IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


දෙ‌ාස්තර දුරකතනයේ එල්ලිලා ලෙඩාට වැරැදි බෙහෙතක් ලියලා

(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)
කකුලේ සෑදි තිබූ තුවාලයට ප්‍රතිකාර ලබාගැනීමට සබරගමු පළාතේ රෝහලක බාහිර රෝගී අංශයට ගිය සිවුදරු මවකට වෛද්‍යවරයා සිය ජංගම දුරකතනයේ ඇමතුමකට පිළිතුරු දෙමින් වැරැදි ඖෂධයක් නියම කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.


සිද්ධිය මෙසේය.


ප්‍රතිකාර ගැනීමට ගිය සිවුදරු මව රබර් කිරි කපන කාන්තාවකි. මෙම දිනවල ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාපතනය හේතුවෙන් කිරි කැපීමට නොහැකිවීම හේතුවෙන් වතු බලධාරීන් කිරි කපන්නන්ට වත්තේ සිල්ලර වැඩ දී ඇති බව ද වාර්තා වෙයි.


ඉකුත් දිනක වත්තේ සිල්ලර වැඩ කරමින් සිටි පිරිසකගෙන් එක් කාන්තාවකගේ කකුලක මතුපිට තුවාල ගණනාවක් හට ගැනිණ. සම්පූර්ණයෙන්ම ඇවිදයාමටද නොහැකි වන අයුරින් කකුල ඉදිමීයාමෙන් සෙසු සේවක පිරිස ප්‍රකාශ කර ඇත්තේ කකුලේ පිට පැත්තේ යම් දෙයක් ගෑවෙන්නට හෝ මිය ගිය සතෙකුගේ ශරිර කොටස් ඇනෙන්නට ඇති බවය.


පසුව නිවෙසට පැමිණ ඇති සිවුදරු මව ඉකුත් 26 දා සිය ස්වාමි පුරුෂයා සමඟ පෙරවරුවේ කකුලක පිටි පතුලේ හටගෙන තිබූ තුවාලවලට ප්‍රතිකාර ලබාගැනීමට කෑගල්ල ප්‍රදේශයේ රෝහලක බාහිර රෝගි අංශයට දිව ගියාය.


නියමිත වේලාව පැමිණිමෙන් පසුව රෝගී කත තුවාල පෙන්වා ප්‍රතිකාර ලබාගැනීමට වෛද්‍යවරයෙකු වෙත ගියාය. රෝගි කත සිය අසනීප තත්ත්වයන් වෛද්‍යවරයා වෙත ප්‍රකාශ කිරීම ආරම්භ කරනවාත් සමඟම වෛද්‍යවරයාගේ අත තිබූ ජංගම දුරකතනයට තවත් රෝගියකු සම්බන්ධයෙන් විමසා සිටීම⁣ට ඇමතුමක් ආ බව රෝගි කත පැවසුවාය. පසුව දුරකතනයට පිළිතුරු දෙමින් රෝගි කාන්තාවගෙන් ද වෛද්‍යවරයා සුවදුක් විමසා බලා තුණ්ඩුවේ ඖෂධ නියමකර පිටත් කර යවා ඇත.


පසුව රෝගී කත වෛද්‍යවරයා නිර්දේශ කරදී තිබු තුණ්ඩුව ඖෂධ නිකුත් කරන්නාට භාර දී තිබුණි. තුණ්ඩුව කියවා බැලු‍ ඖෂධවේදියා රෝගී කතගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි කාරණාව පිළිබද විමසා ඇත. එහිදී රෝගී කත සිය විස්තරය සම්පූර්ණයෙන්ම ඖෂධවේදියා හමුවේ ප්‍රකාශ කළාය. පසුව ඖෂධවේදියා රෝගී කතට ප්‍රකාශ කර ඇත්තේ වෛද්‍යවරයා විසින් නිර්දේශ කර ඇත්තේ වෙනත් ඖෂධ වර්ග කිහිපයක් බවත් වහාම  ගොස් වෛද්‍යවරයා මුණ ගැසී අසනීප තත්ත්වය පිළිබඳ ප්‍රකාශ කර නියම කර ඇති ඖෂධ ද වෙනස් කරගෙන පැමිණෙන ලෙසත්ය.


ඉන්පසු වෛද්‍යවරයා යළි රෝගි කතගෙන් අසනීප තත්ත්වය පිළිබඳ විමසා බලා නිර්දේශ කර තිබූ ඖෂධ කපා ඉවත්කර නව ඖෂධ වර්ග කිහිපයක් සටහන් කර කෙටි අස්සනක් ද යොදා තුණ්ඩුව යළි රෝගි කතට භාරදී ඇත. පසුව රෝගී කත යළි ඖෂධවේදියා වෙත ගොස් ඖෂධ ටික ලබාගැනීමට පෙර විමසා ඇත්තේ වෛද්‍යවරයා පෙර ලියා තිබුණේ කුමන අසනීපයකට ද යන්න පිළිබඳවය. එහිදී ඖෂධවේදියා රෝගි කතට කිසිවක් ප්‍රකාශ කර නොමැත. ඖෂධ ටික රැගෙන නිවෙසට පැමිණි ඇය වෛද්‍යවරයාට වැඩ වැරදුණු බවත් ඖෂධවේදියා නිසා තමන් බේරුණු බවත් සිය සැමියාට සිනාමුසු මුහුණින් පැවසුවාය.

 



අදහස් (0)

දෙ‌ාස්තර දුරකතනයේ එල්ලිලා ලෙඩාට වැරැදි බෙහෙතක් ලියලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 136 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 361 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site