“බල්ලන් බිරුවත් තවලම ඉදිරියට ඇදෙනු ඇත” යන කියමන මැද පෙරදිග සිට ඉන්දියාව දක්වා භාවිත බොහෝ භාෂාවලින් කියැවේ. තුර්කි බසින් “ඉට් යුරූර්, කෙර්වෑන් යූරූර්” (It urur kervan yurur)  යනුවෙන් පවසන්නේද අසර්බයජානි බසින් “ඉට් හූරූර් කර්වාන් කෙක්ර්”(It hurrkrvan kecr)  යනුවෙන්ද කියන්නේද එම කියමනමය. මෙම කියමන මුලින්ම තුර්කි බසින් කියුවක් යයි සිතාගත හැකි වුවද ඇතැම් විද්වතුන් කියා සිටින්නේ මෙය අරාබි බසින් මුලින්ම කියු ආප්තෝපදේශයක් බවයි.

කෙසේ වුවද ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නම් තවලම, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය කෙරේ විශ්වාසය නැවත ස්ථාපනය වන තුරු ඉදිරියට නොඇදෙනු ඇත.  දැනට පවතින ආකාරයෙන් නම් එය ඉදිරියට නොඇදීම වඩා හොඳය. එසේ වුවද කිසිවකුට ඒ සඳහා වූ විකල්පය මේ යයි සහතික කොට කිවනොහැකිය.

අද ශ්‍රී ලංකාව තුළ කවුරු කෙසේ විශ්වාස කරන්නද? පොලිස්පතිවරයා, ජනාධිපතිවරයාට එරෙහිව බැරෑරුම් චෝදනා එල්ලකොට තිබේ. ඊට පෙර මුස්ලිම් අන්තවාදීන් පිළිබඳ ගැටලුව පහළොස් වතාවකට වඩා ජනාධිපතිවරයා ඉන්නා තැන ආරක්ෂක කවුන්සලය ඉදිරියට ගෙන ආවත් කිසිදු පියවරක් නොගත් බව ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියා තිබිණි. පාස්කු ඉරිදා ප්‍රහාරයට බොහෝ කලකට පෙර රටේ තත්ත්වය ගැන ජනාධිපතිවරයා දැනුවත් කොට තිබු බව තවත් ජ්‍යෙෂ්ඨ බුද්ධි අංශ නිලධාරියකුද පවසා තිබේ. මේ සියල්ල එසේ තිබියදී තමාව දැනුවත් කොට නොතිබුණු වග ජනාධිපතිවරයා දැඩි ස්ථාවරයක හිඳිමින් කියා සිටී. මෙතැනකදී බොරු කියන්නේ කවුද?

අඩපණ වූ ආරක්ෂාව

අපේ ආරක්ෂක පද්ධතිය අඩපණවීම සහ හරිහැටි ක්‍රියාත්මක නොවීම පිළිබඳව හිටපු ආරක්ෂක ලේකම්වරයාද තැති ගැන්මකට ලක්වෙන කරුණු හෙළිදරව් කොට ඇත. කෙසේ වුවද පසුගිය වසර කීපයේ රජය බොහෝ සෙයින් අඩපණව තිබූ අතර තම එදිරිවාසිකම් පසෙක තබා රටේ නායකත්වය අවම වශයෙන් රටේ ආරක්ෂාවවත් සලසා ගත යුතු යයි අයෙක් බලාපොරොත්තු තැබූහ. බලයට කෑදරකමේ විහිළු කරමින් පසුවීම හා දේශපාලන ආරෝවක් පිරිමසා ගැනීම නොකළ යුතු බවද ඒ සියල්ලට ඉහළින් නායකත්වය රට ගැන කල්පනා කළ යුතු බවද ඔවුහු කීහ.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ පටන් ආරක්ෂක කවුන්සලයට සහභාගි වීම සඳහා තමාට ආරාධනා නොලැබුණු බවට අගමැතිවරයා පැමිණිලි කළේය. ඔහුට යම් තැනකට යන්නට අවශ්‍ය නම් හෙතෙම ආරාධනා ලැබෙනතුරු නොඉන්නා බව ඔහු ගැන තතු දන්නෝ දනිති. ඔහු ඔක්තෝබර් දක්වා ආරක්ෂක මණ්ඩල රැස්වීම් වලට සහභාගි වී තිබේ. ෆීල්ඞ් මාර්ෂල් ෆොන්සේකා සඳහන් කළ පහළොස් වතාවකට වැඩි වාර ගණන්වල ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරන ලද ආරක්ෂක තොරතුරු ඉදිරිපත් වී ඇත්තේ ඒ අවස්ථාවලදීය. ඉදිරියේ ඇති අනතුරුදායක තත්ත්වය පිළිබඳව කිසිදු තොරතුරක් ගැන ඔහු දැනුවත්ව නොසිටි බව අපට විශ්වාස කළ හැකිද? මෙහිදී බොරු කියන්නේ කවුද?

