(යොහාන් භාසුර)
මෙරට ආර්ථික අර්බුදයකට පත්ව තිබූ 2022 සහ 2023 වසරවලදී ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන බවුසර් අස්ථානගතවීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ නිලධාරීන් එම චෝදනාවලින් නිදහස් කිරීමට වර්තමාන ආණ්ඩුව සූදානම් වන බවත් එම ඉන්ධන බවුසර් අස්ථානගතවීම සහ චෝදනා එල්ල වී ඇති නිලධාරීන් නිදහස් කිරීමේ සූදානම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (18) පෙවරුවේ පැමිණ පැමිණිල්ලක් කළේය.
සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (18) පෙවරුවේ පැමිණ මෙම පැමිණිල්ල කළේය.
ඉන්ධන බවුසර් අස්ථානගතකිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයන් වර්තමාන ආණ්ඩුව යටතේ ඛනිජ තෙල් සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ උසස් තනතුරු දරන බවත් එම වරදකරුවන් නිදහස් කිරීමට අංක 258 කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට සූදානම් වන බවත් දයාසිරි ජයසේකර මහතා ‘ලංකාදීප’යට පැවසීය.
ඛනිජ තෙල් සංස්ථාව රුපියල් ලක්‍ෂ 86 ක් වැයකර කළ වෝහාරික විගණනයක් කිරීමෙන් ඵලක් නොමැති බව කී දයාසිරි ජයසේකර මහතා ‘මාලිමා’ ආණ්ඩුව තුළ දූෂිතයන් චරිත බවට පත්ව ඇති බව ද සඳහන් කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඉන්ධන බවුසර් උස්සපු අය නිදහස් කරන සූදානමක්
Liya Friday, 18 July 2025 06:33 PM
මෙයා කියන ඒවා මෙයා දන්නෙත් නෑ.
යෝගා Friday, 18 July 2025 07:23 PM
ඔය අය මාලිමා වෙස්මූණ දාගත්ත හොර, දූෂිත, අවස්ථාවාදී ජෙප්පෝ. රටේ සාපය. සත්‍ය හෙලිවෙන දවසක ඔය වසංගතය අවසන් වෙයි...
Perakum Liyanagama Friday, 18 July 2025 08:47 PM
උනුත් එකයි මුනුත් එකයි - හැමදාමත් අපි තැලෙනවා.