
(ඩයනා උදයංගනී)
කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් නවතා තිබූ පෙර පාසල් වාර්ෂික විවිධ ප්‍රසංග පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අවසර දී ඇතැයි කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය.
ඒ අනුව සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් වර්ෂ අවසාන විවිධ ප්‍රසංග පැවැත්වීමේ අවස්ථාව පෙරපාසල්වලට හිමිවන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
පූර්ව ළමා විය දරුවන්ගේ කුසලතා, ආත්ම ශක්තිම, ආකල්ප හා ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීමට වර්ෂ අවසාන විවිධ ප්‍රසංග වැදගත් බව කී පියල් නිශාන්ත මහතා අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමඟ සාකච්ඡා කර මෙම තීරණය ගත් බව ද කීවේය.
විවිධ ප්‍රසංග පැවැත්වීමට අවසර ලබාදෙන ලෙස පෙර පාසල් ගුරු සංගම් ඉල්ලීම් කර තිබූ බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
2025 නොවැම්බර් මස 04
67
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2016
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොවිඩ් නිසා නැවතුණු පෙර පාසල් විවිධ ප්‍රසංග පැවැත්වීමට අවසර
කමල් Wednesday, 30 September 2020 12:51 PM
ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ පාථිකවග්ගයේ සිගාල සූත්‍රයේ සඳහන්ව තිබෙනවා උත්සව දර්ශනය පිණිස යෑම අපායමුඛ හයෙන් එකක් කියලා. තවද එම සූත්‍රයේ සඳහන්ව තිබෙනවා... නෘත්‍යගීතාදිය දකිනු අසනු පිණිස යෑමෙහි යහළුවීම මිත්‍රප්‍රතිරූපක වූ අපායසහාය වූ අමිත්‍රයාගේ එක් ස්වභාවයක් කියලා.