක්‍ෂිකයන් හා ඡන්ද දායකයන් දැන් රටේ විරලය. එළැඹෙන මැතිවරණයෙදී එය ප්‍රදර්ශනය කිරීමට දැන උගත්, දැනුවත් පරපුර දත කට මැදගෙන සිටින බව දේශපාලන නායකයන් තේරුම් ගත යුතුය.

සුළු කණ්ඩායම්වලට අනවශ්‍ය බලයක් නැතහොත් ඔවුන්ගේ තරමට වැඩි බලයක් ලැබී තිබෙන්නේ සමානුපාතික මැතිවරණ ක්‍රමයේ මහිමයෙනි. මේ මැතිවරණ රටේ අවුල් රාශියක් ඇති කළ වියවුල් රැසක් ජනිත කළ ඡන්ද ක්‍රමයකි.

එහෙයින් මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන දින වකවානුව වර්තමාන රජයේ දින සියයේ වැඩසටහනේ ඇතුළත් විය. එහි සඳහන් අන්දමට මනාප ඡන්ද ක්‍රමය සහමුලින්ම අහෝසි කර සෑම මැතිවරණ කොට්ඨාසයකටම මන්ත්‍රීවරයකු ලැබෙන පරිදි මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් සැකසීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට සර්ව පාක්‍ෂික කමිටුව පත් කිරීමට නියමිතව තිබුණේ 2015 ජනවාරි 28 වැනිදාය. ඒ කමිටුවේ යෝජනා ලබාගෙන නව මැතිවරණ ක්‍රමයට අදාළ නීතිරීති සකස් කිරීමට නියමිතව තිබුණේ 2015 මාර්තු 02 වැනිදාය. ඒ නව මැතිවරණ ක්‍රමය ඇතුළත් සංශෝධන පාර්ලිමේන්තුව ඉදිරිපත් කර සම්මත කරගන්නා දිනය ලෙස දක්වා තිබුණේ 2015 මාර්තු 17 වැනිදාය. ඒ කී හැටියට වැඬේ කෙරුණේ නැත. ඒ පොරොන්දුව කඩා අදට හරියටම අවුරුදු හතරකුත් දවස් 66කි. දවස්වලින් නම් හරියටම දින 1526කි. දේශපාලන නායකයන් අද කතා කරන්නේ ජනවරම ලබාගැනීමට දුන් ඒ පොරොන්දු ඉටු කිරීමට නොව තමන්ගේ පෞද්ගලික අරමුණු සපුරා ගැනීමේ ආශාවෙන් නොව සුළු කණ්ඩායම්වල මන දොළ සපිරීමටය.

දේශපාලන නායකයන්ට තම පටු අරමුණු ඉටු කරගැනීමට රටේ පුරවැසියන්ට ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවීම බරපතළ ඛේදවාචකයකි. එසේම එය මිනිස්කමට නිගාදෙන භාවිතයකි.

ඒ කූට දේශපාලකයන්ගේ බල ව්‍යාපෘති සඳහා ජීවිතවලින් වන්දි ගෙවනවාට අමතරව ඔවුන්ගේ සුඛවිහරණය සඳහා තව තවත් බදු, දඩ සහ ණය බර ඉසිලීමට සිදුවී තිබේ. ඒ පිළිබඳව කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙන්නේ ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ගයන්ත කරුණාතිලක ය. මෙය නිහීන උත්සාහයකි. බරපතළ පීඩනයකින් පෙළෙන්නන් රටේ ජනතාව මිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නොවෙති. ආණ්ඩුව මේ වෙලාවේ බැලිය යුත්තේ තමන් ගැන නොව අන්ත අසරණව කඩා වැටී සිටින ජනතාව දෙසටය. ඒ ජනතාව නැගිටුවන ක්‍රමයක් පිළිබඳවය. ඒ ගැන නොසිතා තම වරප්‍රසාද වැඩිකර ගැනීම නිහීන ක්‍රියාවකි. රට මෙතරම් වැටුණු අවස්ථාවක තම වැටුප් වැඩි කර ගැනීමට කටයුතු කරන්නේ ඇයි? එය මිනිස්කමට නිගාදෙන ක්‍රියාවකි. සිහි බුද්ධියක් තිබෙන කිසිවකුත් නොකරන ක්‍රියාවකි. මෙය අමුතු පාලනයක් තිබෙන යුගයකි. ජනපති එක පැත්තකය. අගමැති වෙනත් පැත්තකය. ජාතික ව්‍යසනයකදී ඒ දෙදෙනා එකතුවීම අත්‍යවශ්‍ය කාරණයකි. එහෙයින් එවැනි අවස්ථාවකදීවත් එකතුවිය නොහැකි නම් ඔවුන් දේශපාලනයට නුසුදුසුය. ඔවුහු දේශපාලනයෙන් සමුගත යුත්තෝය. මෙවැනි ව්‍යසනයකදීවත් තනතුරුවලට සුදුස්සන් පත්කළ යුතුය. සුදුස්සන්ට සුදුසු තැන් නොදෙන්නේ මහ පුටුවලට ද නුසුදුසු පුද්ගලයන් සිටින හෙයිනි.

සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්