IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


MAC හෝල්ඩිංග්ස් නව සභාපති ෆුමියෝ ඔටානි

MAC හෝල්ඩිස් පෞද්ගලික සමාගමේ නව සභාපතිවරයා වශයෙන් ෆුමියෝ ඔටානි මහතා පත්කළ බව එම සමාගම ප්‍රකාශයට පත් කළේය. ඔන්ඩ්‍රේ ප්‍රනාන්දු මහතා එතෙක් එම ධුරය හෙබවූවේය.

“MAC හෝල්ඩින්ස් පෞද්ගලික ආයතනයේ සභාපති ලෙස පත්වීම මා ලද ගෞරවයක් ලෙස සලකන අතරම ආයතනයේ මීළඟ ඉදිරි පියවර සඳහා සහාය දීමට මා ඉතා කැමැත්තෙන් සිටිනවා” යැයි ෆුමියෝ ඔටානි මහතා පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය.

“MAC සමාගම් සමූහය දැනටමත් විවිධ අංශවලින් ප්‍රමුඛයා වී සිටිනවා. එහෙත් අපිට තව තවත් දියුණු වෙන්න ඉඩකඩ ඇති බව මම විශ්වාස කරනවා. ” ආයතනයේ කළමනාකාරීත්වය සහ අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ අත්වැල් බැඳගෙන, මෙම ආයතනය නව සොයාගැනීම්, නව නිෂ්පාදන සහ නව අංශ වැඩි දියුණු කිරීම ඔස්සේ දියුණුව කරා ගෙන යාමට මම බලාපොරාත්තු වනවා. මෙහිදී විශේෂයෙන්ම බලශක්ති සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍ර වෙත අවධානය යොමුකරමින් නවතම ආයෝජන අවස්ථා අත්හදා බලන්නට බලාපොරොත්තු වෙනවා.”

ජපන් ජාතිකයකු වන ඔටානි මහතා, ටෝකියෝ මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා ඇති අතර, හාවඩ් ව්‍යාපාර පාසල වැනි ඉතා ප්‍රසිද්ධ ආයතනවල කළමනාකරණ වැඩසටහන්වලට සම්බන්ධ වී ඇත. ටොෂිබා කෝපරේෂන් ආයතනයේ ගතකරන ලද සාර්ථක වසර 38 ක දීර්ඝ කාලය මුළුල්ලේ, ඔහු ඉහළ කළමනාකාරීත්වයේ වැදගත් තනතුරු බොහෝමයක් දරා ඇත. ආයතන පද්ධතී යළි නගාසිටුවීම, තාක්ෂණික අනුරූපනයවීම් සේම තාප, ජල සහ පුනර්ජනනීය බලශක්ති, ව්‍යාපාර පද්ධති කෙරෙහි ඔහු විසින් වැඩි අවධානය යොමු කර ඇත.

MAC හෝල්ඩිස්හි කළමනාකාර අධ්‍යක්ෂ ඔන්ඩ්‍රේ ප්‍රනාන්දු මහතා පවසන්නේ, ෆුමියෝ ඔටානි මහතාගේ නායකත්වය පිළිබඳ ඇති දීර්ඝ ඉතිහාසයත්, බහු ජාතික සමාගම් හි සාර්ථක ගමන් මඟ නිසාත්, ඔහු මෙම ආයතනයේ සභාපතිවීමට සෑම අතින්ම සුදුසුයි. ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රධාන බලශක්ති ව්‍යාපෘති දෙකක් වන කුකුලේ ගඟ හා සමනල වැව වැනි දැවැන්ත ජල ව්‍යාපෘතීවලට සම්බන්ධවී තිබෙනවා. ඔහු සතු අන්තර්ජාතික අත්දැකීම් තුළින් බහුජාතික සංස්කෘතිත්, ජපන් ආයෝජකයන් හා විදේශීය ඍජු ආයෝජන අවස්ථා රට තුළට ගෙන ඒමට මෙන්ම පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ ඔහු සතු දැක්ම සහ ක්‍රමෝපාය තුළින් ශ්‍රී ලංකා රජයේ දැක්ම වන රටේ පුනර්ජනනීය බලශක්තිය සියයට 70දක්වා වැඩි කිරීමේ සංකල්පයට සාර්ථකව දායක කරගැනීමට හැකිවනු ඇතැයි මා විශ්වාස කරනවා. ඔහුගේ මෙම නව පත්වීමට සුබපතන අතර, ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ ඉතා සමීපව වැඩ කටයුතු කිරීමෙන් MAC හෝල්ඩිංග්ස් ප්‍රයිවට් ලිමිටඩ් නාමය දියුණුවේ හිනිපෙත්තටම ගෙන යාමට හැකිවනු ඇති.

ඔන්ඩ්‍රේ ප්‍රනාන්දු මහතා



අදහස් (0)

MAC හෝල්ඩිංග්ස් නව සභාපති ෆුමියෝ ඔටානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 59 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 895 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2522 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site