අගමැතිවරයා සමහර ආරක්ෂක මණ්ඩල රැස්වීම් කැඳවා තිබු බවද හිටපු ආරක්ෂක ලේකම්වරයා හෙළිදරව් කර තිබේ. ආරක්ෂක කමිටුව නමින් තවත් කමිටුවක් ඇති බවද හිටපු ආරක්ෂක ලේකම්වරයා කියා තිබේ.

තම තමන්ගේ පෞද්ගලික හා දේශපාලන එදිරිවාදිකම් නිසා මේ නායකයන් රටේ ආරක්ෂාව කෙතරම් දුරට නොසලකා හැර ඇතිදැයි දෙවියන්ගේ නාමයෙන් කිව හැකිද?

අකර්මණ්‍ය බව ප්‍රදර්ශනය වීම

අන්තවාදී කණ්ඩායම් සමඟ හවුල්ව කටයුතු කළ බවට අමාත්‍ය බද්යුද්දීන්ට සහ ආණ්ඩුකාර සාලිට සහ හිස්බුල්ලාට එල්ලවුණු චෝදනා සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව යම් පියවරක් ගන්නට රජය කෙතරම් මැලි වී දැයි අපට පැහැදිලි වූයේය.

මෙම අලසභාවය හේතුකොට ගෙන රතන හිමි මහනුවරදී මාරාන්තික උපවාසයක නිරතවෙද්දී ඊට අදාළව වැනෙන සුළු ප්‍රතිපත්තියක් අනුගමනය කළ ඥානසාර හිමි, පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අබියස හිඳගෙන උන්වහන්සේට සහාය පිණිස ඒවටා රොක් වෙන ලෙස සැමදෙනාට කියා සිටියහ.

ආණ්ඩුකාරවරුන් දෙදෙනා ඉල්ලා අස්වන බවටත්, අමාත්‍ය බද්යුද්දීන් සම්බන්ධයෙන් අගමැතිවරයා තීරණයක් ගන්නා බවටත් සහතික කොට කියා සිටි විට රතන හිමියෝ උපවාසය අත්හළහ.

මුස්ලිම් ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු සහ රාජ්‍ය ඇමැතිවරු ඉන් අනතුරුව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා අස්වූහ. විමර්ශනයක් පවත්වන ලෙස යෝජනා කරමින් මෙම ඉල්ලා අස්වීම සිදු වුවද මුලින්ම කළ යුතුව තිබුණේ එසේ විමර්ශන ඇරඹීමයි. බලාපොරොත්තු වූයේ වහා ඉල්ලා අස්වීමක් නොව විමර්ශනයකි.

එවර තමන්ගේ පදය වෙනස් කළ ඥානසාර හිමියෝ රතන හිමියන් හට ප්‍රහාර එල්ල කළහ. එසේ වුවද රතන හිමියන් ඉල්ලා සිටියේද අමාත්‍යවරයාගේ සහ ආණ්ඩුකාර දෙපළගේ ඉල්ලා අස්වීමයි.

