IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මඟුල් දා සෞඛ්‍ය නීති රකින්න මනාලියට ‘හාදු වැස්මක්’

(තිහගොඩ උපසේන ලියනගම)
දකුණු පළාතේ ප්‍රධාන නගරයක උත්සව ශාලාවක පැවැති මංගල උත්සවයක් අවසානයේ මනාල-මනාලියන් හා ඥාතීන් සිප වැළඳ ගැනීමේදී සෞඛ්‍ය විද්‍යානුකූලව එය සිදු කිරීම සඳහා ‘හාදු වැස්මක්’ නමින් සිනිදු විනිවිද පෙනෙනසුළු ඉටි කොළ ආවරණයක් භාවිතා කිරීමේ අපූරු සිදුවීමක් පසුගියදා අගනුවර පැත්තෙන් වාර්තා විය.


කලා නිර්මාණ පිළිබඳව නමක් තබා ඇති මේ මනාලයා, සිය මංගල්‍ය උත්සවය සූදානම් කොට තිබුණේ සෞඛ්‍ය විද්‍යානුකූල නීතිරීති අකුරටම පිළිපදිමිනි. මේ සඳහා නිර්දේශිත පිරිසක් සහභාගි වූ අතර, දේශීය සිරිත් අනුගමනය කරමින් සියලු කටයුතු සිදුවිය.


උත්සව අවසානයේ මනාල යුවළ සහ ඥාතීන් සමුගන්නා අවස්ථාවේ මනාලිය සිප වැළඳ ගැනීම සම්ප්‍රදායක් වූයෙන් ඒ ගැන සිතූ මේ මනාලයා ඒ සඳහා මනාලියගේ සහ තමාගේ මුහුණ ආවරණය වන ආකාරයට විනිවිද පෙනෙන සිනිදු ඉටිකොළවලින් ආවරණයක් සකසා ඒ මොහොතේ එය පැළඳ ගත් අතර, එය හැඳින්වූයේ ‘‘හාදු වැස්ම’’ යනුවෙනි.


සෞඛ්‍ය විද්‍යානුකූල මේ හාදු දීම සිදුවූ අතර, එය මංගල්‍ය උත්සවයේ ඉතා විනෝද ජනක අවස්ථාවක් වූ බව ඥාතීහු පවසති.

 



අදහස් (0)

මඟුල් දා සෞඛ්‍ය නීති රකින්න මනාලියට ‘හාදු වැස්මක්’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site