(කුණ්ඩසාලේ - පී.එම්. රාජපක්ෂ)
මහනුවරට නුදුරු ප්‍රදේශයක ඌරෙකු හා ගැටී අනතුරට පත් වූ යතුරුපැදිකරු රෝහල් ගත කිරීම පසෙකලා රෝගියා වෙනුවට ඌරා රැගෙන ගිය පුවතක් වාර්තා විය.

ඔහු මහනුවර නගරයේ සිට තම ගම් ප්‍රදේශය බලා රැකියාව නිම වී පිටත් වූ පුද්ගලයෙකි. එදින රාජකාරි බහුල වූයෙන් රාත්‍රී වනතෙක් රාජකාරියේ නිරතවන්නට සිදු වූ දවසක් විය. එමෙන්ම එදින වැහිබර කාලගුණයක් පැවතුන නිසා වැස්ස පායන තෙක් තවදුරටත් කාර්යාලයේම රැඳී සිටින්නට විය. ඒ ඔහු යතුරුපැදියෙන් ගමන් කරන බැවිනි. පැය කිහිපයක් ගත වූ අතර වැස්ස තුරල් වූ බැවින්, නිවස කරා යන්නට පිටත් වූ ඔහුට අතරමග දී කැලෑව සහිත පාළු ප්‍රදේශයක පාර හරහා ගමන් කළ ඌරෙකු තම යතුරුපැදියේ ගැටිණි.
ඌරා ගැටීමත් සමග ඔහු විසි වී පසෙකට වැටී සිහි විසඥ වූ අතර ඌරා ද යතුරුපැදියේ ගැටී පසෙකට විසි වී තිබුණි.
ඒ සමගම ඒ ආසන්නයේ ත්‍රීරෝද රථයක ගමන්ගත් තරුණයන් තිදෙනෙක් අනතුර සිදු වූ ස්ථානයට පැමිණ යතුරුපැදිකරු දෙසට ගමන් කරන්නට වූ අතර, යතුරුපැදිය මාර්ගයේ ආසන්නයේ ස්ථානයක තබන්නට පියවරගෙන තිබුණි. ඒ සමගම යතුරුපැදිකරුගේ තත්ත්වය ඔවුන් විසින් පරීක්ෂා කර බලා ඔහු සිහි මඳ තත්ත්වයේ පවතින බව ද අවබෝධ කරගෙන තිබුණි.
ඒත් සමග තරුණයන් තිදෙනා යම් කතාබහක් සිදු කරන අයුරු සිහි එළවාගත් යතුරුපැදිකරු සිහිනෙන් මෙන් දකින්නට වූ අතර ඒ සමගම තමන් රෝහල් ගත කරන්න යැයි ඉල්ලීමක් කර තිබුණි. ඒ දෙස තරුණයන්ගේ අවධානය යොමු නොවූ අතර වහා ක්‍රියාත්මක වූ ඔවුන් වැටී සිටි ඌරා ද ත්‍රිරෝද රථයට පටවාගෙන වේගයෙන් ඉඟිල ගියේ තුවාලකරු මවිතයට පත් කරමිනි.
2025 දෙසැම්බර් මස 18
505
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තුවාලකරු පාරේ දඟලද්දී ඌරා අරන් පැනලා
sudda Friday, 23 August 2019 07:56 AM
මේ ජාතියේම කතාවක් අගලවත්තේ වුණා කියලා දැන් මාස දෙක තුනකට උඩදී මේ කොලමේම පළවුණා. අනේ මන්දා, එකම වෙනස අගලවත්තේ වුනේ පාන්දරලු.
PerakumSaturday, 24 August 2019 09:00 AM
අනේ සුද්දා ඔයා හිතන්නේ මේ තියෙන දේවල් ඇත්ත කියලද?