ඉන් අනතුරුව මහානායක හිමිවරු ප්‍රකාශයක් නිකුත් කරමින් ඉල්ලා අස්නොවන ලෙස මුස්ලිම් ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටියෝය. මෙම ලිපියේ රචකයා දන්නා තරමින් මේ දක්වා විධිමත් ඉල්ලා අස්වීමේ ලිපියක් ඔවුන් භාරදී නොමැත.

ජනාධිපතිවරයාගේ කිසිදු නායකත්ව ගුණාංගයක් නොපෙනෙන තත්ත්වයක් තුළ ජනාධිපතිවරයකු ලෙස අසමත්භාවය පෙන්නුම් කරද්දී නැවත ජනාධිපතිවරණයට තරග කරන ලෙස ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නිර්ලජ්ජිත ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියහ. ඔවුන් මෙසේ හරා කිරි ක්‍රමයට (බඩකපා ගෙන) සියදිවි හානිකර ගන්නට උත්සාහ ගන්නේ ඇයි?

මෙය කෙතරම් විහිළුවක්ද? අප ඉන්නේ කිනම් සිහින දේශයකද?
අපට ජනාධිපති, අගමැති, පාර්ලිමේන්තු මැති ඇමැති හෝ මහානායකවරුන් ඇදහිය හැකිද? ඔවුන් කෙරේ විශ්වාසය තැබියහැකිද? ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ජීවිතය සුපුරුදු සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව අප ලවා විශ්වාස කරවන්නට උත්සාහ දරති. ඔවුන් සාමාන්‍ය තත්ත්වය යන්නෙන් අදහස් කරනුයේ ප්‍රයෝගකාරී සදාචාරසම්පන්න නොවන දුරාචාරයෙන් යුතු නායකත්වයක් නොමැති අරාජිකත්වය නම් ඔව් අපි නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වී සිටිමු. ඇත්තෙන්ම ඒ අර්ථයෙන් ගත් කල නිතරම අපේ සාමාන්‍ය තත්ත්වය වන්නේ අප කලක පටන් ජීවත්වන මේ මඩ ගොහොරුවයි.

අපේ පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුනට තවදුරටත් ඉදිරියට යා නොහැකිය. ඔවුන් වසර පහක් පුරා තවලම ඇදගෙන යන්නට බලය ගත්තද ඔවුන්ගේ නොහැකියාව ගැන බොහෝ දෙනා දැන් විවෘතව කියති. යහපාලනය බලයේ පිහිටුවන්නට මූලික වූ අයගෙන් කෙනකු වූ මහාචාර්ය සරත් විජේසූරිය මෙම රජය බලයට ගෙන එන්නට තමා කළ කාර්යභාරය වෙනුවෙන් දැන් ප්‍රසිද්ධියේ සමාව අයැද තිබේ. තවත් රජයේ ආධාරකරුවකුව සිටි අතුරලියේ රතන හිමියෝද ප්‍රසිද්ධියේ එවැනි වදන් වදාරති. කලක් එහිමියන් සමග උරෙනුර ගැටී කටයුතු කළ අමාත්‍ය මංගල සමරවීර දැන් රතන හිමියන්ව හඳුන්වන්නේ කහ සිවුරු දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසයි.

පොරොන්දු ඉටු කරන්නට අසමත්වීම

මෙහිදී ගැටලුව වන්නේ 2015දී ආණ්ඩුව වෙනස් කිරීම නොවේ. ඒ සඳහා වැඩ කළ බොහෝ අය එසේ කළේ යහපත් චේතනාවෙන් සහ ඉමහත් බලාපොරොත්තු ඇතිවයි. ගැටලුව වන්නේ තමන් දුන් පොරොන්දු ඉටු කිරීමට යහපාලන නායකත්වය අසමත් වීමයි. ඔවුන් කටයුතු  කළේ කිසිදු සදාචාරාත්මක ප්‍රමිතියකින් නොවේ. ඇස් පනාපිටම බොහෝ අය කටයුතු කළේ පැවැති රජයටත් අන්ත ආකාරයෙනි.

