IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


සංචාරක සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්

( තිළිණි ද සිල්වා)

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වූ කිෂු ගෝමස් මහතා ඉන් ඉවත් කර ඒ වෙනුවට එහි නව සභාපතිවරයා වශයෙන් යොහාන් ජයරත්න මහතා පත් කළ බව සංචාරක සංවර්ධන , වනජීවි සහ ක‍්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතා විසින් අද (14) සිට ක‍්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදු කර ඇත.

මෙම පත් කිරීමට අදාළ ලිපිය අමාත්‍ය ජෝන් අමරතුංග මහතා විසින් අද පෙරවරුවේ යොහාන් ජයරත්න මහතා වෙත ලබා දෙන ලදී.

යොහාන් ජයරත්න මහතා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ධූරයට පත් වීම පෙර සංචාරක සංවර්ධන අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂක ලෙසද ,ගුවන්තොටුපල සහ ගුවන්සේවා අධිකාරියේ විධායක අධ්‍යක්ෂකවරයකු ලෙසද කටයුතු කර ඇත.

කෙසේ වෙතත් කිෂු ගෝමස් මහතා පසුගිය පෙබරවාරි මාසයේ සිට කටයුතු කළ සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශයේ සභාපති ධුරයේ තවදුරටත් රැඳී සිටින බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කර සිටී.

පාස්කු ඉරිදා එල්ල වුණු ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයෙන් අනතුරුව සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීමේදී සංචාරක සංවර්ධන අධිකාරිය සහ සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය මුහුණ දී ඇති නව අභියෝග වෙත මුහුණ දීම සඳහා මෙම නව පත් කිරීම සිදුකළ බවද එම  අමාත්‍යාංශ්‍ය කියා සිටී.

ඒ අනුව මේ වසර තුළදී ගෝලීය වෙළෙඳ පොළ තුළ ශ්‍රී ලංකාවේ සංචාරක සන්නාමය ප‍්‍රවර්ධනය කිරීමේ කටයුතු කිෂු ගෝමස් මහතා යටතේ පවතින ප‍්‍රවර්ධන කාර්යාංශය හරහාද, දේශීය සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ කටයුතු ජයරත්න මහතා යටතේ පවතින සංචාරක සංවර්ධන අධිකාරිය යටතේද සිදු කිරීම අරමුණ බව සංචාරක සංවර්ධන,වනජීවි සහ ක‍්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

 



අදහස් (1)

සංචාරක සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්

Perakum Thursday, 16 May 2019 03:27 AM

සංචාරක ව්‍යාපාරය සංවර්ධනය කිරීමට රාජ්‍ය ආයතන කීයක් නම් තියනවද? ඒත් විදෙස් සංචාරකයින්ගේ පැමිණීම බිංදුවට බැහැල. නිකරුනේ අපතේ යන අපේ බදු මුදල්. කව්ද මේවට වග කියන්නේ...?

:       16       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 275 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 407 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 389 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site