(මොරගොල්ලාගම සිසිර නන්දන කැලේගම)
මව හා තරුණ දියණියක කුස්සියේ ළිප ගිනි මෙලවීමට ගොස් ඇතිකරගත් අඬදබරය විසඳීමට පොලිසියට මැදිහත්වීමට සිදුවීමේ පුවතක් පොල්පිතිගම පොලිස් ස්ථානයෙන් වාර්තාවේ.

සිද්ධිය අනාවරණය වෙන ආකාරයට මෙසේය.
මෙම අම්මාත් තරුණ දියණියත් එකම නිවසේ වාසය කරති. මෙම දියණිය විවාහ වී ඇතත් ඇය සැමියා සමගින්ද අමනාපව අම්මා වෙසෙන ගෙයි වාසය කරන බවද පැවසේ.
නිවෙසට පැමිණ සිටින ඇය අම්මා සමගින්ද අමනාපව සිටියාය.
සිත් අමනාපව පසුවන ඔවුන් දෙදෙනාට එකම කුස්සියක් ඇතත් ඒ වෙනුවෙන් දෙදෙනාටම ළිප් දෙකක් හා වෙන වෙනම වළං මුට්ටි පවා වෙන්කරගෙන තිබිණි.
දියණිය තමා සතු ළිපේ වෙනත් දෙයක් පිසින අතරේ තවත් දෙයක් ළිප තැබීම සඳහා අම්මාගේ ළිප පත්තු කර ඇත.
ඒ අතරවාරයේ කුස්සියට පැමිණි අම්මා තමාගේ ළිපේ ගිනි මොළවන අයුරු දැක සිත් අමනාපයෙන් පසුවන තම දියණියට පහර දී ළිපෙහි පත්තුවෙන ගිනි නිවා දැමීමට කටයුතු කර තිබේ.
ඇවිලෙන ගිනි නිවුණ නමුත් දෙදෙනා අතරේ හටගත් අඬ දබරයේ ගිනි දළු බුර බුරා ඇවිලෙන්නට පටන්ගැනීමේ නිමාවක් සිදුවී නොමැත.
පසුව පහරකෑමට ලක් වූ දියණිය ඒ සම්බන්ධව අම්මාට එරෙහිව පොලිසියට පැමිණ පැමිණිල්ලක් ගොනු කළාය. පැමිණිල්ල විභාග කිරීමට අම්මාද පොලිසියට කැඳවීමට පොලිසියට සිදුවිය.
අම්මා දියණියගේ වැරදිත්, දියණිය අම්මාගේ වැරැදිත් තොරතෝංචියක් නැතිව දෙපසේ සිට කියවන්නට වූහ.
ඊට සවන් දුන් පොලිසියේ නිලධාරීන් දෙදෙනාටම කට වහ ගන්නට කියා සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් වන පරිදි මවක විසින් තම දරුවන්ටත්, දරුවන් විසින් තම මව්පියන්ටත් කළ යුතු යුතුකම් ආදිය මෙනෙහිකර, එක්ව වාසය කිරීමේ අගය වටහා දී එලෙස සමගිව කටයුතු කරන බවට පොරොන්දු කරවා පොලිස් පොතේ අත්සන් තබා දෙදෙනාටම පොලිස් ස්ථානයෙන් නික්ම යන්නට ඉඩ සලසා දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
646
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
309
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුස්සියේ ගින්දර පොලිසියටත් ගෙනිහින්