IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත අද සිට රටපුරා දැඩිව ක්‍රියාත්මක කරයි

(නිමල කොඩිතුවක්කු)

දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත අද (16) සිට දිවයින පුරා දැඩිව ක‍්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පවසයි.

2006 අංක 27 දරණ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පනත උල්ලංඝණය කරන පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා පනෙත් බලයලත් නිලධාරීන් වශයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මගින් ඉදිරියේ දී දිවයින පුරා විශේෂ වැටලීම් සංවිධානය කර ඇති බවත් සභාපතිවරයා සඳහන් කළේය.

ඒ අනුව ප‍්‍රසිද්ධ ස්ථානවල මධ්‍යසාර භාවිත කරන්නන්, වයස අවරුදු 21 ට අඩු පුද්ගලයන්ට දුම්වැටි සහ අරක්කු බියර් වැනි මධ්‍යසාර අලෙවි කරන්නන්, මධ්‍යසාර ප‍්‍රචාරය කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක‍්‍රියාත්මක කරන බවත් ඔහු පැවසීය.

දිවයින පුරා විසිරී සිටින මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 2500ක පමණ සහභාගීත්වයෙන් මෙම වැටලීම් සිදු කරන බවත් අබේකෝන් මහතා කීවේය.

දුම්කොළ සහ මධ්‍යසාර පනත උල්ලංඝණය කිරීමක් සිදු වේ නම් 1948 දරණ දුරකථන අංකයට දන්වන ලෙසත් දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය  මහජනතාවගෙන් ඉල්ලා සිටී.



අදහස් (0)

මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත අද සිට රටපුරා දැඩිව ක්‍රියාත්මක කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 67 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2016 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site