කොවිඩ් නිසා නැවතුණු පෙර පාසල් විවිධ ප්‍රසංග පැවැත්වීමට අවසර
කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් නවතා තිබූ පෙර පාසල් වාර්ෂික විවිධ ප්‍රසංග පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අවසර දී ඇතැයි කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය.