(හර්ෂණ තුෂාර සිල්වා)
ලෝ ප්‍රකට බී.බී.සී. පුවත් සේවය වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන ලොව වඩාත්ම බලපෑම් සහගත සහ පෙළඹවීම් සහගත කාන්තාවන් 100 දෙනා අතරට ශ්‍රී ලංකාවේ නයනා ආශ්චර්යා පීරිස් ජයකොඩි මහත්මිය තේරී පත්ව සිටින්නීය.
ඇය ප්‍රකට මෝස්තර නිර්මාණ ශිල්පිනියකි.
2000 වසරේදී රැකියා කටයුතු අවසන් වී නිවසට යමින් සිටියදී රාජගිරියේදී ත්‍රස්තවාදීන් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකට ගොදුරු වී තුවාල ලැබූ ආශ්චර්යා පීරිස් මහත්මියට පසුව පෙනීම අහිමි විය. එම බෝම්බ ප්‍රහාරයෙන් 46 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. බෝම්බ ප්‍රහාරයට ගොදුරු වෙද්දි ඇය එච්.එස්.බී.සී. බැංකුවේ සේවය කරමින් සිටියාය.
පෙනීම අහිමි වුවත් ජීවිතය අත් නොහළ ආශ්චර්යා පීරිස් මහත්මිය මෝස්තර නිර්මාණ ක්ෂේත්‍රයට පැමිණෙමින් ජාත්‍යන්තර කීර්තියට පත් මෝස්තර නිර්මාණ ශිල්පිනියක් බවට පත්වූවාය. සිය සිහින සැබෑ කරගත් නයනා ආශ්චර්යා පීරිස් ජයකොඩි මහත්මිය මෝස්තර නිර්මාණ ශිල්පිනියක ලෙස සම්මාන රැසක් දිනා ගැනීමට සමත්ව සිටී.
මෝස්තර නිර්මාණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම තරගාවලියක් වන ‘නැගී එන මෝස්තර් නිර්මාණ ශිල්පිනිය’ තරගාවලියේ අවසාන වටයට පිවිසීමට ද ආශ්චර්යා පීරිස් මහත්මිය සමත්වූවාය.
ආශ්චර්යා පීරිස් මහත්මිය මේ වනවිට මෝස්තර නිර්මාණ ක්ෂේත්‍රයට අමතරව විශේෂයෙන්ම තරුණියන් දිරිගැන්වීමේ කටුයතුවල නිරතව සිටින්නීය. තරුණියන්ට සිය සිහින සැබෑ කරගැනීමට උපකාරී වන ආශ්චර්යා පීරිස් මහත්මිය තරුණියන්ට ඔවුන්ගේ වෘත්තීය දිවිය මෙන්ම පෞද්ගලික ජීවිතය සාර්ථක කරගැනීමට උපදෙස් දෙන අතරම ඔවුන් දිරිගැන්වීමේ කටයුතුවලද නිරත වී සිටින්නීය.
COMMENTS
මගේ සුබ පැතුම්. මහත්මියනි, ඔබේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
අප සියලු දෙනාම ශ්‍රීලාංකිකයන් ලෙස සතුටුවියහැකි සහ ආඩම්බර වියහැකි කරුණකි. එතුමියට සුභපැතුම්.
අපේ සුභ පැතුම් මැතිනියනි
ඔබගේ නම අසුනෙත් අදමි. තවත් දිග කායලක් ජීවත් වේවා.
"කළ නොහැක්කක් නොමැත" යන්නට හොඳම ආදර්ශය ඔබතුමියයි. තව තවත් රටට -ජනතාවට සේවය කරමින්, සතුටින් සාමයෙන් දිගු කලක් ජීවත්වන්නට ඔබතුමියට හැකිවේවා යන්න මගේ ප්‍රාර්ථනයයි.
අද වෙනකන් දැනගෙනවත් දැකලවත් තිබුනේ නැහැ .
මා ඔබ ගැන කියවා තිබෙනවා. ඔබට සදා ජය.
විජිත් මයා වෙත, ඇත්තෙන්ම ඔබගේ අදහස් නිවැරදිය. මෙතුමිය පිළිබඳව හා මෙතුමිය සහභාගී වූ වැඩසටහන් අප විසින් නරඹා ඇත. ඒ සෑම අවස්ථාවකම අප දුටුවේ මෙතුමිය ඇතුලේ සිටින ඒ අභීත, දිරිය ලාංකික කාන්තාව බවයි. මෙතුමියගේ ඒ ප්‍රබල ගතිගුණ කාන්තාවන්ට පමණක් නොව පිරිමින් වන අපටද ආදර්ශයකි. සෑම දෙයම දියව් දියව් කියන නිවට හිඟන්නන්ටද මැයගේ ඇතුළත සිටින ඒ අභීත, ප්‍රතාපවත්, දිරිය කාන්තාව දැනගැනුමට හැකිවේවා..!!! ඔබතුමියට අප හදවතින්ම සුබ පතන්නෙමු..!! ඔබතුමියගේ සියලු අනාගත කටයුතු සාර්ථක වේවා..!!!
'මෙතුමිය සහභාගි වූ වැඩසටහන් අප විසින් නරඹා ඇත'. කියන්නකෝ කොහෙද කියලා අපිත් ආසයි නරඹන්න යූ ටියුබ්ද..?
අපේ සුබපතුම්! ඔබවැනි දහිරිය සම්පන්න ගැහැනියකට !
මනස ශක්තිමත් කර ගත් ඔබට තෙරුවන් සරණයි.