IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඔට්ටුව පැරදිලා බිරියත් නැතිවෙලා

(බදුල්ලේ පාලිත ආරියවංශ) 
ඡන්ද ඔට්ටුවක් පැරදීම නිසා නිවාස පරිශ්‍රයට ඇතුළුවීම තහනම් වූ  ඡන්දදායකයකු පිළිබඳව අපූරු පුවතක්  ඌව පළාතෙන් වාර්තා විය.


මෙම නිවසේ සැමියා එක්තරා දේශපාලන පක්ෂයකට හිතවත් පාක්ෂිකයෙකු වන අතර, බිරිය වෙනත් පක්ෂයක පාක්ෂිකාවක් වූවාය.


දෙදෙනා ගේ මැතිවරණ උණ ඉහළින්ම ප්‍රදර්ශනය වූ අතර ගැමියෝ ද ඒ පිළිබඳව දැනගෙන සිටියහ.


වාද විවාදවලින් පසු මෙම සැමියාත් බිරියත් තීන්දු කළේ ඡන්ද ඔට්ටුවකට යාමටය.


බිරියගේ ඔට්ටුව වූයේ  තම පක්ෂය ජයගත හොත් සැමියාට නිවස තහනම් වන බවයි .


තමා පැරදුණහොත් තමා නිවසින් පිටවී යන බවද ඇය කියා සිටියාය .


ඡන්ද ප්‍රතිඵලය අසන්නට දෙදෙනාම නිවසේ පහන් කළේ රූපවාහිනී යන්ත්‍රය දෑස ඉදිරියේ තබාගෙනය. ඡන්ද ප්‍රතිඵල අනුව බිරිය ජයගෙන තිබිණ.


ඒ සමගම වහාම නිවසින් පිටවන්නැයි බිරිය ගෙන් සැමියාට නියෝගයක්ද ලැබිණ.


‘අනේ... අනේ... එහෙම කරන්න එපා,  රටේ ලෝකෙ වෙන දේවල්වලට අපි ඇයි විරසක වෙන්නේ. ටිකක් ඉවසා සිටින්නැ’ යි   සැමියා අයැද සිටියත් බිරියගෙන් ගැළවීමක් නොවුණ නිසා  අලු‍යම් 2 ට පමණ සැමියා නිවසින් පිටවී ගියේ  පන්මල්ලක ඇඳුම් ටිකද දමාගෙනය .


ටික දුරක් ගිය සැමියාට යම් කිසි කුකුසක්ද ඇතිවිය. අරමුණක් නැතිව කිලෝ මීටර්  3ක් පයින්ම ගමන් කර තිබූ ඔහු යළිත් ආපසු හැරුණේ ය.


නිවස අසලට පැමිණි විට දොර ඉදිරියේ දක්නට ලැබුණේ පිරිමි සෙරෙප්පු කුට්ටමකි.


‘මේක තමයි එහෙනම් ඔට්ටුව.... මගේ එකී දේශපාලඥයෙකු තරම්වත් විශ්වාසයක් තබන්නට බැරි ගැහැනියක්’ යැයි මුමුණමින්  ඔහු  තමා වැඩකළ  පරාජිත දේශපාලනඥයා සොයාගෙන ගියේ නවාතැන් ගන්නට තැනක් සොයාදෙන ලෙස ඉල්ලා සිටීමටය .


ඒ වන විටත් ඔහු ද නිවෙසින් බැහැරව  කොළඹ  ප්‍රදේශයට  ගොස් තිබිණ.


‘කමක්නෑ.... ආයෙත් ගෙදර  යනවා’ යැයි සිතූ ඔහු  ගෙදරට ගොස් බලන විට ගෙදර දොර වසා තිබුණි.


සිදුවූ දෙය වටහා ගත් ඔහු නිවස තුළට  අභීතව ගියේ බිරිය යළි ගෙදර නොඑන බව විශ්වාස කරමිනි.


‘කමක් නෑ මං තනියම ජීවත්වෙනවා’ යැයි ඔහු හිත හදාගෙන තිබේ. අපරාදේ දේශපාලන උණ නිසා අපට වෙච්ච දේ යැයි ඔහු ගම්වැසියන්ට පවසන්නේ පසුතැවිල්ලකිනි.



අදහස් (0)

ඔට්ටුව පැරදිලා බිරියත් නැතිවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site