IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


හොර වැඬේට කැලේ රිංගලා අනංගයා ඇඟට පැනලා

ගෙදර අයට හොරෙන් දුම්වැටියක් බීමට ගොස් අමාරුවේ වැටුණු තරුණයකු පිළිබඳව ගම්බඳ ප්‍රදේශයකින්  වර්තාවිය.


සිද්ධිය මෙසේය.


ඔහු අවිවාහක තරුණයකි. ඔහුත් නැගණියන් මවත් පමණක් නිවසේ ජීවත්වී තිබේ. 


නිවස ඉදිරිපිට පුංචි කැලෑ රොදක් තිබෙන අතර ඔහු දුම්වැටි බීමට මෙම ස්ථානය තෝරාගත්තේ නිවසට නොපෙනෙන නිසාය. ඒ අසලම නිවසක විවාහක තරුණ යුවළක් ද පදිංචි වී සිටිති. එම නිසා නිවසේ තරුණයා රාත්‍රි කාලයේදී ආයතනයක මුර වැඩකට යන්නේය.


මුලින් කී තරුණයා සුපුරුදු පරිදි රාත්‍රි වෙනතුරු රූපවාහිනිය නරඹා රාත්‍රි 10ට පමණ කැලෑ රොදට ගොස් ඇත්තේ දුම්වැටියක් බීමටය.


සිගරැට්ටුවක් දල්වා පානය කරන අතරතුර ටික වේලාවකින් තමාව තරයේ කවුරුන් හෝ බදාගත් බව දැනුණ තරුණයාට දෙවියන් සිහි වී ඇත.


එවිටම ‘අනේ ඇයි ඔයා පරක්කු වුණේ. මෙතනට ඇවිත් මට හොරෙන් සිගරැට් බොනව නේද’ යැයි තරුණියක් අසනවා ඇසී ආයාසයෙන් ඇය දෙස හැරෙනවාත් සමග විදුලි වේගයෙන් ඇය අල්ලපු නිවස වෙත දිව ගොස් තිබේ. සිහි දල්වා ගත් තරුණයා කාරණය වැටහී තම නිවසට ගිය අතර අල්ලපු ගෙදර තරුණිය ඔහු හමුවීම මග හැරියේ තම අනියම් සම්බන්ධයතාව ගැන ඔහුට මාට්ටු වූ බැවිනි.
(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)

 



අදහස් (0)

හොර වැඬේට කැලේ රිංගලා අනංගයා ඇඟට පැනලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 108 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site