(තිහගොඩ උපසේන ලියනගම)
ඔහු දකුණු පළාතේ ප්‍රධාන විදුහලක සිංහල විෂය ඉගැන් වූ ගුරුවරයෙකි. එම පාසලේම උසස් පෙළ පන්තියක තම දියණිය ද ඉගෙන ගත් අතර පාසල් කාලයෙන් පසු දියණියගේ පත පොත  පරීක්ෂා කිරීම ඔහු සිරිතක් වශයෙන් කරගෙන ගියේ පාසලේම ඇතැම් ගුරුවරුන් වැරදි භාෂා ව්‍යවහාරයන් කරන බව දත් හෙයිනි.


පොත් පරීක්ෂා කරන විට එක් අභ්‍යාස පොතක තිබී බිමට වැටුණේ කවියක් ලියු කඩදාසි  කැබැල්ලකි. එම කවිය කියවා බැලූ විට මෙය  පාසලේම සිසුවකු ලියු ආදර කවියක් බව පෙනිණ. එහෙත් කවියේ අග තිබුණේ ‘‘මීට  කුකුළා ‘‘කියාය. කවිය රසවත්ය.


‘‘අරුණෝදයේ වතු සුදු මල් කැකුළ වෙමින්
මගෙ හදවතට ළං වෙයි හැම දෙනතට හොරෙන්
පොත් ටික තද කරන් යයි හැම දෙනට  කලින්
මට නැත පිනක් ඒ පොත් මිටියකට තරන්’’


මේ කවිය ලියුවා යැයි සැක කළ සිසුවා සිටි පන්තියට පසුවදා ගිය ගුරුතුමා’’ මට කුකුළෙක් ලියපු කවියක් අහුවුණා. ඒ කුකුළා දක්ෂ කවියෙක්. ඒත් ඒ කවියේ යවහන් දෝෂ තියෙනවා.’’ න් යන්නෙන් කවි පදයක් ඉවර කරන කොට ඊට කලින් අකුරත් සමාන වෙන්න  ඕනෑ’’ වෙමින්’’ කියලා ඉවර වුණා නම් අනෙක් පදවලත් කමින්, බොමින්, පෙමින්  වගේ  වෙන්න එපා‘‘ යැයි කවියේ දෝස පෙන්වන විට එක් සිසුවෙක් බිම බලාගෙනම බියට පත්ව  සිටියාලු.