IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මනාලිය හැඩ කරන්න එළවළු මල්ලක් අරන් ගිහින්

මනාලියක හැඩගැන්වීම සඳහා ආභරණ වෙනුවට එළවළු මල්ලක් රැගෙන ගිය රූපලාවන්‍ය ශිල්පිනියක පිළිබඳව නගරබද ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.


සිද්ධිය මෙසේය. පසුදින නැකත් දිනයක් වූ බැවින් එදින මංගල උත්සව කිහිපයක්ම එම 
රූපලාවන්‍යාගාරයට ලැබී තිබුණි. එහෙයින් එදින අමතරව තාවකාලික රූපලාවන්‍ය ශිල්පිනියකගේ සේවය ලබා ගැනීමට ආයතනය හිමි රූපලාවන්‍ය ශිල්පිනිය කටයුතු කළාය.


කෙසේ වෙතත් නියමිත දිනයේ රූපලාවන්‍යාගාරයකට පැමිණි අමතර රූපලාවන්‍ය ශිල්පිනිය මනාලියට නියමිත ඇඳුම් ගෙන ආභරණ කොහෝ දැයි විමසා ඇත. ආභරණ පාර්සලය සකස් කර කළු බෑගයක දමා ඉදිරියේ තබා ඇති බව ආයතනය හිමි රූපලාවන්‍ය ශිල්පිනිය පැවැසුවේ ඇය ඒ වනවිටත් වෙනත් වැඩක යෙදී සිටි බැවිනි. මගුල් ගෙදර තරමක් දුර බැහැර බැවින් ශිල්පිනිය ආයතනය ඉදිරිපස තබා තිබුණු පාර්සලය රැගෙන ඉක්මණින් පිටත්ව ගියාය. නිසි පරිදි මනාලිය අන්දවා ආභරණ පාර්සලය ලියා බලද්දී එතුළින් මතුවූ එළවළු දැක ඇය අන්දුන් කුන්දුන් වූවාය. නැකත් වෙලාව ආසන්න බැවින් ඇය හනික මගුල් ගෙදරට ආ ත්‍රිරෝද රථයකින් ගොස් ආභරණ රැගෙන විත් නැකතට විනාඩියකට කලින් තම කාර්යය නිම කර යාන්තමින් ජාං බේරා ගත්තාය.


ඇය රූපලාවන්‍ය ආයතනයෙන් රැගෙන ගොස් ඇත්තේ ඇහිබැම සකස් කිරීමට පැමිණි කාන්තාවකගේ එළවළු මල්ල බව පසුව දැනගන්නට ලැබුණි.
(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)

 



අදහස් (0)

මනාලිය හැඩ කරන්න එළවළු මල්ලක් අරන් ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 659 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site