(වලස්මුල්ල තිලක් මනම්පේරි)
කෑම පාර්සලයක් ගෙනැවිත් දෙන බව පැවසූ නැන්දා කෙනෙකුට කුඩා දරුවකු දුන් පිළිතුරෙන් නැන්දාට තරු පෙණුන පුවතක් බෙලිඅත්ත බෙලිගල්ල ප්‍රදේශයෙන් වාර්තා විය.

සිද්ධිය මෙසේය.
ඉකුත් දිනෙක තම රෝගාතුරව සිටින පියා බලන්නට ඔහුගේ පුතා හා බිරිඳ බෙලිගල්ල ප්‍රදේශයේ නිවසකට පැමිණ ඇත. එහිදී නිවසේ සිටි ඥාති සොහොයුරකුගේ දරුවකුට දරුවාගේ නැන්දා වන කාන්තාව මෙසේ කියන්නට විය.
“පුතා හෙට අපේ ගෙදර තියෙනව උත්සවයක්. හෙට දවල් ඔයාට කෑම එකක් ගෙනල්ලා දෙන්නම්.”
එවිට එක කටටම දරුවා කීවේ, “නැන්දේ... මට නෙවෙයි අර ලෙඩ වෙලා ඉන්න සීයාට කෑම එකක් ගෙනල්ල දෙන්න” කියාය. ඇයගේ ඇස් උඩ ගියාය. දෙදෙනාම ලජ්ජාවෙන් යන්නට ගිය අතර ඊට පසු දින ඒ යුවළ පැමිණියේ නැත. කෑම ලැබුණේත් නැත. කෙසේ හෝ බෙලිඅත්ත බස් නැවතුමේ දී පසු දිනෙක එම දරුවා තම මාමා හා නැන්දා සිටිනවා දැක ඇත. එහිදී ඒ දරුවා “කෑමනං මරේ මරුයි” කියමින් තම පියා සමග තංගල්ල බසයකට නැග්ගාලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd