IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


සැමියාගේ අනියම් පෙම නවත්වන්න නීතිඥයාගෙන් අපූරු උපදෙසක්

(වියලු‍ව වාර්තාකරු)
 අසල්වැසි නිවසක කාන්තාවක සමග අනියම් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යන සිය සැමියා ඉන් මුදවා ගැනීම සඳහා උපදෙස් පැතීමට නීතිය සම්බන්ධයෙන් කටයුතු කරන පුද්ගලයකු සොයා ගිය කාන්තාවකට වඳින්නට ගිය දේවාලය හිසේ කඩාවැටුනාක් වැනි සිද්ධියකට මුහුණ දීමට සිදුවීමේ පුවතකි මේ.      


සිද්ධිය මෙසේය.


ඇය  රූමත්ය. දෙදරු මවකි. රජයේ සේවිකාවකි. සිය සැමියා සමඟ සතුටින් පවුල් ජීවිතය ගත කළාය.  


එහෙත් මෑතකදී ඔවුන්ගේ කුරුලු කූඩුවට හෙනහුරා පහත් වූයේ   ඇය නොදැනුවත්වමය.


සිය සැමියා අසල්වැසි කාන්තාවක සමඟ පෙම් පලහිලව්වක පැටලීම ඊට හේතු විය.


රණ්ඩු සරුවල් කරගත්තද, දෙස් දෙවොල් තැබුවද, ඥාතීන් උපදෙස් දුන්නද එය නතරකර ගන්නට ඇය අසමත් වූවාය.


අවසානයේ ඇය සිය සැමියා ඉන් මුදවා ගන්නට හෝ වෙනත් විකල්පයකට යන්නට අවශ්‍ය උපදෙස් ලබාගැනීම සඳහා  නීතිය සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරියකු සොයා ගියේ වෙනත් විකල්පයක් නොතිබූ නිසාය.


දැඩි සංයමයකින් මෙන්ම උද්යෝගයකින් ඔහු, ඇගේ කතාවට සවන් දුන්නාය. ඉඳහිට සුසුමක් ද හෙලු‍වේ එය තමන්ට සිදු වූවා වැනි හැඟීමක් ඇයට ඒත්තු ගන්වමිනි.


තමා හමුවීමට පැමිණ සිටි සෙසු සේවාලාභීන් ද අමතක කර දැමූ ඔහු කාන්තාවගේ ප්‍රශ්නය වෙනුවෙන් වැඩි වෙලාවක් ගත්තේ ඇයට වැඩි ලෙන්ගතුකමක්ද  පෙන්වමිනි.


එක් දිනකින් උපදෙස් දී අවසන් කළ හැකි ගැටලුවට ඔහු දින දෙක තුනක්ම වැය කළේ වේලාව ගැන පවා කිසිදු තැකීමක් නොකරය.


තෙවන දිනයේ තම සරණ සොයා පැමිණි කාන්තාවට ඔහුගෙන් ලැබුණේ අපූරු අවවාදයකි. ‘ඕවට උත්තර හොයන්න යන්න එපා. ඔයිට වඩා ප්‍රශ්න මට තියෙනවා. අපි දෙන්නත් ඒ විදියෙ සම්බන්ධතාවයක් පටන් ගමු. එයාට හොඳනම් ඇයි ඔයාට නරක’ ඔහු ඇඟට පතට නොදැනී කියා සිටියේ කාන්තාවගේ අතක්ද ස්පර්ශ කරමිනි.


ඒ වන විටත් ගොනා හැරෙන්නේ පොල් පැළය කන්නට බව අවබෝධයෙන් සිටි කාන්තාව එක්වරම නැගී සිටියේ ‘මහත්තයෝ ඕවට එන්න එපා. තමුසෙලා මිනිස්සු අසරණ උනාම උදව්කරන්නේ     ඔහොමද’ යැයි පවසමිනි.


 තවත් මොන මොනවදෝ කියූ කාන්තාව ඔහු නිදහසට කරුණු කියන්නටත් පෙර එම ස්ථානයෙන් පිටව ගියේ මොහු සම්බන්ධව එහි සිටි  සෙසු පිරිසටද පවසමිනි.

 



අදහස් (0)

සැමියාගේ අනියම් පෙම නවත්වන්න නීතිඥයාගෙන් අපූරු උපදෙසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 54 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 347 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 362 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site