IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


පරිස්සමට ආච්චි හංගාගත් මිනිබ්රිය ඈලියාවට ගිහින්

කොල්ලෙකු සමඟ පැන යතැයි සැකයෙන් එකම ඇඳේ තුරුල්ලේ නිදි කරවාගෙන සිටි මිනිබිරිය මිත්තනිය ගොරදිදී නින්දට වැටුණු අවස්ථාවේදී තම පෙම්වතා සමඟ පැනගොස් ඇතැයි කියන  සිද්ධියක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.


වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.


කෑගල්ල නගරයට ආසන්න ගමක 71 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් තනිවම පදිංචිව සිටියාය. මෙම කාන්තාවගේ ස්වාමිපුරුෂයා මීට වසර 11 ට ඉහතදී ⁣මිය ගියේය. ඇයට දරුවන් දෙදෙනෙකි. වැඩි මහල් පිරිමි දරුවා විවාහවී දරු මල්ලන් සමඟ විදේශ රටක වසර ගණනාවක සිට පදිංචිව සිටියි. දියණිය මහනුවර හතරලියද්ද ප්‍රදේශයේ පදිංචිව සිටින්නීය.  


තම මවට අවස්ථා කිහිපයකදීම නිවසේ තනිවම නොසිට නිවස වසා දමා තමන් ළගට පැමිණෙන ලෙස දියණිය ඉල්ලීම් කළාය. පිරිමි දරුවා කවදාහරි දවසක ලංකාවට පැමිණෙනතුරු නිවස භාර දීමට එය ආරක්ෂා කරදීම මවකගේ වගකීමක් බව වයෝවෘද්ධ කාන්තාව හැමවිටම තම දියණියට කියන්නීය.


පසුව දියණිය තම වයෝවෘද්ධ මව මහගෙදර තනිවම උයාපිහාගෙන ජීවත්වීම සම්බන්ධයෙන් දුකට පත්ව ගිය වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි 19 හැවිරිදි දෙවැනි දියණිය මීට මාස හතරකට පමණ ඉහතදී මව ළග නතර කළාය. මිත්තනියගේ ගේදොර වැඩවලට ද උදව් උපකාර කරමින්  ජීවත් වෙමින් සිටි 19 හැවිරිදි තරුණිය ඉකුත් පෙබරවාරි මස දිනක පිටරට පදිංචි පිරිමි දරුවා මිත්තනියට මුදල් එවා තිබුණි. ඒවා ලබා ගැනීමට කෑගල්ල නගරයේ බැංකුවකට තරුණිය ගිය අවස්ථාවකදී පොල්ගහවෙල ප්‍රදේශයේ තරුණයෙක් දුන් දුරකථන අංකය ඔස්සේ ඔහු සමඟ සම්බන්ධතාවක් මිත්තනියට හොරෙන් තරුණිය මාස දෙකක පමණ කාලයක් තිස්සේ පවත්වාගෙන ගියාය.


 දිනක් රාත්‍රි තරුණිය නින්දට ගිය අවස්ථාවේදී දුරකථනයෙන් පෙම්බස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් පසු දා ආච්චි අම්මා මිණිපිරියගෙන් කවුරුන්දැයි විමසීමක් කළාය.


 එහිදී ඇය මිත්තනියට කියා ඇත්තේ තමාගේ මිතුරකු බවය. 


මේ පිළිබද සැක සිතුණු අත්තම්මා මිණිපිරිය පිළිබද හතරලියද්දේ පදිංචි දියණියට දුරකථනයෙන් පැවසුවාය.  එලෙස යම් සම්බන්ධයක් පවත්වාගෙන යන්නේ නම් අධ්‍යාපන කටයුතුවලින් පසුව සිදු කර දෙන බවත් එතෙක් අධ්‍යාපන කටයුතු කර ගත යුතු බවට දියණියට තරයේ අවවාද ද කළාය. 


සිය මිණිපිරිය තරුණයකු සමඟ පවත්වාගෙන යන සම්බන්ධයෙන් පසුව මිත්තනිය ඇය සෑම දිනකම රාත්‍රියට තමාගේ ඇඳට ගෙන්වාගෙන තියාගෙන නින්දට ගියේ මිනිබිරිය තරුණයා සමඟ පැන යතැයි යන සැකයට බවත් ඇය වැඩිදුරටත් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් බවත් වාර්තා වෙයි. තරුණිය සිය මිත්තනිය සමඟ ඇදේ නිදා ගන්නා දවසේ සිට දුරකථනයෙන් කතාව නවතා දමා කෙටි පණිවුඩවලින් තොරතුරු හුවමාරු කර ගත්තාය. 


පෙම්වතාගේ බලවත් ඉල්ලීම මත තරුණිය ’ඔහු සමග පැනයාමට තීරණය කළාය. පසුගිය සඳුදා දහවල් තරුණිය තරුණයාට ප්‍රකාශ කර ඇත්තේ කිරි අම්මා ත්‍රීරෝද රථයකින් නිවසට අවශ්‍ය දේවල් රැගෙන ඒම⁣ට කෑගල්ල නගරයට ගිය බවත් ඒ අතරේ තමන් ඇඳුම් පැළඳුම් ටික සූදානම් කර ගත් බවත්ය. පසුව තරුණයා පොල්ගහවෙල සිට එදින රාත්‍රි 8 ට පෙර කෑගල්ලේ පෙම්වතියගේ නිවස ආසන්නයට පැමිණ ත්‍රීරෝද රථය පසෙක නතර කර දමා එහි රැඳී සිටියේය. 


මිනිබිරියත් ආච්චි අම්මාත් රාත්‍රි කෑම කා සුපුරුදු පරිදි දෙදෙනාම එකම ඇඳේ රාත්‍රී 9.30ට පමණ නින්දට වැටුණාහ. ටික වේලාවකින් ආච්චි අම්මා නින්දේ තදකමට ගොරවන්නට වූවාය. ගොරවා ගොරවා නින්දේ පසුවන  මිත්තනිය අසලින් නැගිට ගත් තරුණිය ඇඳුම් බෑගය ද රැගෙන නිවසේ පිටුපස දොරෙන් රාත්‍රි 11 ට පමණ පැන ගත්තාය. රාත්‍රි ඇඳිරි නීතිය හේතුවෙන් අලුයම පහ වනතුරු එම ස්ථානයේ රැය පහන් කළ තරුණයත් තරුණියත් පසුව එම ස්ථානයෙන් පොල්ගහවෙල තරුණයාගේ නිවස බලා පැමිණි බව ද වාර්තා වෙයි.


පාන්දර අවදි වූ ආච්චි අම්මා තමන් සමඟ ඇඳේ සිටි මිණිපිරියගේ දුරකථන අංකයට ඇමතුමක් ගත්තයා. එය වසා දමලාය. පසුව හතරලියද්දේ පදිංචි සිය දියණියට මේ පිළිබඳ කීවාය. එහෙත් තොරතුරක් දැන ගන්නට නොලැබුණි. 


පසුව පෙරවරු 9 ට පමණ තරුණිය සිය මිත්තනියට හා මවට දුරකථනයෙන් කතාකොට පවසා ඇත්තේ තමන් කරදරයක් නොමැතිව පෙම්වතා සමඟ සිටින බවත් තව සති දෙක තුනකින් පෙම්වතා සමඟ පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බවත්ය. 

 

(කෑගල්ල අධිකරණ - චමින්ද වැවතැන්න)

 



අදහස් (0)

පරිස්සමට ආච්චි හංගාගත් මිනිබ්රිය ඈලියාවට ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site