යහපාලනයට නායකත්වය දුන් නායකයන් දෙපළගේ හැකියාව ගැන දන්නා උදවිය රටට වූ හදිය ගැන දනිති. මෙම අදක්ෂ අකාර්යක්ෂම නායකයන් දෙදෙනා තමන් නොමඟ යැවූ ආකාරයද ඔවුහු දනිති.

මෙම නායකයන් දෙදෙනාගේ අසමත් බව ලිවීම පසෙක තබා ශ්‍රී ලංකාවේ අනාගත ප්‍රජාතන්ත්‍රවාදය සහ පාර්ලිමේන්තු ක්‍රමය ගැන සිතා බැලිය යුතු යමක් සටහන් කිරීම මැනවි.

අද දවසේ පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් ඇතුළු පාර්ලිමේන්තු පද්ධතිය තරම් සරදමටත්, ගර්භාවටත්, අවතක්සේරුවටත් ලක්වන ආයතනයක් තවත් නැත. වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුනට වඩා ජනතාව ඇතැම්විට බූරුවන් කෙරෙහි විශ්වාසය තබන බව පෙනේ. ඊට වෙනස් අය ඉන්නේ ස්වල්ප දෙනෙකි. හරි හෝ වැරැදි හෝ සාමාන්‍ය ජනතාවගෙන් බොහෝ දෙනා රජය බන්දේසියක් මත තබා වර්තමාන විරුද්ධ පක්ෂ නායක හිටපු ජනාධිපතිවරයා වෙත පිළිගන්වා ඔහුව එළවා දැමීම පිළිබඳව සමාව ගන්නවා ඇත. එසේ සිදුවුවහොත් එසේ උත්කර්ෂයට නැංවීම පිළිබඳ වගකීම දැරිය යුත්තේ වර්තමාන නායකයන් දෙදෙනාය.

කෙසේ වුවද එහි නායකයා කොතරම් ජනප්‍රසාදය දිනු අයකු වුවද හිටපු රජය නැවත බලයට ගෙන ඒමෙන් පැන නඟින ප්‍රශ්නය වන්නේ ඒ මගින් පාර්ලිමේන්තුව පිළිබඳ ආකල්ප කිසිවක් වෙනස්වේද යන්නයි. ඒ මගින් පාර්ලිමේන්තු පද්ධතිය හා මන්ත්‍රීවරුන් පිළිබඳ විශ්වාසය හෝ ආකල්පය වෙනසකට ලක්වේද යන්නයි.

පැවැති රජය වෙනස් කිරීමට ජනතාව ඡන්දය භාවිතා කළේ ඔවුන්ට ආඥාදායකත්වයේ සෙවණැල්ල හා දූෂණය නැති කිරීමට අවශ්‍ය වූ නිසාය. රජයේ ඇතැම් සාමාජිකයන් විසින් මෙහෙයවනු ලබන බව පෙනී ගිය අපරාධ වළක්වනු සඳහාය.

ඔවුන්ගේ එකී බලාපොරොත්තු කිසිවක් ඉෂ්ඨ වී නොමැති බව දැන් ජනතාව තේරුම්ගෙන තිබේ. දැන් තත්ත්වය තිබුණාටත් වඩා අන්ත බව ඔවුන්ට වැටහී ඇත. ශ්‍රී ලංකාවේ අද පවතින තත්ත්වය 2015 ජනවාරි 08 පැවති තත්ත්වයට වඩා අන්ත බව මෙම ලිපියේ රචකයා හෝ තවෙකකු අමුතුවෙන් කිවයුතු නොවේ. ඔවුහු එය වඩා හොඳින් දනිති. ඔවුන්ට එය පෙනේ. ඔවුන්ට එය දැනේ. එය ඔවුන්ගේ කනට ඇසේ. ඔවුහු එහි ජීවත් වෙති.
14 වැනි පිටුවට...

2019 ජුනි 10  Daily FT පුවත්පතට Raj Gonsalkorale ,shQ Are we a country without ethics, a moral code and shame ලිපිය පරිවර්තනය කළේ.

සමන් පුෂ්ප ලියනගේ