IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ලාංකික සිසුන් 15 කට පාකිස්තානයෙන් ශිෂ්‍යත්ව

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පවතින අන්‍යෝන්‍ය අවබෝධය, විවිධ අංශවල සහයෝගීතාව සහ හුවමාරුව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පාකිස්තාන රජය මෙරට සිසුන් 15 දෙනකුට පූර්ණ අරමුදල් සහිත ශිෂ්‍යත්ව ප්‍රදානය කර ඇත.

පාකිස්තානයේ උසස් අධ්‍යාපන ආයතනවල පරිගණක හා මෘදුකාංග ඉංජිනේරු, යාන්ත්‍රික හා සිවිල් ඉංජිනේරු, ව්‍යාපාර පරිපාලනය, කළමනාකරණ විද්‍යාව, ජාත්‍යන්තර සබඳතා සහ ජෛව රසායන විද්‍යාව යන විෂය ක්ෂේත්‍ර යටතේ අධ්‍යාපනය ලැබීම සඳහා ඇලමා ඉක්බාල් උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ එම ශිෂ්‍යත්ව පිරිනමා තිබේ.

ශිෂ්‍යත්ව ලැබූ සිසු සිසුවියන් පිරිස ඉකුත් දා කොළඹ පිහිටි පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයට පැමිණි අතර මෙරට පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ආචාර්ය ෂාහිඞ් අහමඞ් හෂ්මාත් මහතා එහිදි ඔවුන්ට සුබ පැතුම් එක් කළේය. 

055

 



අදහස් (0)

ලාංකික සිසුන් 15 කට පාකිස්තානයෙන් ශිෂ්‍යත්ව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 67 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2015 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site