IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හොරාගේ අම්මාගෙන් හොරාගැන පොලිසියට ඔත්තුවක්

(සිටිනාමළුව - අනීෂා මානගේ)
හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුහුදට ආසන්න නගරයක සතිපොළක සිදුවූ අර්තාපල් ගෝනි සොරකමක් සම්බන්ධයෙන් හොරාගේ අම්මාගෙන්ම පොලිසියට ඔත්තුවක් ලැබුණු පුවතක් වාර්තා විය.


එම සිද්ධිය සැකෙවින් මෙසේය.


හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුහුදට ආසන්න නගරයකි. සති පොළ පැවැත්වෙන්නේ බදාදා සහ ඉරිදා දිනයන්වලදීය. බදාදා සහ ඉරිදා දිනවල වෙළඳාම් කිරීමට ගෙනෙන භාණ්ඩ පොළ පැවැත්වීමට පෙර දින රාත්‍රී කාලයේ පොළ භූමියට ගෙන ඒමට වෙළෙන්දෝ පුරුදුව සිටිති. බදාදා දින සතිපොළෙහි අලෙවි කිරීමට භාණ්ඩ ගෙන එන්නේ අඟහරුවාදා රාත්‍රී කාලයේය. අර්තාපල් වෙළෙන්දෙකු එලෙස අර්තාපල් ගෝනි කිහිපයක් ගෙනැවිත් පොළ භූමියේ දමා තිබිණි. 


මෙය දුටු මිතුරන් දෙදෙනකුට සිත් පහළ වූයේ අර්තාපල් ගෝනි කිහිපයක් සොරකම් කර තමන්ටත් වාසියක් ලබා ගැනීමටය. කාලයක පටන් සොරකම පුරුදු වූ මිතුරන් දෙදෙනාට අර්තාපල් ගෝනි තුනක් සොරකම් කිරීම එතරම් අපහසු වූයේ නැත. 


තමන් ගෙනා අර්තාපල් ගෝනි කිහිපයක් යමකු විසින් සොරකම් කර ඇතැයි පසුදින පොලිසියට පැමිණිලි කළේ අර්තාපල් වෙළෙන්දාය. පැමිණිල්ලට අනුව පොලිසිය සොරා සොයන්නට කටයුතු කළේය. මෙවැනි වර්ගයේ සොරකම් කරන්නේ කවුරුන්දැයි දන්නා පොලිස් නිලධාරීහු ඔවුන් එකිනෙකා සොයා විපරම් කරන්නට වූහ.


සොරකම් කිරීම හේතුවෙන් කිහිප වාරයක්ම පොලිසියෙන් බැට කෑ මිතුරන් දෙදෙනාද සොයා යන්නට නිලධාරීහු අමතක නොකළහ. සොරුන් වුවත් ඇතැම් සිද්ධීන්වලදී පොලිසියට ඔත්තු සපයන්නේ මොවුන් දෙදෙනා වීම නිසා නිලධාරීන් සමඟ මොවුහු තරමක මිතුරු බවක්ද දක්වති.


පොලිස් නිලධාරීන් දෙදෙනා ත්‍රිරෝදයෙන් එක් මිතුරකුගේ නිවසට පිටත් විය. නිවෙසට යන විට එහි සිටියේ මිතුරාගේ මව පමණි. පුතා කොයිදැයි විමසූ විට ඇය පවසා ඇත්තේ අඩු මුදලකට අර්තාපල් ගෝනි කිහිපයක් ලැබී ඇති නිසා ඒවා විකුණන්ට පුතා පිටත්ව ගිය බවයි. මවගෙන් ඔත්තුව ලැබිණි. නිලධාරීන් දෙදෙනා නැවත ත්‍රිරෝදයෙන් පිටත් වන විට පාරේ රස්තියාදු වෙමින් සිටි මිතුරා දුටුවේය. මිතුරුකමින් ඔහු අමතා ත්‍රිරෝදයේ නංවාගෙන ඔහුගේ මිතුරා හමුවීමට තිදෙනාම ගියහ. මිතුරාද ත්‍රිරෝදයට නංවාගත් ඔවුන් ඉක්මන් ගමනින් පිටත් වූයේ පොලිසියටය. අර්තාපල් ගෝනිවල සොරකම වමාරන්නට මිතුරන් දෙදෙනාට ඉන් අනතුරුව සිදුවිය.

  මවගෙන් ලද ඔත්තුව නිසා පුතාත් ඔහුගේ මිතුරාත් අර්තාපල් සොරකම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්විය. 

 



අදහස් (0)

හොරාගේ අම්මාගෙන් හොරාගැන පොලිසියට ඔත්තුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site