(නිකවැරටිය ප්‍රියාණි මංගලිකා)
බිරිඳ සමග අමනාපව සිටි සැමියකු ඇයට නොදන්වා රෝහල් ගතව සිටින තම මව බැලීමට යාමෙන් එම තරුණ සැමියා මහත් අකරතැබ්බයකට මුහුණ දීමේ සිද්ධියක් නිකවැරටිය ප්‍රදේශයෙන් වාර්තා විය.
සිද්ධිය මෙසේය.
තරුණ සැමියාගේ මව නගරයට පැමිණියේ අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහාය. එහෙත් වෛද්‍යවරයාගේ නියමය පරිදි එම මවට හදිසියේ රෝහල් ගතවීමට සිදුවූයේ නොසිතු අවස්ථාවකය.
මව තම පුත්‍රයාට මේ බව දුරකතන ඇමතුමකින් දැනුම් දුන්නාය. ඒ වනවිට නගරයට පැමිණ සිටි පුත්‍රයා මෙදින අමනාපව සිටි බිරිඳට මේ බව නොදන්වා, රෝහලට පැමිණියේ, කෑම පැකට්ටුවක් සහ අත්‍යවශ්‍ය දෑ රෝහල් ආපන ශාලාවෙන් රැගෙන දෙන අටියෙනි.
රෝගීන් බලන වෙලාව ළංවෙමින් තිබියදී එම පුත්‍රයා ආපනශාලාව දෙසට පිය නැගුවේ අවශ්‍ය දෑ ගැනීම සඳහාය. එම අවස්ථාවේ ඔහුට අසල්වැසි නැන්දා කෙනෙකු හමුවන්නේ නොසිතූ අයුරිනි.
කෑම මිලට ගැනීම අවශ්‍ය නොවන බවත් තමා තම ගැබිනි දියණියට කෑම රැගෙන ආවද ඇය දරුවා ලැබීමට සූතිකාගාරයට ඇතුළත් කර ඇති බැවින් එම කෑම පාර්සලය මවට රැගෙන ගොස් දෙන ලෙසත් එම නැන්දා පුත්‍රයාට කියා ඇත.
පුත්‍රයා කෑම පාර්සලයද රැගෙන මව බැලීමට ගොස් කෑම පාර්සලය මවට දුන්නේ කිසිවක් නොකියා මහත් උජාරුවෙනි. මව කෑම පාර්සලය දිග හැර කෑමට සුදානම් වන විටම වෙනත් ක්‍රමයකින් පුවත සැලවී කෑමද රැගෙන මව බැලීමට ලේලිය කඩා වැදුනේ ස්වාමියාද අන්දමන්ද කරමිනි.
“පුතා කෑම ගෙනාවානේ” මවද කීවේ උජාරුවෙනි. වෑංජන තුන හතරක් සමග කෙසෙල් කොළයක එතූු සුවඳ හමන බත් පත දුටු ලේලිය ,පරල වූයේ පෙරදින දෙදෙනා අතර අමනාපයට තුඩුදුන් හේතුව තවදුරටත් තීවුව තිබෙනු දැකීමෙනි.
තරුණ සැමියා යළි නිවසට ගියද ඔහුට මුහුණ දෙන්නට සිදුවූයේ නොසිතූ දෙයකටය. බිරිඳ දරුවන්ද රැගෙන නිවසින් පිටව යාමට සුදානම්ව යකා නටන්නට වූයේ එම රසවත් කෑම පාර්සලය ලබා දුන්නේ කවුද යන්න විමසමිනි.
අවසන පවුල් ආරවුල සමථ කිරීමට කෑම පාර්සලය ලබාදුන් අසල්වැසි නැන්දාට නිවසට ඒමටද සිදුවිය. ඇය පැමිණ සිදු වූ දෙය අනාවරණය කිරීමෙන් පසුව තරුණ බිරිය මහත් ලජ්ජාවෙන් ගෙතුළට රිංගා ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
610
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
295
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බත් පාර්සලයට පවුලත් අවුල් වෙලා