IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මංගල සාදය නැගලා ගිහින් මාළු බෝතලයකුත් කටේ හලාගෙන

(මැදිරිගිරිය චාපා මධුභාෂිණි)

දියණියගේ මංගල සාදයට ආ පියාගේ හිතවතා, සුරතලයට ඇති කළ මාළු සහිත වතුර බෝතලය එක උගුරට හලාගැනීමේ අපූරු පුවතක් මැදිරිගිරිය ප්‍රදේශයේ ඈත දුෂ්කර ගමකින් වාර්තා විය. වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.

තම වැඩිහමල් දියණිය විවාහ ගිවිස ගැනීම නිමිත්තෙන් මහා සාදයක් සිය නිවෙසේ දී පැවැත්විණි. ඥාති හිතවතුන් 200ක් පමණ දෙපාර්ශවයෙන්ම මෙම අවස්ථාවට සහභාගිවී ඇත. පෙරවරු 10.00ට පමණ ආරම්භ වූ මෙම සාදය පස්වරු 4.00 පමණ දක්වා පැවැත්විණි.

නව යුවළ ද පිටව ගිය පසු ළඟ ඥාතීන් හැරෙන්නට සියලු දෙනාම නිවසින් පිටව ගියහ. නිවසේ සිටි පිරිස අතර ගෙහිමියා වූ මනාලියගේ පියාගේ යාළුවෝ කීප දෙනෙක් ද වූහ. තරමට සප්පායම් වී සිටි මෙම පිරිසේ එක් අයකු අපූරු යෝජනාවක් කළේය. අපි තව ටිකක් දාමු. යෝජනාව ස්ථිර විය. තවත් බෝතල් කීපයක් රැගෙන ආ ගෙහිමියා සිය යාළුවන් සමග නැවතත් මධුවිත පානය කරන්න විය. ඒ අතර සිටි තරමක් මැදි වියේ පුද්ගලයකු මචං මට වතුර තිබහයි. වතුර ටිකක් බීලා එන්නම් කියා ගෙතුළට ගොස් නිවසේ මේසය මත වූ වතුර බෝතලයක් දැක බීගෙන බීගෙන ගියේය. නැවතත් සාදයට එක් විය.

මේ අතර මෙම නිවෙසේ අවුරුදු 10 පමණ වයසැති කුඩා දරුවකු අඬන්නට විය. ‘මගේ මාළු බෝතලය කවුද විසිකරලා’ දරුවාගේ ඇඬීම නවත්වන්නට කිසිවකුටවත් නොහැකි විය. දරුවාගේ අඬන සද්දය ඇසී ගෙහිමියා ද ආවේය. ඇයි මොකද මේ අඬන්නේ තාත්තා විමසීය.

තාත්තේ මගේ මාළු බෝතලය කවුද හලලා මාළු ටිකත් නෑ. දරුවා අඬන්නට විය. මේ අතර ගමේ සිටි ඇගිනස් අක්කා එතැනින් යන ගමන් මොකක්ද මේ කලබලය කියා ඇසීය. අනේ බලපන්කො මේ දරුවාගේ මේ බෝතලයේ හිටපු මාළු ටික කවුද විසිකරල. මේ මෙතන තිබුණු බෝතලෙන් සිරිපාල අයියා වතුර බොනවා නම් මා දැක්කා යැයි ඇගිනස් අක්කා කියන විට හැමෝගේම ඇස් ඉහළ ගියේ සිරිපාලය මාළු ටික බීලා යනුවෙන් පවසමිනි.



අදහස් (0)

මංගල සාදය නැගලා ගිහින් මාළු බෝතලයකුත් කටේ හලාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 65 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site