(වියලුව වාර්තාකරු)
සිය මිත්තණිය මියගොස් ඇතැයි ආයතන ප්‍රධානියාට බොරු කියා නිවාඩු ලබාගත් එක්තරා ආයතනයක සේවකයෙකු සිංහ ධජයක් ද අතැතිව කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ ක්‍රිකට් තරගයක් නරඹමින් සිටින අයුරු එම ආයතන ප්‍රධානියාට රූපවාහිනී තිරයක් හරහා දැකගන්නට ලැබීමේ පුවතකි.

එම ආයතනයේම සේවක පිරිසක් පැවැසූ අන්දමට සිද්ධිය මෙසේය.
එය සේවක හිඟයක් පවතින ආයතනයකි. ඒ නිසාම අත්‍යවශ්‍ය කාරණාවන්හිදී හැර නිවාඩු ලබා නොගන්නා ලෙස එහි ප්‍රධානියා සේවක පිරිසට නියෝග කර තිබිණි.
නිවාඩු ලබාගැනීමට අවශ්‍යවන්නේ නම් තම සේවය ආවරණය කිරීම සඳහා තවත් අයෙකු ලවා නිවාඩු ඉල්ලුම්පත අත්සන් කරවා ගන්නා ලෙස ද ඔවුන්ට වැඩිදුරටත් දන්වා තිබිණි.
ක්‍රිකට් තරග නැරඹීම පුරුද්දක් කරගෙන සිටි එහි සේවකයෙකු තමුන් ආදරය කරන ක්‍රිකට් තරුවකගේ සමු ගැනීම සජීවීව දැක බලා ගැනීම සඳහා අදාල තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය වෙත යාමට කල් තබාම සියල්ල සූදානම් කර ගනු ලැබූවද පරහකට හිටියේ ආයතනයෙන් නිවාඩු ලබාගැනීම බව මිතුරෙකුට කියා සිටියේ ඔහුගෙන් හෝ උපදෙසක් බලාපොරොත්තුවෙනි.
මිතුරාගෙන් ලැබුණේ අපූරු උපදෙසකි.
ඒ අනුව සිය ආයතන ප්‍රධානියා වෙත ගිය හෙතෙම සිය මිත්තණිය මියගොස් ඇති බවත් අවමඟුල් කටයුතු පසුදින පැවැත්වෙන බැවින් නිවාඩු ලබාග ගත යුතු බවත් පැවසීය.
එම පුවතින් දැඩි ලෙස කම්පාවටපත් ආයතන ප්‍රධානියා ද ඔහුට නිවාඩු අනුමත කර දුන්නේ මිත්තණියගේ අවමංගල්‍යය වෙනුවෙන් තම ශෝකය ද ප්‍රකාශ කරමිනි.
තවත් ක්‍රිකට් පිස්සෙකු වූ ආයතන ප්‍රධානියා ද තමුන්ට ලද විවේකය අතරතුර නිවසේ වූ රූපවාහිනී තිරයේ ඒවන විටත් ප්‍රචාරය වෙමින් තිබූ තරගයක් දෙස බලා සිටියේ තමුන් ආදරය කළ ක්‍රිකට් තරුවේ පන්දුයැවීම පිළිබඳ පවුලේ උදවිය සමඟ ද පුරසාරම් දොඩවමිනි.
තරගය නරඹමින් සිටින අතරතුර තවමත් පස්වන පන්තියේ ඉගනුම ලබන ඔහුගේ වැඩිමහල් දරුවා එක්වරම රුපවාහිනී තිරය දෙසට ඇඟිල්ල දිගු කරමින් සිය පියාට පෙන්වා දුන්නේ පියාගේ ආයතනයේ සේවකයෙකු ජාතික කොඩියක් ද වනමින් මිතුරන් පිරිසක් සමඟ තරගය නරඹන ආකාරයයි.
කෙසේ වෙතත් සිය සේවකයා පිළිබඳ අනුකම්පා කළ ප්‍රධානියා පසුදින ඔහු මුණගැසී ඔයාගේ ආත්තම්මගේ මළගෙදර තිබුණේ ඛෙත්තාරාමයේද යනුවෙන් කියා සිටියේ කාර්යය මණ්ඩලයේ සෙසු පිරිස ද සිනහ සයුරේ ගිල්වමිනි.
2025 නොවැම්බර් මස 17
89
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
930
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2548
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
අත්තම්මාගේ මළගම ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ
apeksha Thursday, 08 August 2019 06:42 AM
අහිංසක බලාපොරොත්තුවක් ඉටුකර ගැනීමක්