IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


බලු කුණකින් කසිප්පු පෝසතකුවූ කතාවක්

මී කුණකින් මහා ධනවතකු වූ පුද්ගලයකු පිළිබඳව බෞද්ධ ජාතක කතාවක අපි අසා ඇත්තෙමු. බලු කුණකින් කසිප්පු බෝතලයක් මිලදී ගැනීමට අවශ්‍ය මුදල සොයා ගත් පුද්ගලයකු පිළිබඳ පුවතකි මේ.


එම පුවත වාර්තා වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්තරා ගම්මානයකිනි.


එම ගම්මානයේ ජීවත් වූ තරමක වයෝවෘද්ධ තත්ත්වයෙන් පසුවූ විශ්‍රාමික ගුරු යුවළකි. ඔවුන්ගේ එකම පුතා කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක ඉහළ රැකියාවක නියැලී සිටි අතර, තවමත් තනිකඩයකු වූ ඔහු කාර්යබහුලකම නිසාම මවුපියන් බැලීමට ගමට පැමිණියේ මාසයකට වරක් හෝ දෙවරක් පමණය.


එම ගුරු යුවළ ගෙවත්ත එළිපෙහෙළි කරගැනීම, වත්තේ පොල් කැඩූ පසු ඒවා එකතු කර ගැනීම, දර ටිකක් පලා ගැනීම, නිවස පිරිසිදු කර ගැනීම ආදී වැඩකටයුතු කරගත්තේ ගමේ සිටි කුලී වැඩ කරන පුද්ගලයකු ලවාය. ඔහුට ඒ සඳහා කුලියක් ගෙවනු ලැබීය.


දෙදරු පියකු වූ හෙතෙම මත්පැන් පානයට ලොල් වූ අයකු වන අතර, කුලී වැඩ කර උපයන ආදායමෙන් වැඩි කොටසක් ඔහු වැය කළේ මත්පැන් සඳහාය.


මීට මාස දෙකකට පමණ පෙර දිනයක එම ගුරු යුවළගේ නිවසේ ඇති කළ බල්ලා හදිසියේ මිය ගිය අතර, එම දිනවල පැවැති නියඟය නිසා පොළොව වියළී ගොස් තිබූ හෙයින් වළක් කපා මියගිය බල්ලා වළදමා ගැනීම ඔවුනට දැඩි දුෂ්කර කටයුත්තක් විය.


දුරකතන ඇමතුමක් ලබාදී කුලී වැඩකරු ගෙන්වා ගෙන එම කටයුත්ත ඔහු ලවා කරගත් අතර ගුරු මහතා රුපියල් 300ක මුදලක් ඔහු අත තැබුවේ අඩියක් ගැසීමට මුදල් අවශ්‍ය බව දන්නා නිසාමය.


පසුගිය සතියේ දිනක උදෑසන මිදුල අතුගාමින් සිටි ගුරු මහතාට දැක ගැනීමට ලැබුණේ නිවසේ ගේට්ටුව අසල මිදුලේ මියගිය බල්ලෙකු සිටින අයුරුය. මාර්ගයේ ගමන් කරමින් සිටියදී වාහනයකට යටවී එම බල්ලා මියයන්නට ඇතැයි ඔහු අනුමාන කළ අතර, එදිනද දුරකතන ඇමතුමක් දී නිවසේ කුලී වැඩ කරන පුද්ගලයා ගෙන්වා ලොකු වළක් කප්පවා බල්ලා වළ දැමූ අතර ඒ සඳහා ඔහුට රුපියල් 300ක මුදලක් දුන්නේය.


එදින සවස් යාමයේ ඔවුන්ගේ නිවසට මීටර් 500ක දුරක අසල්වැසි නිවසක ජීවත්වන විශ්‍රාමික ලිපිකරු මහතකු වන ඔවුන්ගේ හිතවතකු පැමිණියේ අතමාරුවට ඉල්ලාගත් මුදලක් ආපසු දීම සඳහාය.


නිවසේ සාලයට වී විශ්‍රාමික ගුරු යුවළ සමග එම විශ්‍රාමික  ලිපිකරු මහතා ආගිය තොරතුරු කතා කරමින් සිටින අතර මෙසේ පැවසීය.


“ඊයේ හවස මම බඩු වගයක් ගේන්න ටවුමට ගිහින් එනකොට රෑ 7.00ට විතර ඇති. අපේ ගේ ඉස්සරහා පාර ළඟ බල්ලෙකු මැරිලා හිටියා වාහනයකට යටවෙලා වෙන්න ඇති. මම අද උදේ ඌව  වළදාන්න හිතාගෙන හිටියේ. උදේ උදැල්ලක් අරන් ඇවිත් බලනකොට බල්ලා එතන නෑ. කවුරුහරි සත්ව කරුණාව තියෙන මනුස්සයෙක් ඌව වළදාලා. හැබැයි ඒ අහල පහළ වළක් කපලා නම් තිබුණේ නෑ.


කතාවට සවන්දී සිටි ගුරු යුවළ එකිනෙකාගේ මුහුණු දෙස බැලුවේ මත්පැන් බීමට කුලී වැඩකරු යෙදූ උපක්‍රමය ගැන වටහා ගනිමිනි.

(කොබෙයිගනේ නිමල් ප්‍රේමචන්ද්‍ර)

 



අදහස් (0)

බලු කුණකින් කසිප්පු පෝසතකුවූ කතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 39 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 878 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2510 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site