(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
දෙමහල් වෙළඳ සංකීර්ණයේ උඩු මහලේ සිට නිකරුණේ ගත කළ අයෙකු පහළට විසිකළ දුම්වැටි කොටය පහත සිටි කාන්තාවකගේ හැට්ටය තුළට වැටී අලි ජංජාලයක් වූ පුවතක් දකුණේ ප්‍රසිද්ධ නගරයකින් වාර්තාවේ.

හේ එම වෙළඳ සංකීර්ණයේ පාලු කපන කණ්ඩායමේ සාමාජිකයෙකි. ඔහු නිතරම සිටින්නේ උඩ ය. කාගෙන් හෝ දුම්වැටියක් උරන්නට ඔහු පුරුදුව සිටියේ අද ඊයේක නොවේ. කාලයක් තිස්සේ සිටම ඔහු මේ ක්‍රියාවේ යෙදී සිටින්නේය. උරන දුම් වැටියේ කොටය උඩු මහලේ සිට ඔහු බිමට දමන්නේ කිසිදු වගවිභාගයකින් තොරව ය.
එදාත් වෙළඳ සංකීර්ණයේ උඩු මහලේ සිටි ඔහු දුම්වැටියක් උරා එහි කොටය බිමට දැම්මේ පුරුද්දට මෙනි. ඒ සමගම “බුදු අම්මෝ පිච්චෙනවෝ” යි කාන්තාවක් සිය ළැම ප්‍රදේශය අල්ලාගෙන මර ළතෝනියක් දුන්නාය. ඇයගේ ළැම ප්‍රදේශයෙන් දුමක් ද නගිමින් තිබිණි. ඒ සමගම පහත මාලයේ වෙළඳාමේ සිටි අය වතුර ගසා ඇයගේ ළැම ප්‍රදේශයෙන් නැගි දුම නිවා දැමූහ.
සිය ළැම ප්‍රදේශයේ හදිසි ගින්නක් ඇති වූයේ කෙසේද යන්න ඇයට මෙන්ම එතනට රැස්වූ අයට මහත් ප්‍රහේළිකාවක් විය. ඒ නිසාම මේ කාන්තාව ජනශූන්‍ය ප්‍රදේශයකට ගොස් සිය හැට්ටය අස්සට අත දමා ගිනි ගත් දෙය සෙව්වාය. ඒ සමගම ඇයගේ අතට හසුවූයේ නිවී ගිය සිගරට් කොටයකි.
සිදුවූ දේ තේරුම් ගොස් ඇය දුම්වැටි කොටස බිමට දැමූ කෙනා සෙව්වමුත් ඒ වනවිටත් ඔහු එම ස්ථානයෙන් පලා ගොස් හමාරය.
2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වීසිකළ සිගරට් කොටයෙන් කතගේ ළය මඬල ගිනිගෙන