(දිල්රුක්ෂි ග්‍රේරු)
තමා සේවය කරන ආයතනයේ ප්‍රධානියාගේ උපන්දින සාදය වෙනුවෙන් ගෙනා මල් කළඹ එය මිලට ගත් ආයතනයේ නම හේතුවෙන් ආපසු රැගෙන ඒමට සිදුවූ පුවතක් කොළඹට නුදුරු කාර්යාලයකින් වාර්තා විය.
වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.

රටපුරා පිරිවරා ගත් කාර්යාල පද්ධතියක් හිමි ආයතනයකි. එහි ප්‍රධානියාගේ උපන්දිනය පසුගියදා උත්කර්ෂවත් අයුරින් සැමරීමට රටපුරා විසිරි ඇති කාර්යාලවල සේවකයෝ කටයුතු සංවිධානය කළහ.
කොළඹ නගරාසන්නයේ පිහිටි එක්තරා කාර්යාලයක සේවක සේවිකාවෝ පිරිසක්ද පාටියට සුදානම් වූහ. පාටියද ලහි ලහියේ සංවිධානය කෙරිණි. රටපුරා ව්‍යාප්තව ඇති සියලුම කාර්යාලවල පිරිස් ආයතනයේ ප්‍රධානියාට මල් කළඹක් දී සුභ පැතීමට තකිකා කර ගත්හ. ඒ අනුව කොළඹ නගරාසන්න ආයතනයේ සේවකයන් කාර්යාල සහයකයාට මුදල් දී ඉතා වටිනාකමින් යුතු මල් කළඹක් රැගෙන එන්නැයි පිටත් කැර හැරියේය. එම මල් කළඹට බිලක්ද සුභ පැතුම් කාඩ් පතක්ද සකස්කරගෙන එන්නැයි කාර්යාල ප්‍රධානීහුද කාර්යාල සේවකයනට උපදෙස් දුන්හ.
ඒ අනුව කාර්යාල සහායකයා ලංකාවේ මල් වැඩවලට ප්‍රසිද්ධ ආයතනයකට ගොස් මල් කළඹක් ගෙන බිල්පතද සුභපැතුම් කාඩ් පතද සකසාගෙන ගෙනැවිත් දුන්නේය.
පාටිය ආරම්භ වෙන වේලාවට කලින් පිරිස උජාරුවෙන් එම ස්ථානයට පැමිණියහ. පාටිය ආරම්භ විණි. ඉතා අලංකාර ලෙස සකසා තිබූ මල් කළඹ අතට ගත් සියුමැලි දෑතක් එය ඔතා තිබූ කොලය ඉවත් කළාය. පිරිසගේ ඇස් උඩ ගියහ. අම්මෝ මේකනම් දෙන්න බෑ. අපි අර මළගෙදර යන්න මල්වඩමක් ගත්තෙත් මෙතැනින්නේ. මේක දක්කොත් බොස් අප්සට් යයි. ඒ නිසා අප මේ මල් කළඹ නොදී හෙමින් සැරේ අනෙක් මල් ගොඩ තියා එමු යැයි කතිකා කර ගත්හ. ඒ අනුව අතට අත දී සුභ පතා මල් කළඹ සඟවා ඔව්හු ආපසු කාර්යාලයට පැමිණියහ.
2025 දෙසැම්බර් මස 04
67
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
354
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
365
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මල් කලඹ දැකලා දවල් තරු පෙනිලා