IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සැමියාගේ හොර අල්ලන්න මහ රෑ මග රැක්ක බිරියට පොලිසි යන්නත් වෙලා

(බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ) 
නවීන පන්නයේ ජංගම දුරකථනයක් අත දරාගෙන බණ්ඩාරගම වැල්මිල්ල ප්‍රදේශයේ නිවසක් ඉදිකරන ස්ථානයක සැක කටයුතු ලෙස රැඳී සිටි කාන්තාවක් ඉකුත් 17 අලුයම අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි. 


අලුයම දෙකට පමණ කාන්තාවක් නිවස ඉදිකරන ස්ථානයේ ගසකට මුවා වී සිටිනු දුටු නිවසේ හිමියා සොරකමේ පැමිණි කාන්තාවක් බව සිතා අසල්වාසීන් අවදි කරවා ගෙන පොල්ලක් රැගෙන පහර දීමට සූදානම්ව කාන්තාව අසලට යාමේදී ජංගම දුරකථනයෙන් මුහුණ පෙන්වමින් පැවැසූ දෙයින් පොල්ලෙන් පහර දීම මඳකට නවතා එම කාන්තාවට සවන් දී ඇතැයි පොලිසිය කියයි. 


ඇය පානදුර පදිංචිකාරියක් බවත්, සැමියා වෙනත් කාන්තාවක් සමග අනියම් සබඳතාවක් පවත්වන බව මීට ටික දිනකට ඉහත දී දැන ගැනීමට ලැබුණු බැවින් ඉකුත්දා 16  සවස මුහුදු යන බව පවසා නිවසින් පිට වී ගිය සැමියා බණ්ඩාරගම වැල්මිල්ල මෙම නිවසේ සිටින බවට තම ජංගම දුරකථනයේ ජී.පී.එස්. තාක්ෂණය ඔස්සේ පෙන්නුම් කළ බැවින් ඔහුව සහ අනියම් බිරිඳ අතට අල්ලා ගැනීම සඳහා කුලියට ලබා ගත් ත්‍රීරෝද රථයකින් රාත්‍රියේ පැමිණ නිවස අසලට වී සිටින බවත් ප්‍රකාශ කළ බව පොලිස් නිලධාරියකු පැවැසීය. 


සැකකාර කාන්තාව පොලිසිය වෙත රැගෙන යාමෙන් පැය පහකට ආසන්න කාලයක් ඇය රඳවාගෙන සිදු කළ ප්‍රකාශයේ සත්‍යතාවන් අනාවරණය කර ගැනීමෙන් පසු පොලිස් ඇප මත මුදාහැරිය බව පොලිසිය පවසයි. 
බණ්ඩාරගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (0)

සැමියාගේ හොර අල්ලන්න මහ රෑ මග රැක්ක බිරියට පොලිසි යන්නත් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 306 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site