( තිළිණි ද සිල්වා )
 
ඉකුත් ජනවාරි මාසයේදී විදෙස් සංචාරකයින් 244,239 දෙලක්ෂ හතළිස් හතර මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අද (11) නිවේදනය කළේය.
 
ඒ අනුව පසුගිය වසරේ ජනවාරි මාසයේ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව හා සැසඳීමේදී එය සියයට 2.2 ක වර්ධනයක් වී ඇතැයිද  එම අධිකාරිය පෙන්වා දේ.
 
2018 වසරේ ජනවාරි මාසයේදී විදෙස් සංචාරකයින් 238,924 දෙනෙකු මෙරටට පැමිණ ඇත.
 
 
පසුගිය මාසයේදී සංචාරකයින් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර මීට අමතරව චීනය ,එක්සත් රාජධානිය යන රටවලින් සංචාරකයින් විශාල වශයෙන් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටී.
 
මේ වසරේදී විදෙස් සංචාරකයින් ලක්ෂ 30 ක්  ඉලක්කයක් සපුරා ලීමට  රජය අපේක්ෂා කරන අතර ඇමෙරිකා ඩොලර් බිලියන 4 ක ආදයමක් සංචාරක ක්ෂේත‍්‍රයෙන් ඉපැයීමට අපේක්ෂා කරයි.