(ගල්ගමුව - නිහාල් ජයවීර)
අලුත් අවුරුදු සාදයක දී ශබ්ද නඟා නොනවත්වා දෙඩවූ තරුණයකුට දත් දෙකක් අහිමිවී අවසානයේ රෝහල් ගතවීමට සිදුවූ සිද්ධියක් ගල්ගමුව පොලිසියෙන් වාර්තා වේ.

ගල්ගමුව පොලිස් වසමේ ගමක පදිංචි අයකු සිය හිතමිතුරන්ට අවුරුදු සාදයක් පැවැත්වීමට තීරණය කොට ඇත්තේ අප්‍රියෙල් මස උදා වීමටත් පෙරය. ඒ අනුව අලුත් අවුරුදු දිනය ගෙවි දින තුන හතරකට පසු යෙදුණු දිනයක් ඔහු තෝරා ගත්තේය. හිතවතුන්ට ඒ සඳහා සහභාගිවීමට කල්තියාම ඇරියුම් කොට තිබේ.
දිනය උදාවිය. හිතවත්හු මිතුරාගේ නිවසට පැමිණියහ. සාදයට මත්පැන් ද කටගැස්ම ද සරුවට එක් කිරීමට ගෙහිමියා වගබලාගෙන තිබුණි. පැමිණි ආරාධිතයෝ ද, හොඳහැටි මත්පැනින් සප්පායම් වූහ.
ඒ අතර සිටි ආරාධිත මිතුරකුගේ ‘රතුකට්ට’ පැන තිබුණි. හේ මහවේගයෙන් කතා කරමින් වචාලකම් කියන්නට පටන් ගත්තේය. ගෙහිමියා සිය මිතුරාට සෙමින් කථා කරන්න යැයි කීප වරක්ම කී නමුත් ඔහු ඊට අවනත නොවීය.
“කටවහ ගන්න” යයි කියමින් ගෙහිමියා ආරාධිත මිතුරා පසෙකට තල්ලු කොට තිබේ. බමන මතින් සිටි මිතුරා පසෙකට විසිවී ගොස් මුණින් අතට බිම වැටී තිබේ. ඔහුගේ දත් දෙකෙක් ද බිම පතිතවී තිබෙන අතර කටින් ලේ ගලා එන්නට විය.
වහාම ඔහුව ගල්ගමුව මූලික රෝහලටත් පසුව කුරුණෑගල මහ රෝහලටත් මාරු කර යවා තිබේ.
ගෙහිමියා පොලිස් අත්අඩංගුවට පත්ව පසුව ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර තිබේ.
ගල්ගමුව පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද නයනසිරි මහතාගේ උපදෙස් මත පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අවුරුදු පාටියක් දී යාළුවකුගේ දත් දෙකක් ගලවලා
apeksha Tuesday, 23 April 2019 09:28 AM
කට නිසානේ මාළුවත් නහින්නේ...