IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සැමියා එක්ක එකට ගිහින් විරුද්ධ පැත්තට ඡන්දය දුන් බිරිඳ මග දමා මාරුවෙලා

(මොරගොල්ලාගම සිසිර කැලේගම)
ඡන්ද පොළට රැගෙන ගිය බිරිය විරුද්ධ පක්ෂයකට ඡන්දය දීම නිසා උරණ වූ සැමියා ඇය ඡන්ද පොළේ දමා පැන යාමේ පුවතක් ගල්ගමුව මැතිවරණ කොට්ඨාසයට අයත් ජන්ද මධ්‍යස්ථානයකින් අසන්නට ලැබුණි.


සිද්ධිය මෙසේය.


පොදු ගමනාගමන පහසුකම් නැති අතුරු මාවත් පෙදෙසක මෙම ඡන්ද මධ්‍යස්ථානය පිහිටා ඇත. ගමනාගමන පහසුකම් නැති දුෂ්කර පෙදෙස් අතරින් දුරකතර ගෙවාගෙන ඡන්ද පොළට පැමිණිය යුතුය.


දරුවන් තිදෙනකුගෙන් යුත් විවාහක බිරිය රෝහල්ගතව සිට නිවසට පැමිණ ඇත්තේ රෝගීතාවයට වඩා ඡන්දයට ප්‍රමුඛතාවය දීම සඳහාය. නිවසට පැමිණි ඇයට ඡන්ද පොළට යාමට කිලෝ මීටර් ගණනාවක් දුරකතර ගෙවාගෙන යා යුතුව ඇත.


සිය සැමියා සුපුරුදු පා පැදිය ගෙන එහි පිටුපස අසුනේ ඇය වාඩි කරවාගෙන ඡන්ද පොළ වෙතට පැමිණියේය.


සැමියා උදේම පැමිණ ඡන්දය ප්‍රකාශකර තිබූ නිසා ඇය ඡන්දය දමා එන තුරු ඔහු ඒ අසල තැනක රැඳී සිටියේ ඇය ආපසු රැගෙන යාමටය.


ඇය දිගු පෝලිමක රැඳී ඡන්දය ප්‍රකාශ කර එන අතරතුර පිරිසක් සමග නැවතී පිළිසඳරක යෙදී සිටියාය.


එතැනට ගිය සැමියා ඇය කියන්නේ කුමක් දැයි විමසුවේය.


එයා මෙදා පාර අපේ පැත්තට ඡන්දය දීලා. රැස්ව සිටි පිරිස ඔච්චමට මෙන් ඔහු සමග පවසා ඇත්තේ ඔහු කුමන පක්ෂයක සාමාජිකයකු ද යන්න කවුරුත් හොඳාකාරවම දන්නා නිසාය.


ඇත්තද ඔයා කාටද ඡන්දය දුන්නේ සැමියා සිය බිරිඳගෙන් ඇසුවේය.


මම මේ සැරේ මගේ ඡන්දය අර පැත්තට දුන්නා යැයි සිය විරුද්ධ පාර්ශවකරුවන් හමුවේ ඇය පැවසුවාය.


මෙච්චර දුරක් බයිසිකලේ තියාගෙන ආවේ ඕක අහගන්නදැයි කල කිරුණු සැමියා ඇය එතැනම දමා යන්නට ගියේය.


යන එනමං නොමැතිව රෝගී තත්ත්වයෙන් පසුවූ ඇය කකුලට වාරු දිදී සුපුරුදු ගමනාන්තය තෙක් පිය මැන්නාලු.

 



අදහස් (0)

සැමියා එක්ක එකට ගිහින් විරුද්ධ පැත්තට ඡන්දය දුන් බිරිඳ මග දමා මාරුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site