IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


මවගේත් පියාගේත් බැංකු කාඞ්පතින් ලක්ෂ පහක් ඇද ආභරණත් කොල්ලකා එළියට ඇද දාලා දුවත් බෑනාත් සැකපිට අත්අඩං

(ආරච්චිකට්ටුව ලලිත් නවරත්න) 
තම පියාට සහ මවට අයත් රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ගිණුම් තුනකින් පෙට්කාඞ් යොදාගනිමින් ලක්ෂ පහක් වංචනික ලෙස ගෙන මව සතුව තිබූ ලක්ෂ පහකට අධික වටිනාකමක් ඇති ස්වර්ණාභරණද කොල්ලකා උකස්කර පියාත් මවත් නිවසින් එළියට දැමූ හලාවත මයික්කුලම පදිංචි දුවක සහ බෑණනුවකු සැකපිට අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය පවසයි.


වින්දිත මව සහ පියා හලාවත පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව ඔවුන් මොනරාගල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් මීට වසර කීපයකට පෙර දියණිය හලාවත මයික්කුලම ප්‍රදේශයේ වංචාවට සම්බන්ධ පුද්ගලයා සමග විවාහව වී පදිංචියට එම ප්‍රදේශයට පැමිණ ඇති බවත් විවාහයෙන් පසු හලාවත ප්‍රදේශයේ පදිංචියට තම මවත් පියාත් කැඳවා එහි සිට ඉඩමක් සොයාගෙන නිවසක් හාදාගත හැකි බවටත් යෝජනාකර ඇත.


බෑණාගේත්, දියණියගේත්, යෝජනාවට කැමැත්ත පළකළ මව සහ පියා මොනරාගල පදිංචිව සිටි තම නිවසත් ඉඩම් කැබැල්ලත් ලක්ෂ 35 කට විකුණාදමා තම දියණිය සහ බෑණා පදිංචි නිවසට පැමිණ ඇති අතර මුදල් හලාවත ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික බැංකු තුනක තැන්පත්කර ඇත. පසුව හලාවත ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක ආරක්ෂක සේවකයෙකු ලෙස ද මෙම පියා සේවයකර ඇත. දින කීපයක් ගතවූ කල බෑණනුවන් සිය බිරිඳට කළ යෝජනාවකට අනුව සිය මවගෙන් බැංකු ගනුදෙනු කාඞ්පත් හා එහි අංක ඉල්ලාගන ඇති අතර වරින්වර රුපියල් ලක්ෂ පහක මුදලක් වංචනික ලෙස බැංකුවෙන් රැගෙන ඇත.


ඊට අමතරව මව සතුව තිබූ රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමක් ඇති ස්වර්ණාභරණ ද දියණිය විසින් රැගෙන ගොස් ස්වාමිපුරුෂයාට ලබාදීමෙන් පසු එම ස්වර්ණාභරණද උකස්කර ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.


අවශ්‍යතාවක් සඳහා ස්වර්ණාභරණ ඉල්ලා සිටීමේදී ඒවා හදිසියකට උකස් තැබූ බව දුව පැවසීමෙන් අනතුරුව දුව-බෑණා පිළිබඳව සැකසිතූ පියා තම බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේදී එහි මුදල් ද අඩුව ඇති බවට දැනගන ඇත. මේ පිළිබඳව විමසූවිට ගැටුමක් ඇතිවීමෙන් පසු මව්පියන්ට මරණ තර්ජනකොට නිවසින් යන ලෙසට පැවසීමෙන් අනතුරුව මවත් පියාත් පැමිණ පොලිසියේ පිහිට පතා ඇත. වහාම ක්‍රියාත්මක වූ පොලිසිය සිද්ධියට සම්බන්ධ බෑණාත් දුවත් අත්අඩංගුවට ගෙන ඇත.


සැකකරු සහ සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. හලාවත කොට්ඨාස භාර පොලිස් අධිකාරි වයි.එල්. ලීලවංශ මහතාගේ උපදෙස් මත හලාවත පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සෙනරත් එදිරිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන්, උප පොලිස් පරීක්ෂක ගාමිණී ආදාසූරිය, පොලිස් සැරයන් අබේසිංහ 32086, පොලිස් කොස්තාපල් සුසන්ත 53275 සහ දේශප්‍රිය 17870 යන පොලිස් නිලධාරිහු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති. 

 



අදහස් (1)

මවගේත් පියාගේත් බැංකු කාඞ්පතින් ලක්ෂ පහක් ඇද ආභරණත් කොල්ලකා එළියට ඇද දාලා දුවත් බෑනාත් සැකපිට අත්අඩං

Kumar Tuesday, 04 February 2020 03:28 PM

මේ වැනි සොරකම් කරන්නේ කුඩුකාරයන් හරි සූදුවට ඇබ්බැහි වුණු අය පමණයි. කුඩු ගන්න ඔය කියන තරම් මුදල් කෙටි කලකදී අවශ්‍ය වෙන්නේ නැහැ. සූදුවට යන අයට නම් සල්ලි ගඟක් ගැලුවත් මදි. ඉතින් ඒ සල්ලිවලට සිදුවුණු දෙයක් ගැන දන්නේ නැද්ද?

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 81 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 355 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 369 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site